Monday, February 15, 2021

The Watcher -Short Story

 

මුරකරුවා

බටහිර අහස සිතිජයට ආසන්නව තවමත් ලා රත් පැහැයෙන් පෙනේ. වැව් බැම්ම මත සිටගත් මුරකරුවා අවට සිසාරා බැලීය. සැඳෑකාලයේ ඇවිදීමට ආ සියලුම ජනයා නැවත නිවෙස් බලා ගොසින්ය. වැව් බැම්මේ උතුරු කොනේ වාඩිවී, වතුරට කකුල් දමාගෙන බිලී පිත්ත ගස්සමින් සිටින මාළුබාන්නා හැර පෙනෙන තෙක් මානයේ කිසිවෙක් නැත. ඔහු ගැන කරදරවීමට අවශ්‍ය නැත. මාළු අල්ලාගන්නා බලාපොරොත්තුවෙන්  මැදියම් රැය වනතුරු ඔහු එතැනම සිටිනු ඇත.

ප්‍රාදේශීය ආදයම් දෙපාර්තමේන්තු කාර්යාලයේ නමයේ කණිසම වැදෙනවා ඔහුට ඇසුනි. අයාලේ යන හරකුන් කම්බි වැටෙන් රිංගා වැව් බැම්මට නැගනැති බව ඔහු සැකහැර දැනගත්තේය. ඔහු ගෙදර යාමට හැරුනා පමනි. යාර සියයක් පමන උුරින් අපැහැදිලි රුවක් ගල්පේලි බසිමින් වතුර අසලටම යනබව ඔහුට පෙනුනි. අවතාරයක්ද ඔහුට ක්‍ෂණිකව සිතුනි. ඒ අදහස බැහැරකළ ඔහු අපැහැදිළි රුව අසලට ගමන් කලේය. මේ මහරැ තනියම කවුරුහරි නාන්න ආවද? ගල් පඩි පෙල මුඋුනේ සිට බැලූවිට ඒ කාන්තාවක් බව ඔහුට වැටහුනි. පඩිපෙලේ අන්තිම පඩියේ නැවතුනු ඇය එම පඩිය මත යමක් තැබුවාය. එය ලියුමක් විය හැක. ඉන්පසු වතුරට බැසගත් ඇය දනක් දක්වා ගිලෙන තුරු ඇවිද ගොස් අහසට දෑත් ඔසවා යාඥා කරන්නට විය. එය ඉතා පැහැදිලි සංඥාවකි. පොලීසිය විසින් සොයාබලන, ප්‍රශ්ණකල හැකි, කටකතා පැතිරිය හැකි, වැව සම්බන්ධව ඉතාමත් නරක ප්‍රතිරූපයක් ඇතිවන බිහිසුනු අවසානයක් සහිත සංඥාවකි.

 

“”ගොඩට එන්න. වැවෙන් ගොඩට එන්න.ඔහු කෑගැසුවේය. ඇය වතුරේ සිට බලා සිටියාය.

ඔතන ඉඳගෙන ඔය විදියට බලාගෙන ඉන්න එපා. සීතල හැදෙයි. කවුරුවුනත් කමක් නැහැ ගොඩට එන්න. ඔහු පඩිපෙල බැස ලියුම අහුලා ගත්තේය. තමා ලඟ තිබූ ලැන්තෑරුම දැල්වූ ඔහු එහි එලිය වැඩි කලේ. එය ඉහලට ඔසවා කොඳුරන්නට විය.

“’මම මේවට කැමති නෑ. ඇයි හැම දෙනාම මේ වැවටම පනින්න එන්නෙ? ‘

මැරෙන්න ඕනනම් කේාච්චියට පනින්න. ඔහු කීවේය.

ලැන්තෑරුම් එලිය ඇයගේ මුහුණට වැටුනි. ඇය ලාබාල තරුණියකි. ඇගේ මුහුණ කඳුලින් තෙමී ඇත. ඔහුට එක්වරම අනුකම්පාවක් ඇතිවිය.

වාඩි වෙන්න. කලබල වෙන්න එපා. ඔතන වාඩි වෙන්න. නෑ නෑ ඔතන එපා ගල් පේලි දෙකක් උඩට නැගලම වාඩිවෙන්න. වතුර කිට්ටුව වාඩි වෙන්න එපා. ඔහු පැවසීය. ඇය කීකරු වූවාය. ඇය හා වතුර අතර වූ අවසාන ගල්පඩියෙ වාඩිවූ ඔහු ලන්තෑරුම ගල මත තැබීය. උුම්කොල කෑල්ලක් ගෙන කටට දමා ගත්තේය. බිමට බරවූ මුහුණ දැතින් වසාගත් ඇය ඉකිගසන්නට විය. 

ඇයි නැගිටල ගෙදර යන්නෙ නැත්තෙ නෝනා.අපහසු තාවයට පත්වූ ඔහු පැවසුවේය.

මේ ලෝකෙ මට ගෙයක් නෑ.ඉකි බිඳුම අතරින්ම ඇය පැවසුවාය.

මට ඕව කියන්න එපා. මේ තරම් කාලයක් ගෙයක් නැතුව නොවෙයිනෙ ඔබ හැඋුනෙ වැඩුනෙ. මුරකරු පැවසීය.

මට අවුරුÿ පහෙදි අම්ම නැතිවුනා.

මම හිතුවා.මුරකරු පැවසීය. තාත්තා නැවත කසාද බැන්ද නිසා ඔබ හැඋුනෙ වැඩුනෙ කුඩම්ම යටතෙ. ඔහු වැඩි උුරටත් පැවසීය.

ඔව් ඔව් කොහොමද ඔබ දැන ගත්තෙඇය ඇසුවාය.

මට දැන් අවුරුඋු හැට පහක්. කුඩම්මා ඔබට කරදර කලාද? ”

නැහැ එතනදි ඔබ හිතුවහැටි වැරදියි. ඇය මට හරිම කරුණාවන්තයි. අවුරුඋු කිහිපයකට කලින් තාත්තා මැරුන දවසෙ ඉඳල ඇය මාව හොඳින් රැකබලාගත්තා. තාත්තා ඉතිරිකරල ගියේ ඉතා සුලුමුදලක්. එ් ටිකත් ඇය අප වෙනුවෙන් වියදම් කළා.

මුරකරු අහසේ තරු දෙස බැලීය.  රැ කෑම මග හැරීම මතක්වීමෙන් ඔහු හූල්ලන්නට විය. දැන් හොඳටම රැ වෙලා. ගෙදර යන්න නෝනා.

මම කිව්වනෙ මට ගෙදරක් නෑ කියල. ඇය කේන්තියෙන් පැවසුවාය.

ඔබ කියන විදියට ඔබේ කුඩම්මගෙ ගෙදර ඔබට කිසිම කරදරයක් නෑ. කුඩම්ම ඔබට හොඳට සලකනවා.

එ්ත් ඇයි මම එයාට කරදරයක් වෙන්නෙ. මම එයාගෙ කවුද? ”

ඔබ ඇගෙ ස්වාමිපුරුෂයගෙ උුව. මුරකරු පැවසීය.   සම්බන්ධය හොඳටම ඇති.

නෑ නෑ මට ඕන නෑ කාගෙවත් ලඟ පිනට ජීවත් වෙන්න.

එහෙනම් ඒ අය ඔබට ස්වාමිපුරුෂයෙක් හොයල දෙනතුරු බලාඉන්න වෙයි”.

ඇය අඳුරේම ඔහු දෙස රවා බැලීය. එ්ක තමයි මම කරන්න කැමති නැත්තෙ. මට ඕන ඉගෙනගන්න. දොස්තර කෙනෙක් වෙන්න. මමම හම්බකරල ජීවත්වෙන්න. මට කසාද බඳින්න අවශ්‍ය නෑ.

මට නිතරම ඇහෙනවා මගෙ අනාගතය ගැන, මගෙ විවාහය ගැන, ඈත පලාතක ජීවත්වෙන එයාගෙ වැඩිමහල් පුතා සමග කුඩම්මා උුක්වෙමින්කතාකරනවා. මාව දිගටම ඉස්කෝලෙ යවන්න වියදම් කරන්න ඔවුන්ට අමාරුයි දැන්. මාසෙකට රුපියල් විස්සක් අවශ්‍යයි ඉස්කොලෙ වැඩවලට.

රුපියල් විස්සක්.මුරකරුට කියවුනේය. එය ඔහුගෙ මාසෙ පඩියට සමානය.

කොහොමද කෙනෙක් එච්චර ලොකු ගානක් ඉගෙනගන්න වියදම් කරන්නෙ

අද වෙනතුරු කළා.ඇය කීවාය.

මම බලාගෙන හිටිය මට ශිෂ්‍යත්වයක් ලැබෙයි කියල. එහෙම වුනානම් කිසි ප්‍රශ්ණයක් නෑ. ශිෂ්‍යත්ව ලැබුන අයගෙ නම්  අද හවස කිව්වා. අනිත් අයට ලැබුනා. මට නෑ. මගේ නම තිබුනෙ නෑ.ඇය නැවතත් හඬා වැටුනාය. මුරකරු ඇය දෙස පුඋුමයෙන් බැලීය. මේ සියලු සිද්ධීන්ගෙන් ඔහුට වැටහුනේ ඉතා ස්වල්පයකි.

මේ සිද්ධිය දැනගත්තම ඔවුන් මගේ විවාහය කරන්න හදයි. හෙට මාව බලන්න එක්කෙනෙක් එනවලු. ඇය තවඋුරටත් කීවාය.

එයාව බඳින්න. දෙවියන්ගෙ පිහිටෙන් ඔබට ලමයි දහයක්වත් ලැබේවි.

එපා එපා.ඇය අසිහියෙන් මෙන් කෑ ගැසුවාය. මට කසාද බඳින්න ඕන නෑ. මට ඕන ඉගෙන ගන්න.

ඇගේ ඉකිබිඳීමත්, නිශාචර කුරුල්ලන් වතු‌රෙ නගන සර සර හඬත්, දියරැලි ඉවුරෙ වදින හඬත් නිසා රැයේ නිහඬ බව බිඳී ගියේය. ඇගෙ වේදනාව උුටු ඔහුට ඔහුගේ ජීවිතයේ උුක්මුසු අවස්තාවන් මතක් විය.  බොහො කාලයකට පෙර ගමේ තිබූ කුඩා ගෙදරදී ඔහුගෙ තාත්තා, අම්මා සහ සහොදරයන් කොලරා වසංගතය නිසා එකම දවසෙදී මියගිය අයුරු ඔහුට මතක්විය. බේරුනේ ඔහු පමනි. පියාගේ නෑදෑයන් විසින් රැවටීම් සහ වංචාවන් මගින් පරම්පරාවෙන් උරුමවූ නිවසින් තමන් එලවා දැමූ හැටි ඔහුට සිහිවිය. ඔහු අඟහිඟකමින් සහ ඉවසාගත නොහැකි බඩගින්නෙන් පීඩා විඳිමින් අනාථයකුසේ ඉබාගාතේ ගමන්කළ හැටි සිහිවිය.

හැම දෙනෙකුටම තමන්ට උරුමවූ කාලකණ්ණි අවාසනාවන්තකම් තියෙනවා.ඔහු කීවේය.

මිනිස්සු එ් හැම එකකටම මැරෙන්න හැඋුවොත් ඔවුන්ට කීපාරක් ගිලිල මැරෙන්න වෙයිද කියල මම දන්නෙ නෑ.ඔහුට තවත් සිද්ධීන් මතක්වූ අතර උුක වේදනාව නිසා කටහඬ වෙවුලන්නට විය.

”“ඔබ තරුණයි. ඔබ හරියට දන්නෙ නෑ උුක වේදනාව මොකක්ද කියල. ටික වේලාවක් නිහඬව සිටි ඔහු කථාකිරීමට පටන්ගත්විට  දෙනෙත කඳුලින් තෙත්විය.

මම ලෝකෙ ඉන්න සියලුම දෙවියන්ට බාරවුනා, කන්නලව් කලා මට පුතෙක් ලබා දෙන්න කියල.  මගෙ බිරිඳ මට ලමයින් අටක් ලබා උුන්න. එක උුවයි දැනට ජීවත්වෙන්නෙ. අනෙක් කවුරුවත් වයස එකොලහ වෙනකන් හිටියෙ නෑ.තරුණිය ඔහුදෙස සිහිවිකල්ලෙන්  මෙන්බැලීය.

කන්තෝරුවේ මණිය නැවත වැඋුනි.

හොඳටම රෑ වෙලා. ඔබ දැන් නැගිටල ගෙදර යන එක තමයි හොඳ.ඔහු කීවේය.

මට ගෙදරක්නෑ.ඇය කීවාය.

ඔහුට කේන්ති ගියේය. ඔබ හැම දේටම නෑ බෑ කියනවා. මුරණ්ඩු වෙන්න එපා.

මට තියෙන කරදර ඔබ දන්නනෙ නෑ.ඇය කීවාය.

ලැන්තෑරුම සහ තම යෂ්ටිය ගෙන ඔහු නැගී සිටියේය. ඔහු අහුලාගත් ඇගෙ ලියුම තිබුන තැනටම දැමීය.

ඔබ ඔය විදියට හොඳටම මුරණ්ඩු වෙනවනම් ඔබව තනියම මෙතන තියල මම යනව යන්න. කිසිකෙනෙකුට  මට දොස් කියන්න බෑ.

ඔහු ටික වේලාවක් නිහඬවිය. ඇය දෙස බැලීය. ඉන්පසු පඩිපෙළ නගින්නට විය. ඔවුන් අතර කිසිිම කතාබහක් ඇති නොවීය.

 

පසුදින උදයේ වැඩට පැමිණි වහාම ඔහු හනිහනිකට ගල්පඩිපෙල බසින්නට විය. පෙරදින රැයේ ඔහු තැබූ තැනම ලියුම තිබුනි.  ඔහු තනිකර දමාගිය තරුණියගෙ ඉරණම පිළිබඳව යමක් දැනගැනිමට හැකිවේයැයි වූ අසරණ බලාපොරොත්තුවකින් යුතුව ලියුම අහුලාගත් ඔහු එය බලන්නට විය. ඉන්පසු ලියුම කෑලිකෑලිවලට ඉරා වතුරට විසි කර වතුරේ පාවෙන කොලකෑලි දෙස බැලූ ඔහු, පෙරදින රැයේ ඇයව  තනිකර දමා යෑම පිළිබඳව තමාටම චෝදනාකරගත්තේය. මේ වැවේ සිඋුවුන එක සියදිවිහානිකරගැනීමකට හරි මම වගකියන්න ඕන. ඔහු නිතරම ඔහුටම කියාගත්තේය. ඉන්පසු කිසිම දිනක වැව දෙස සන්සුන් හිතකින් බැලීමට ඔහුට නොහැකිවිය. මිනිය හදිසියෙම මතුවෙන්න බැරිකමක් නැතැයි මාස ගනනනාවකට පසුත් ඔහු අනුමාන කලේය. කවුද දන්නෙ මිනිය සමහර වෙලාවට වැව් පතුලෙ හිරවෙලා තියෙනවනෙ. ඔහුට හිතුනි.

අවුරුඋු ගනනනාවකට පසු එක් සැඳෑවක, වැඩ ඉවරවී ගෙදරයාමට පෙර වැව් බැම්ම මත සිට සුපුරුඋු ලෙස අවට සිසාර බලන මුරකරුට වැව පාමුල පාරේ කාර්එකක් පෙනුනි. පිරිමියෙක්, කාන්තාවක් සහ ලමයි තිදෙනෙක් කාරයෙන් බැස වැව් බැම්මට නැග්ගේය. ඔවුන් ලඟට එනවිට මුරකරුට පොඩි චකිතයක් දැනෙන්නට විය. ගැහැණියගෙ රුව සහ මුහුණ හොඳට දැක පුරුඋුය. වසර ගනනනාවක කාලය, ඇගෙ ඇඳුම සහ ඇය පැලඳි ආභරණ  විසින්  රුව වෙනස්කර තිබුනද, එදා  ලැන්තෑරුම් එලියෙන් උුටු මුහුණ ඔහුට හඳුනාගන්නට හැකිවූ බව ඔහුට සිතුනි. මේ හඳුනාගැනීම ඔහුට එසැණින් සතුටක් දැනවීය. ඇසීමට ප්‍රශ්ණ ගනනාවක් ඔහුට තිබුනි. ඔහු දෑත්එක්කර ගරුසරු ඇතිව ඇයට ආචාර කළේය. ඇය නැවතී ඔහුට කතාකරනු ඇතැයි ඔහු සිතුවේය. එහෙත් ඇය ඔහු දෙස නොහඳුනන බැල්මක් හෙලා ඔහු පසුකර ගියාය. ඔහු පසුකර යන ඇය දෙස ඔහු ඕනෑකමින් ටිකවේලාවක් බලා සිටියේය.

සමහර විට වෙන කවුරුහරි වෙන්න ඇති.   තමන්ටම කොඳුරාගත් ඔහු මෙතෙක් කලක් තම හිතේ කිඳාබැස තිබූ සම්පූර්ණ කතාවම හිතෙන් ඉවත්කර ගෙදර යාමට පිටත්විය.

 

 

 

ආර්. කේ  නාරායන්ගේ The Watcher  කෙටිකතාවේ පරිවර්තනයකි.

 

පරිවර්තනය  ආචාර්ය  ජගත් රූපසිංහ

 

1 comment:

  1. ඒ කාලයේ රූපවාහිනියේ දකින්නට ලැබුණු මල්ගුඩි දවස කථා මාලාව ආර් කේ නාරායන් අපට සමීප කල බව මතකයි . ජගත් පරිවර්තනය කල මේ කථාවත් ඔහුගේ මල්ගුඩි කථා වගේම හිත් ගත්තේ ජගත් එය කදිමට අපට සමීප කල නිසයි . ඉඩ තියෙන විදිහට මේ වගේ කතා සහ කවි පරිවර්තන බ්ලොග් එකට එකතු කරාවි කියල හිතනවා

    ReplyDelete