Wednesday, June 26, 2024

 

ආවරණය

හදිසියෙම මහ වැස්ස කඩාහැලුණි. ඔහුට දුවයන්නට තිබූ එකම ආවරණය වූ පාර අද්දර තිබූ, අතුපතර විහිදා ප්‍රදෙශයම වසා ගෙන වැඩුන මහා නුග රුක පමණි. නුග රුකට ආවරණයවී, සන්සුන් මනසින් යුතුව, ධාරාණිපාත වැස්ස දෙස ඔහු බලාසිටියේය. අඩුවැඩිවන වැස්සේ බිඳෙන වැහිබිඳුවල  ශබ්දයත් සමග විසිරෙන හිරිකඩ ඉඳහිට ඔහු දෙසටත් විසිවිය. දඩාවතේ යන බල්ලෙක් දුවගියේය. මීහරක් බානක් පාර අද්දර වැටී තිබූ කෙහෙල් කොලයක් කාදමයි. ඔහු සියල්ල දෙස ඕනෑඑපාවට මෙන් අලසව බලා සිටියේය.  විශාල නුගරුකේ අනිත් පැත්තට වන්නට තවත් අයෙකු සිටින බව ඔහුට එක්වරම දැනුනි. සිහින් මල් සුවඳක් ඔහු දෙසට හමා ආවේය. සිය කුතුහලය මැඩගත නොහැකිවූ ඔහු හෙමින් හෙමින් නුග ගහ වටේ  ඇවිදින්නට විය. එක්වරම  මුහුණට මුහුණලා ඇය මුනගැසුනි. “ඕහ් ..... ඔහුට එක්වරම  කියවුනි. එය ඔහුගේ ක්‍ෂණික  ප්‍රතිචාරය විය. ඔහු පුදුමයට පත්විය. කිසිවක් සිතාගත නොහැකි  විය. එය අනපෙක්‍ෂිත හමුවීමක්බව ඔහු‍ගේ මුහුණෙන් දිස්වුනි. ගැහැණියටද යටි ගිරියෙන් කෑගැසුනමුත් ඇය හඬ පිටතට නොයවා මැඩ පවත්වා ගත්තාය.

 

“කලබලවෙන්න බයවෙන්න එපා. මම යන්නම්.” සිහිඑලවා ගත් තත්වයට පත්වූ ඔහු පැවසීය. අවqරුදු ගනනාවක් නොදැක සsට මqනගැසqන සsබිරිද ට එසේ පැවසීම මෝඩ ක්‍රියාවක් සේ දැනුන   ඔහු තමාකලින් සිටි ස්ථානයට ගියේය.

 

මොකද මෙතන කරන්නෙ. මෙතනට ආවෙ කොහොමද.  නැවතත් ඇය අසලට ආ ඔහු ඇසීය.

ඇය ඔහුට පිළිතුරු නොදෙනු ඇතැයි ඔහු බියවිය.

වැස්ස ඇය පැවසුවාය.

ඕහ්. .. . එය විහිළුවක්සේ සිතීමට උත්සාහකළ ඔහු ඇයව සතුටු කිරීමට හඩනගා සිනාසෙන්නට විය.

වැස්ස නිසා තමයි මමත් මෙතනට ආවෙ.  ඔහු මෝඩයකු සේ පැවසීය. ඇය පිළිතුරක් නොදුන්නාය. කාලගුණය සහ වැස්ස කතාවට කදිම මාතෘකාවක් නිසා ඔහු එහිම එල්ලීගෙන හිතපු නැති වැස්සක් යැයි පැවසීය. ඔහුගේ  කතාවට  ප්‍රතිචාරයක් නොදැක්වු ඇය ඉවත බලා ගත්තාය. ඔහු තවදුරටත් කතාව ඇදගෙන යාමට උත්සාහ කළේය.

අද වහිනබව යන්තම්හරි දැනගෙනහිටියනම් මට ගෙදරට වෙලා ඉන්න තිබුන. එහෙම නැත්නම් කුඩයක් අරගෙන එන්න තිබුන.

ඇය ඔහුගේ කතාව ගැන කිසිම තැකීමක් නොකළාය. සමහරවිට ඇගේ කන් ඇහීම අඩුවෙලාද දන්නෙ නැහැ. ඔයාගෙ කන්වල දෝශයක් තියෙනවද. ඔහුට එසේ ඇසීමට සිතුනමුත් ඇය අපහසුතාවයට කේන්තියට පත්වේයැයි බියවිය.

හිත අවුල්වූ වියරු වු විට ඇයට කළනොහැකි දෙයක් නැත. අඩදබර ඇතිවූ ඒ අවසන් රැය වනතුරු ඇගේ මෙම හැකියාව පිළිබිව ඔහුට නොදැනුනි. අවරුඋු ගනනාවක ඔවුන්ගේ විවාහ ජීවිතය හැලහැප්පීම් සහ අඩදබර මැද ගෙවුනි. මේ ඉරහද යට පවතින සිඋුවන සියලු දේ පිළිබද ඔවුනගේ අදහස් පරස්පර විය.සෑම ප්‍රශ්ණයක්ම අවසන්වුයේ විසිදිය නොහැකි වු විශාල ගැටළුවකිනි. ඇතිවු ප්‍රශ්ණ කිසිවක් මගහැරිය හැකි සුළුවට තැකිය හැකි එ්වා නොවීය.  සවන්දිය යුත්තේ ලංකා ගුවන් විදුලි සේවයටද සමස්ථ ඉන්දීය ගුවන් විදුලි සේවයටද, නැරඹිය යුත්තේ ඉංග්‍රීසි චිත්‍රපටයක්ද දෙමල චිත්‍රපටයක්ද, සමන්පිච්ච මලේ සුද වැඩිද නැද්ද, රෝසමල සුන්දරද නැද්ද යනාදී ලෙස ඕනෑම දෙයක් ඔවුනට ප්‍රශ්ණයක් විය. හැම දෙයක්ම ලොකු විවාදයක් දක්වා දිග්ගැසී ඔවුනොවුන් අතර අසමගිය ඇතිකළේය.  දින ගනනාවක් යනතුරු කතානොකර ඉන්නා ඔවුන් නැවතත් යාළුවේ. එලෙස නැවත මිතුරුවන අවස්ථාවකදී ආදරය සහ මිතුදම පිළිබද රසවත් පොරොන්දු වැකි ලියූ ලේඛණයක් සකසා පුදපූජාවතාවත් කරන කාමරයේ දෙවියන් ඉදිරියේදී එහි අත්සන් තබා අඩදබර නොවන බවට පොරොන්දු වෙයි. දෙවියන් ඉදිරියේ පොරොන්දු වීම නිසා ඉදිරියේදි  ඔවුනට කිසිදු ආකාරයක ප්‍රශ්ණයක් ඇතිනොවනබවටත් දැනට පවතින සියලූම අඩදබර වල අවසානයක් ඇතිවනබවටත් දැඩි විශ්වාසයක් ඔවුන්තුල විය. නමුත් එයට වැඩි ආයුෂ නොවීය. පැය විසිහතරක් ගෙවීයාමටත් පලමුව කැඩුනු පොරොන්දුව වූයේ මින්පසු අප අතර රණ්ඩුසරුවල් නැත යන ඔවුන් අත්සන් කළ ලියවිල්ලේ වූ පළමු වැකියයි.  අනෙකුත් සියලුම පොරොන්දුවලින්ද කිසිදෙයක් ඉටුවූයේ නැත. ගෙදර වියදම්, කෑම පිළිබිද විවේචන, අයවැය පිළිබද සාකච්ඡා, නැන්දම්මා මාමණ්ඩි නෑනලා මස්සිනාල ගැන කතාබහ ආදී විවධ කරුණු පිළිබද පොරොන්දු බිදවැටුනි.

 

වැස්සට අසqව ඇය දැන් තනsව සිටීම ගැන ඔහqට සතුටක් ඇතsවිය.   ඇයව එලියට දමා ගෙයි දොර වැසූ එ් රාත්‍රියෙන් පසු ඇය ගැන කිසිම ආරංචියක් ඔහුට නොලැබුනි. එය ඉතා දිගු කාලයක් සේ ඔහුට දැනුනි. සුපුරුදු ලෙසම කෑම පිලිබදව එම අන්තිම දිනයේ ඔවුන් අතර බහින්බස්වීම ඇතිවුනි. ඇය ගෙදරින් පිටවයනබවට තර් ඡනය කළවිට එහෙනම් යනලෙස පවසා ඔහු දොර ඇරීය. මහ රෑ ගනඅඳුරෙම ඇය ගෙදරින් පිටවිය. ඇය නැවත එතැයි  ඔහු දිගුකලක් දොර අගුලු නොදමා තැබූමුත් ඇය ආපසු නොආවාය.

 

ඔයාව ආයෙ මුනගැහෙයි දකියි කියල මම හිතුවෙ නෑ. ඔහු පැවසුවේය.

මම ගිහින් ගගට පනී, පන නහ ගනී කියල හිතුවද? ඇය පිළිතිරු දුන්නාය.

ඔව් මම බයවුනා එහෙම දෙයක් වෙයි කියල. 

අහල පහල ලිංවල, පොකුණූවල මාව හොයල බැලුවද ?.

එහෙම නැත්නම් ගගේ ඇලේ. ඔහුද යමක් එකතු කළේය.  ඇත්තටම මම එහෙම සෙව්වෙ නෑ.

ඔබට එ්වගේ අවශ්‍යතාවක් කැක්කුමක් තිබුනනම් තමයි පුදුමෙ.  ඇය කීවාය.

කොහොමහරි ඔයා ගගේ පැන්නෙ නැහැ. මම ඔයාව හෙව්වෙ නැහැයි කියල කියන්නෙ කොහොමද?  ඔහු බැගෑපත්හඩින් කීවේය.

ඔයාට හිතක් පපුවක් නැහැයි කියන එක එ්කෙන්ම තේරෙනවා. ඇය කේන්තියෙන් පැවසුවාය.

ඔයා හරිම අසාධාරණයි ඔහු කීවේය.

අනේ දෙවsයනේ. මට චරsත සහතsක දෙන්නත් පටන්අරගෙනද එ් පාර. මගේ කරුමෙටම තමයs වැස්ස පටන්අරන් මට මේ ගහයටටම  එන්න වqනේ. ඇය කීවාය.

මට හිතෙන්න වැස්ස ආශිර් වාදයක්. අපි දෙන්නව නැවත මුනගැහුනා. මෙච්චර කාලයක් ඔයා මොනවද කළේ කියල මට දැනගන්න පුලුවන්ද.

මම උත්තර දෙන්න ඕනද එ්කට.  ඇය කීවාය.  කතාකළ විලාශය අනුව ඇයතුල තමා ගැන යම් හැගීමක් ඇතිබව හැගුනෙන්  ඔහුට සතුටක් ඇතිවිය. ආපසු ඔහු ලගට එන ලෙස ඇගේ හිත හැදීමට පුලුවන්ද. නැවත එන ලෙස කීමට දිව නැමුනමුත් ඔහු කියන්නට ආ දෙය ගිලගත්තේය.

මට වෙච්චදේ ගැන ඔයාට ගානක්නැද්ද? මගේ පැත්තෙන් කතාව අහන්න ඔයාට ඕනකමක් නැද්ද? පහුගිය මාසවල මම මොනවද කලේ කියල දැනගන්න කැමති නැද්ද? ඔහු ඇසුවේය.

පිළතුරු නොදුන් ඇය තවතවත් දරුණqවන Odරාණsපාත වැස්ස දෙස බලා සsටියාය.

සුලං හමන දිසාව හදිසියේම වෙනස්වීමත් සමගම විසිවුන වැහිවතුර ඇගේ මුහුණ පුරා විසිරුණි. එය ඔහුගේ ලේන්සුව ඇයට දීමට ලැබුන අවස්තාවක් කරගැනීමට සිතු ඔහු ඇය වෙතට ලන්විය.

මාගැන කරදර වෙන්න එපා. මදක් ඉවතට ගිය ඇය කෑගැසුවාය.

නුග ගසේ අත්තකින් බේරුන වතුර බිඳු කිහිපයක් ඇගේ හිසට වැටුනි.

ඔයා තෙමෙනවා. ඔයා කිසිම තේරුමක් නැතුව  තෙතබරි වෙනව. මෙතනට එන්න. මෙතන තෙමෙනව අඩුයි. මම එහා පැත්තට යන්නම්. ඔහු ඇය දෙසට ඇගිල්ල දිගුකර කලබලයෙන් සහ නොඉවසිල්ලෙන්  පැවසීය. ඇය ගැන ඔහු දක්වන මෙම උනන්දුව නිසා ඇගේ සිත වෙනස්වනු ඇතැයි ඔහු සිතීය.

ඔයා මාගැන කරදර වෙන්න අවශ්‍ය නැහැයි පැවසු ඇය පෙනකැටි විසුරුවමින්  පාරට ඇදහැලෙන මහවැස්ස දෙසම නොසැලී බලාසිටියාය.

මම  ගිහින් ටැක්සියක් හරි කුඩයක් හරි අරගෙන එන්නද?  ඔහු ඇසීය.

ඔහු දෙස යන්තමින් බැලූ ඇය ඉවත බලා ගත්තාය. ඔහු දිගටම ඇයට කතා කළේය.

මම ඔයාගෙ සෙල්ලම් බඩුවක් කියල හිතුවද? ඇය ඇසුවාය.

ඇයි සෙල්ලම් බඩු ගැන කතාකරන්නෙ. මම එහෙම දෙයක් කිව්වෙ නැහැනෙ.

ඕන වෙලාවට ලගට ගන්නයි එපා වුනාම එලියට විසිකරන්නයි පුලුවන් කියලද ඔයා හිතන්නෙ. සෙල්ලම් බඩුවලට විතරයි එහෙම සලකන්නෙ. ඇය කීවාය.

මම ඔයාට යන්න කියල කවදාවත් කිව්වෙ නෑ.

ඔයා කියන කිසිම දෙයක් මට ආයෙ අහන්න අවශ්‍ය නෑ.  ඇය කීවාය.

මම එ් ගැන කොයිරම් කණගාටු වෙනවද කියල කියන්න වචන නෑ ඔහු කීවේය.

වෙන්න පුලුවන්.එ් වුනට එ්ක ගිහින් වෙන කාටහරි කියන්න.   

එ්වගේ දෙයක් කියන්න මට වෙන කවිරුවත් ඇත්තෙ නෑ.  ඔහු නැවතත් කීවේය.

ඒක ඔයාගෙ ප්‍රශ්ණයක්. එහෙම නේද. මට එ්ගැන කිසිම ගානක් නෑ. ඇය කීවාය.

ඔයාට හිතක් පපුවක් නැද්ද. ඔහු ආයාචනය කළේය.

මම කිව්වනෙ සමාවෙන්න කියල. මාව විශ්වාස කරන්න. මම දැන් වෙනස් මිනිහෙක්. ඔහු කියාගෙන ගියේය.

මමත් වෙනස්. මම ඉස්සර හිටිය කෙනා නොවෙයි. මම දැන් අනුන්ගෙන් කිසිදෙයක් බලාපොරොත්තුවෙන්නෙවත්, අනුන්මත යැපෙන්නෙවත් නෑ. මම දැන් කිසිදෙයකින් සැලෙන්නෙ නෑ. ඇය කීවාය.

ඔයා දැන් කරන්නෙ මොනවද කියල කියන්න පුලුවන්ද.  ඔහු නැවතත් ආයාචනය කළේය.  ඇය හිස වැනුවාය.

කිහිපදෙනෙක් කිව්ව ඔයා දැන් පහත්කුලවල අයකරන රැකියාවල් කරනව කියල. බලන්න මම ඔයා ගැන සෙවිල්ලෙන් හිටිය කියල තේරෙනවනෙ.  

ඇය කිසිවක් නොකීවාය.

ඔයා දිගටම ජීවත්වුනේ මේ කිට්ටුවද නැත්නම්....එය ඇය ජීවත්වන ප්‍රදේශය දැනගැනීමට කළ උත්සාහයක් විය.

වැස්ස දෙස බැලූ ඇය ඉන්පසු ඔහු දෙස හැරී නොරිස්සුම් බැල්මක් හෙලුවාය.

හරි හරි මම කිව්වෙ නැහැනෙ වහින්න කියල. එ් වුනාට දැන් අපි දෙන්නටම එකතුවෙලා වැස්සට මුහුණ දෙන්න වෙලා. ඔහු කීවේය.

එහෙම අවශ්‍ය නෑ. කිසිමදේකට දැන් මාව නවත්තන්න බෑ. එසේ කී ඇය පාරට පැන මහවැස්සේම දුවන්නට විය.

නවතින්න. යන්නඑපා. මම පොරොන්දුවෙනව ආයෙ කතාකරන්නෙ නෑ කියල. ආපහු එන්න. තෙමෙන්න එපා. ඔහු බැගෑපත්විය.

ඇය වැහිබිඳු අතරේ නොපෙනී ගියාය.

 

ඉන්දියානු ලේඛක ආර්. කේ. නාරායන් ගේ The Shelter කෙටිකතාවේ පරිවර් තනයකි.

No comments:

Post a Comment