Showing posts with label කවි නිසඳැස්. Show all posts
Showing posts with label කවි නිසඳැස්. Show all posts

Tuesday, April 22, 2025

 

හිම කැට වැටෙනා

සීතල යාමේ

ගතට තුරුලුවී

නිදනා ඔබගේ

සෙනෙහස හමුවේ

සීතල නොදැනේ‍

ආදර හැගුමෙන්

හිත උණුසුම් වේ

 


නීල ගුවන් ගැබ

නිල්වන් දිය රල

හමනා මදනල

සොදුරුය දියදම

මා ආ මාවත

එලිය කරන්නට

මට මග පෙන්වු

පහන් ටැඹයි නුඹ

නුඹ පෙනෙනා ඉම

නැවතී නිසලව

නුඹ දෙස බලමින්

ගිමන් හරිමි මම

මතුයම් දවසක

සෙනෙහෙ ලබන්නට

පහන් ටැඹේ

ආලෝකය වන්නට

Monday, March 25, 2024

 ආදරිය

ඔමරි හිනාවට ආලෙ බඳිනවා

ලස්සන නුඹ ලඟ හිත නවතිනවා

ඉඟි බිඟි බැල්මට මසිත සැලෙනවා

සිහිනෙන් මම නුඹෙ දෙතොල් සිඹිනවා

 

හැරී බලනවා කැකිරි පලනවා

රවා බලනවා නොපෙනි යනවා

නුඹෙ හැඩරුව දැක සිහිසුන් වෙනවා

නුඹ මා රවටනවාද සිතෙනවා

 

සිදාදියෙන් සිටු කුමරෙක් එනවා

උඡාරුවට නුඹ කැන්දන් යනවා

තනියම බැඳි පෙමෙ දුක උහුලනවා

නුඹ රුව හදවතේ ඇඳි තියෙනවා

Friday, December 8, 2023

 

 නීල ගුවන් ගැබ

නිල්වන් දිය රල

හමනා මදනල

සොදුරුය දියදම

මා ආ මාවත

එලිය කරන්නට

මට මග පෙන්වු

පහන් ටැඹයි නුඹ

නුඹ පෙනෙනා ඉම

නැවතී නිසලව

නුඹ දෙස බලමින්

ගිමන් හරිමි මම

මතුයම් දවසක

සෙනෙහෙ ලබන්නට

පහන් ටැඹේ

ආලෝකය වන්නට

Friday, October 14, 2022

 

විනාශ වු සේවිකාව

 

 ඕ මේලියා සියල්ල ඉහලින්ම සිදුවෙලා

කවුද හිතුවෙ නුඹව නගරයෙදි හමුවෙයි කියා

ලස්සන ඇඳුම් සහ ඉසුරුමත් ඡීවිතයක්.

ඔබ දන්නෙ නැද්ද මාව විනාශකළ බව ඇය පැවසුවාය.

 

නුඹ අපව හැරගියා සපත්තු හෝ මේස් නැතිව වැරහිිලි ඇඳුමෙන්

අල ගැලවීමෙන් සහ වල් නෙලීමෙන් වෙහෙසව

දැන් නුඹ දිදුලන වළලූදමා ලස්සන පිහාටු ගැසු හිස්වැසුමක් පළදා.

ඔව් විනාශවු අප අඳින්නෙ පළදින්නෙ එලෙසයි ඇය පැවසුවාය.

 

ගොවිපලේදි නුඹ කතා කලේ තා තී කියා

අතන මෙතන අරක මේක කියමින්

දැන් නුඹ වෙනස් උසස් සමාඡයේ විලසට කතාව උසස්වෙලා.

විනාශවු අයගෙ  කතාවිලාශය මෙලෙස දීප්තිමත්වෙනවා ඇය පැවසුවාය.

 

එදා නුඹගේ දෑත් ගොරෝසුයි වියලූනු මලානික මුහුණ

දැන් නුඹේ දිලිසෙන කොපුල් දුටුවිට මා කුල්මත්වි  ආනන්දයට පත්වුනා

නුඹේ වටිනා අත්වැසුම්  ඕනෑම මට්ටමක ගැහැණියකට ගැලපෙනවා.

විනාශවු අපට කිසිදිනක වැඩකරන්න අවශ්‍ය නැහැ ඇය පැවසුවාය.

 

ගෙදර ඡීවිතය බියකරු සිහිනයක් බව නුඹ නිතරම පැවසුවා

නුඹ ලැඡ්ඡුාශීලයි නිතරම සිටියේ බියෙන් තැතිගැන්මෙන්

දැන් නුඹ අවසිහිය දුක මොනවාද කියා නොදන්නවා වගේ.

ඇත්ත. විනාශවු පසු අප සතුටින් ඡීවත්වෙනවා ඇය පැවසුවාය.

 

මම පතනවා මට ලැබෙනවා නම් ලස්සන පිහාටු සහිත හිස්වැසුමක්

ලස්සන දිග ගවුමක් සුමුදු පියකරු මුහුණක් සහ

මට හැකිනම් උඡුාරුවෙන් නගරය මැදින් ඇවිදයන්නට.

ආදරියේ පිටිසර කෙල්ලක් වු නුඹට එසේ කළ නොහැකියි

නුඹ විනාශවි නැහැ. ඇය පැවසුවාය.

 

තෝමස් හාඩිගේ මෙම කාව්‍ය නිර්මාණය වික්ටෝරියානු පාලන යුගයේදි කාන්තාව මුහුණදුන් සමාඡු තත්වය විදහා දක්වයි. එම වකවානුවේ විවාහයකින් තොරව ලිංගික සබඳතා පැවත්වු කාන්තාව විනාශවු ගැහැණියක් ලෙස අවමානයට පත්කෙරුනි. පිරිමින්ට එලෙස බාධක හෝ කිසිදු තහනමක් තිබුනේ නැත. විනාශයට පත්වු ගැහැණියට සිදුවුයේ ධනවත් පිරිමියෙකුගේ අනියම් බිරියක් ලෙස හෝ උසස්  සමාඡුයට සේවය සපයන ගණිකාවක් විමයි. මෙම අවස්තා දෙක තුලින්ම ඇයට ඉසරුමත් ýවිතයක් ලැබුනත් සමාඡුයේ අවමානය ඉවත්නොවුනි. එලෙස විනාශවු ගැහැණියක සහ ඇය හඳුනන අයෙක් අතර ඇතිවන සංවාදයක් ලෙස නිර්මාණ කරු එදා පැවති තත්වය රසිකයාට ඉදිරිපත්කරයි.

The Ruined Maid by Thomas Hardy තෝමස් හාඩි

සිංහල පරිවර්තනය ආචාර්ය ඡගත් රූපසිංහ

 

 

Friday, November 30, 2018

බිරිඳ මගේ නුඹ (කවි)


බිරිඳ මගේ නුඹ

බිරිඳ මගේ නුඹ මේ දිවිගමනේ
සෙවනැල්ලක් සේ ලඟ හිඳිනා
සොඳුර මගේ නුඹ සසර සරනතුරු
මා හා එක්වී සැරි සරනා
දිනිඳු නුඹ මට එලිය දෙවනා
සඳකි නුඹ මට සිසිල දෙවනා

මවකි නුඹ මට ලමැද හොවලා
සෙනෙහෙ වඩලා වියොව නසනා
විලකි නුඹ මට නිමල දියපිරි
මගේ දිවියේ පවස නිවනා
මගේ දෙවොලේ පිදෙන දෙවඟන
නුඹයි සිරිකත නිවසෙ දිලෙනා

අමිල සෙනෙහෙස පිදුව නුඹ මට
බැඳුනදා රන් හුයෙන් දෑඟිලි 
නිමල පිය සෙනෙහසක උරුමය
උදාකළෙ දූ කුමරියන් දී
කඳුල සුසුමද ගතේ රිදුමද
නිවයි  විකසිත සිනාමල් මුව
තුමුල මහමෙර විලස නොසැලී
දිරිය දෙන නුඹ ලඳකි පින්බර
                                           
 ආචාර්ය ජගත් රූපසිංහ

Wednesday, November 7, 2018

කවි




මතකයේ මාවතේ

නිලට දිලි ගුවන් ගැබ
කළුවලාවෙන් වැසී
පටන් ගත් මද වැස්ස
නාකපන වැහිවෙලා

හෙනහඩින් ගැස්සිලා
සලිත වු අහස් කුස
විදුලි රේඛා මවා 
සොඳුර ැ සිත්තම් අඳී

කිතිකැවී හද ඔකඳ වී සිත
මතකයේ මාවතේ
ඇසිල්ලෙන් නික්ම ගොස්
ඔබේ ලඟ නැවතිලා