Sunday, June 28, 2026

 

පච්ච විලාසිතාව

මේ වනවිට පච්ච කෙටීම ඡනප්‍රිය විලාසිතාවකි. ඉංග්‍රීසියෙන් ටැටූ ලෙස හදුන්වනවා. ලෝකය පුරා ඡනප්‍රිය පුද්ගලයන් අතර පච්ච කෙටීම සුලබව සිදුවෙනවා‍. පච්ච කෙටු ගායක ගායිකාවන් නලු නිලියන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝකයේ හැම තැනකම දැකින්න පුලුවන්. ලංකාවෙත් ඒ වගේමයි. දැනට දශක ගනනාවකට පෙර ලංකාවේ පච්ච කෙටීම සමාඡය විසින් අගය කළ දෙයක් නොවේ. චණ්ඩි, බඡාර් එකේ අයියල, අයි ආර් සි කාරයන් තමයි පච්ච කෙටුවෙ. පච්ච සිරාල පච්ච සෝමෙල සිටිය, ඒ කාලේ තිබුන පච්ච අතර ඡනප්‍රිය වැකියක් තමයි මරුවා සමග වාසේ. ඒ වගේම අම්මා කියන වචනයත් අම්මා බුදුවේවා කියන වැකියත් ඡනප්‍රිිය පච්ච. බොහෝවිට පච්ච කොටල තිබුනෙ උරහ‍ිසේ පපුවෙ පිටේ බෙල්ල පිටුපස සහ අතේ මැණික් කටුවෙ. ඡනප්‍රිය පච්ච වුනේ සිංහ මුහුණ, කොටි මුහුණ, කිණිස්ස, නයා, කිණිස්සේ එතුනු නයා. මට මතක විදිහට අපේ ලොකුමාමගේ උරහිස ආසන්නයේ පච්චයක් කොටල තිබුන. ඒ කාලේ පච්ච කොටපු ගැහැණු හිටියෙම නැති තරම්. නීති රකින ආයතනත් පච්ච කාරයන් දිහා බැලුවෙ වරද කාරයන් ලෙස. දැන් නම් ගැහැනු පිරිමි තරුණ මහලු කියල නැ පච්ච කලාව හැම තැනම පැතිරිලා. ඉස්සර තිබුනෙ කලුපාට පච්ච. දැන් වෛවර්ණ පච්ච කොටනව. සමහර අයගේ මුලු ඇග පුරාම පච්ච. විවිධ සතුන් වැකි දර්ශණ මෝස්තර රටා‍ ආදි නානා විදිහෙ පච්ච.

පච්ච කෙටිම වසර දහස් ගනනක් පැරණි කලාවක්. වසර දහස් ගණනාවක් පුරා මිනිසුන් තමන්ගේ සම මත පච්ච කෙටීම (ටැටූ කිරීම) සිදු කරනවා. පැරණි සයිබීරියානු යාත්‍රිකයන්, පොලිනීසියානු ආදිවාසීන්,  දකුණු ඇමරිකානු ආදිවාසීන්, ග්‍රීකයන් ආදී සංස්කෘතින් වල විවිධ අර්ථයන් සදහා පච්ච කොටල තියෙනවා.  නොපෙනන දුෂ්ට බලයන්ගෙන් ආරක්ෂාව සඳහා, ආදරය ප්‍රකාශ කිරීම සඳහා, සමාජ තත්ත්වය හෝ ආගමික විශ්වාස පෙන්වීමට, සැරසිලි ලෙස හෝ දඩුවම් ලෙසද පච්ච කොටල තියෙනවා.

කාලයක් පැරණිම පච්ච ලෙස සැලකුයේ ක්‍රි.පූ. 2000 පමණ වූ ඊජිප්තු මමී වල දක්නට ලැබුනු පච්ච.  නමුත් 1991දී ඉතාලි-ඔස්ට්‍රියානු සීමාව අසල සොයාගත් අවුරුදු 5,300 ක් පමණ පැරණි “ඔට්සි” (Ötzi) නම් මමියෙන් පච්ච හදුනා ගෙන තියෙනවා. එහි පච්ච ලෙස තිබු බින්දු සහ කුරුසු වැනි රූප වෛද්‍යමය අරමුණක් සදහා විශේෂයෙන් සන්ධි වේදනාවන් අඩු කිරීමට යොදාගෙන ඇතිබව සිතනවා.

පැරණි ඉජිප්තුවේ, පච්ච කෙටීම බොහෝවිට කාන්තාවන්ට සීමා වී තිබුණි. ඒවා ගර්භණී බව  සහ දරු උපත සමඟ සම්බන්ධ ආරක්ෂාව හෝ වෛද්‍යමය අරමුණු සඳහා භාවිතා කල බව සිතනවා.  සයිබීරියාවේ පාසිරික් (Pazyryk) ජනතාව උසස් කුලවත් බව පෙන්විම සදහා කාන්තිමත් සත්ව රූප සහිත පච්ච ‍කො‍ටා ඇත. ග්‍රීක සහ රෝමානු සමාජවල පච්ච කෙටීම සිදුකර ඇත්තේ බොහෝවිට වහලුන්, අපරාධකරුවන් හෝ විශේෂ කණ්ඩායම් හඳුනා ගැනීමටය. නවසීලන්තයේ මෆෝරි සංස්කෘතියේ, මුහුණේ කෙටු පච්ච පුද්ගලයකුගේ වංශය, තත්ත්වය සහ හැඳුනුම පෙන්වූ අතර, ඒවා පුද්ගලික තොරතුරු ලියා ඇති පත්‍රයක් වැනි විය.

කාලයත් සමඟ පච්ච කලාව සංස්කෘතික හුවමාරු මගින් වර්ධනය විය. “ටැටූ” යන වචනය බාවිතයට ආවේ පොලිනීසියානු “tatatau” යන වචනයෙන් . පොලිනීසියානුවන් වශයෙන් හදුන්වන්නේ නවසීලන්තය, සැමෝවා, ටොංගා, ටහිටි, කුක් ආදි  දුපත් වැසියන්ය. ටහිටි දුපත්වාසින් භාවිතාකළ“පහර දීම” හෝ “ගැසීමයන අර්ථය දෙන “tatatau” හෝ “tattau”  යන වචනය ජේම්ස් කුක්ගේ  ගවේෂණ ගමනෙන් පසුව 17 වන සියවසේදි ටැටු ලෙස බටහිර ලෝකයට හඳුන්වා දුන්නා. පච්ච අද දක්වාත් කලාත්මක, සංස්කෘතික සහ පුද්ගලික වැදගත්කමක් රැගෙන පවතී. යුරෝපීයයන් අතර ජනප්‍රිය වුයේ විශේෂයෙන් නාවිකයන් සහ ගල්අඟුරු ගොඩකරුවන් අතර. මෙම වෘත්තීන් දෙකම ඉතා අවදානම් වූ බැවින්, ඔවුන්ගේ අතේ ඇන්කර් (නාවික ඇඳුම් ලාංඡනය) හෝ ගල්අඟුරු ලාම්පු රූප සහිත ටැටූ ආරක්ෂාකාරී තලයක් ලෙස භාවිතා කළා.

කාලය සහ ස්ථානය වෙනස් වුවද, පච්ච පිළිබඳ මූලික අරමුණු—හැඳුනුම, ආරක්ෂාව, ප්‍රකාශනය සහ අර්ථය—මනුෂ්‍ය ඉතිහාසය පුරාම සමානව පැවති ඇත.

ටැටූවක් (Tattoo) පච්චයක් යනු සමේ ඩර්මිස් (dermis) ස්තරයට තිරසාර හෝ තාවකාලිකව, වර්ණ ද්‍රව්‍ය හෝ රසායනික වර්ණ ද්‍රව්‍ය ඇතුළත් කර රටාවක් නිර්මාණය කිරීමෙන් සිදු කරන ශරීර වෙනස්කරණයක්. පච්ච කොටන්නන් මෙම රටා නිර්මාණය කරන්නේ විවිධ ක්‍රම සහ තාක්ෂණ භාවිතා කරමින්ය. පැරණි අතින් පච්ච කෙටීමේ ක්‍රමයත්, නවීන පච්ච කෙටීමේ යන්ත්‍රද ඒ අතරට අයත් වේ. නුතනයේ පච්ච විවිධ වේ. විශේශ හේතුවක් නොමැති අලංකාර පච්ච, පුද්ගලික හේතු සහ විශේශ අර්ථ ඇති සංකේතාක්මක පච්ච, රූපමය පච්ච, වචන හෝ දිගු වැකි සහිත පච්ච අද දැකිය හැක.

නුතනයේ පච්ච කොටන්නේ කලාත්මක, අලංකාර, මතක සටහන්, ආගමික හෝ පෞද්ගලික හේතු මතය. සිරකරුවන් හදුනාගැනිමට අංක යෙදිම, අපරාධ කරුවන් සහ වහලුන් හදුනාගැනිමට, විද්‍යාත්මක (forensics) අවශ්‍යතා සදහා භාවිතා වු පච්ච අද වනවිට ස්ථිර සමේ අලංකාරය (Permanent makeup) සදහා, සමේ කැලල් සැගවිම සදහා මෙන්ම වෛද්‍ය අරමුණු සදහාද යොදා ගන්නවා.

පච්ච කෙ‍ටිමේදි ආසාදන ඇතිවිම, සමේ කැලල් ඇතිවිම, විශසහිත තත්ව ඇතිවිම ආදි අතුරු ආබාධ ඇතිවිය හැක. Top of Form

 

නවීන පච්ච කෙටිමේ යන්ත්‍රයේ ආරම්භකයා සැමුවෙල් ඔ’රයිලිය. අයිරිෂ් ඡාතික සම්බවයක් ඇති ඇමෙරිකාවේ   ඡිවත් වි, පච්ච කෙටිමේ කලාව ඉගෙනගත් ඔහු විදුලි බලයෙන්  ක්‍රියා කරන පච්ච කෙටිමේ  යන්ත්‍රය සොයා ගත්තේය.1891 දි ඔහුට යන්ත්‍රය සදහා පේටන්ට් බලපත්‍රය ලැබුනි. අද වනවිට ඉතාමත් නවින ඉක්මනින් පච්ච කෙටිය හැකි යන්ත්‍ර බාවිතාවේ.

ලංකාවේද පැරණි පච්ච කෙටිම කලාවක් තිබිඇත. වෙදකම සටන් කලාව විශේශයෙන් අංගම් පොර සටන් කලාවට අදාලව පච්ච කෙටිම සිදුවෙලා තිබෙනවා. එයට අමතරව අපල වලින් බේරිමට පච්ච කෙටිම සිදුවෙලා තිබෙනවා. ලංකාවේ ඡිවත්වන රොඩි අහිකුන්ටක ඡනයා අතර පච්ච කෙටිම බහුලව සිදුවෙනවා. අතිත‍යේදි ලංක‍ාවේ පච්ච කෙටිම සමාඡය පහත් කර සැලකුවත් අද වනවිට ලංකාවේ එය අතිශය ඡනප්‍රිය විලාසිතාවක්.Bottom of Form

 

No comments:

Post a Comment