Monday, November 21, 2016

කෙටිකතාව මතකබණ

මතක බණ
ඊයෙ දවස පුරාම අැදහැලුණ  ධාරාණිපාත වැස්සට තෙමුන ගස්කොලන් තවමත් තෙතබරිතයි. පෙරදින වැහිවළාකුළු වලින් වැසීතිබුනු පසලොස්වක සඳ අද ලස්සනට පායලා. ගේ ඉස්සරහ ලයිට්කණුවේ එල්ලෙන තැනින් තැන ඉරුනු සුදු කොඩිය සුළඟට වැනෙන ආකාරය දෙසසඳඑලියට දිලිසෙන ගස්කොලන් අතරින් විජේකෝන් බලා සිටියා. තාත්තගේ තුන්මාසෙ බණ දිනයත් ටික ටික ලංවෙනවා. විජේකෝන්ට ඒක දැන් හිසරදයක් වෙලා. බණ කියල දානෙ දෙන එක නොවෙයි අමාරු වැඩේ. බණට ප්‍රසිද්ධ ස්වාමීන්වහන්සේනමක් සොයාගන්න එකයි ගැටළුව. විජේ හැමදාමත් හිතුවෙ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට බණට ආරාධනය කරන්න. පන්සල එක්ක තාත්තගේ තිබුන දැඩි බැඳීමත්දායක සභාවෙ සභාපති ලෙස පන්සලේ හැම කටයුත්තකදිම  මුල්තැන ගෙන වැඩ කිරීමත් නිසාලොකු හාමුදුරුවො තාත්ත ගැන හොඳට දන්නව. ඒ නිසා බණ කියන්න වඩාත්ම සුදුසු ලොකු හාමුදුරුවො කියලයි විජේට හිතුනෙ. පසුගිය දවසක පන්සලට ගිය වෙලාවෙත් ලොකු හාමුදුරුවො බණ ගැන මතක් කළා.

"විජේකෝන් මහත්තයතාත්තගෙ තුන්මාසෙ පින්කමත් ලඟයි නේද?
"එහෙමයි අපෙ හාමුදුරුවනේ."
"නියම දිනේටම ගන්නවද නැත්තම් මහත්තයලට පහසුවිදියට සතිඅන්තයකට යොදාගන්නවද"
"නියම දිනේටම ගන්න තමයි හිතාගෙන ඉන්නෙ හාමුදුරුවනේ."

හැමදෙනාම මැෂින් වගේ වෙලා. ඡීවිතයම තරයක්. ඉමක් නොපෙනෙන ලෝකයක අසාවන් පසුපස හැල්මෙ දුවනවා. බොහෝ දෙනෙකු නිවාඩු පිළිබඳ| ගැටළුව මත උත්සව සහ පින්කම් දාන තමන්ට අවශ්‍ය පරිදි වෙනස්කරගන්නා කාලයක අප ඡීවත්වන බව විජේට හිතුන. ඒකත් දැන් සාමාන්‍ය දෙයක්බවට පත්වෙලා. ඒත් විජේ හිතුවෙ තාත්තගෙ පින්කම නියම දිනයටම කරන්න.
ප්‍රසිද්‍ ජනප්‍රිය  ස්වාමීන්වහන්සේනමක් බණට හොයාගන්න එක ලේසි වැඩක් නොවෙයි. අම්මගෙ බිරිඳගෙ නෑයන්ගෙ යාළුවන්ගෙ මේ හැම දෙනාගෙම බලාපොරොත්තුව ආසාව ජනප්‍රිය ස්වාමීන්වහන්සෙ නමකගෙන් බණ අහන්න. ලොකු ලොකු තානාන්තර දරන මිනිස්සු එක්ක විඡේගෙ තියෙන සම්බන්ධතාත්, මාධ්‍ය සගයන් සමග ඇති  දැනහැඳුනුම්කම් නිසාත්ජනප්‍රිය ස්වාමීන්වහන්සෙනමක් වඩම්මවගන්න පුළුවන්වෙයි කියලයි හැමෝම කියන්නෙ. ඒත් විජේගෙ හිත කියන්නෙ පන්සලේ ලොකුහාමුදුරුවො තමයි බණ කියයුත්තෙ කියල. ප්‍රසිද්ධ ස්වාමීන්වහන්සෙල ගැන විඡේගෙ අකැමත්තක් නැතිවුනාට විජේට හිතෙන්නෙ ඒකත් යම්ආකාරයක විලාසිතාවක් කියලයි.

 ‘””'අපේ ගෙදර බණ කිව්වෙ අහවල් ස්වාමීන්වහන්සෙ. ඒ ස්වාමීන්වහන්සෙගෙ බණ හරිම හොඳයි. හැමෝටම තේරෙනවා. අපි යන්නෙ අසවල් පන්සලට.’’ ආරාමෙට. මිනිස්සු මේ විදිහට කතාවෙනවා විජේට අනන්තවත් ඇහිල තියෙනවා. සමහර ස්වාමීන්වහන්සෙලගෙ  පෙනුමටකටහඦඬට මිනිස්සු වශීවෙලා ඉන්නෙ. ගමේ පන්සල පැත්තපලාතකවත් නොයන සමහරු සල්ලි වියදම්කරගෙන හැතැප්මගනන් මග ගෙවාගෙන දහම් වැඩසටහන්වලට සහභාගි වෙනවා. මාසයකට වතාවක් දහම් වැඩසටහනකට සහභාගිවන මල්ලිකා ඇන්ටිව මතක්වෙලා විජේට තනිවම හිනහ ගියා. ඇන්ටිගෙ අල්ලපු ගෙදර ඉන්න පියදාස අන්කල් කියන්නෙනම් ලෝකෙට පේන්න උපාසිකාවක්වන ඇන්ටි තමන්ගෙ වත්තෙ එකතුවෙන කුණු කොලරොඩු හොරෙන්ම අල්ලපු වත්තට වීසිකරනව කියලයි. කොහොමවුනත් මේ හැම දහම් වැඩසටහනකින්ම රටේ බෞද්ධ ප්‍රබෝදධයක් ඇතිවෙලා. සෑම ස්වාමීන්වහන්සෙනමක්ම උත්සාහ කරන්නෙ මිනිසුන්ව දහමට නැඹුරුකරවන්න සහ හොඳමගට ගන්න.

මහත්තයලගෙ ගෙදර බණට ගුණානන්ද නායක හාමුදුරුවො වඩිනවයි කියන්නෙ ඇත්තද. ” විජේව දැකපු කඩේ මුදලාලි ප්‍රශ්ණ කළා.
කවුද මුදලාලි කිව්වෙ. 
නෑ මේ ගමේ හැමෝම කතාවෙනව. මහත්තය ලොකුලොකු අය අඳුරන නිසා මහත්තයට පුලුවන්කියල නායක හාමුදුරුවන්ව ගෙන්න ගන්න. 
අනේමන්ද මුදලාලි බලමුකො.” එහෙම කියාගෙනම මුදලාලින් සමුගත්තා.

“““ඔයා දැන්ම හොඳ ස්වාමීන්වහන්සෙනමකට ආරාධනා කරන්න. ලේසියෙන් දිනයක් ගන්න බැහැයි කියලයි හැමෝම කියන්නෙ. ”” පසුගිය ටිකේම බිරඳගෙ කරච්චලේ.
““පුතේ  අර කවුරුත් කියන්නෙ ටවුමෙ හොඳ ස්වාමීන්වහන්සෙනමක් ඉන්නව කියල. ”” අම්ම ගමේ පන්සලට හිතවත්වුනාට අම්මගෙ ඔළුවටත් කවුරුහරි විකාර අදහස් දාන්න ඇති විජේට හිතුන. අම්ම කියන ස්වාමීන්වහන්සෙ ගැන විජේගෙ පැහැදීමක් නැහැ. දුවගෙ බාලදක්ශිකා පුහුණු පන්තියට ගිය වෙලාවෙ කුඩා දැරියන් දෙදෙනෙකු අතර වෙච්ච කතාව විජේගෙ හිතට තදින්ම කාවැදිල තිබුන.
“““ඔයා ඇහුවද අර හාමුදුරුවන්ගෙ බණ. හරි ශෝක් අනේ.””
““ඔව් හරිම ජොලි. හිනායනව. ””
ළමයින්ට බණ ජොලියක්විනෝදයක් වෙලා.
““කවුද බණ කියන්නෙ? ” කවිබණ ස්වාමීන්වහන්සෙද, ධම්මසිරි ස්වාමීන්වහන්සෙදසංඝාලෝක ස්වාමීන්වහන්සෙදඋපනන්ද ස්වාමීන්වහන්සෙද,” ගුණානන්ද ස්වාමීන්වහන්සෙදයාළුවො නම්වැලක් කියාගෙන ගියා. කවුරුකවුරුත් කියන එකේ ප්‍රසිද්ධ ස්වාමීන්වහන්සෙනමකට ආරාධනා කරන එක හොඳයි කියල විජේටත් හිතුන.
ප්‍රසිද්ධ ස්වාමීන්වහන්සෙනමක් සමග කිට්ටු හිතවත්කමක් තියෙන යාළුවෙකුට විජේ කතාකළා.
““තාත්තගෙ බණට හාමුදුරුවො වඩම්මවගන්න පුළුවන්ද?. මම දන්නව උන්වහන්සෙ වඩිනකොට ස්පීකර් සෙට් එකත් වෙනමම ගේන්න ඕන  කියල. ” ”  
““ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක නෙවෙයි විජේ. වැඩ වැඩිනිසා උන්වහන්සෙ දැන් ගෙවල්වල බණට වඩින්නෙ නෑ. ප්‍රසිද්ධ තැන්වල ලොකු වැඩසටහන් වලට විතරයි වඩින්නෙ. ” ”  යාළුවගෙ කතාවත් සමගම ඒ අදහස අතහැර දාන්නවුනා. උන්වහන්සේ බණට වඩින්නෙ නැතිබව දැනගත්ත අම්මගෙ සහ බිරිඳගෙ මුහුනෙ ඇතිවුන බලපොරොත්තුකඩවීමේ හැඟීම් දැකල විජේට දුක හිතුන. අබේගෙ බිරිඳ ශාන්ති පන්සල් සහ ආරාම කිහිපයකම හොඳදායිකාවක් බව විජේට මතක්වුනා.
““මචන් අබේ,  ශාන්තිට කියල හොඳ ස්වාමීන්වහන්සෙනමකට බණට ආරාධනා කරන්න කියලයි කතා කළේ.”” විජේ අබේට කෝල් කළා.
““ඔව් ඔව් මෙයාට පුලුවන්. මෙයා ගෞතම බුදු සසුනෙම නිවන් .......... ””  අබේ කතාව ඉවරකරන්න කලින්ම ශාන්ති ටෙලිෆෝන් එක උදුරගත්ත බව විජේට දැනුනා.
““විජේ,  මෙයා කියන  දේවල් අහන්න එපා. ඔයා අම්මයි මැණිකෙයි එක්ක ලබන ඉරිදා එන්න. අපි ගිහින් අර ආරාමෙ ස්වාමීන්වහන්සේට අරාධනා කරමු.””
ඉරිදා උදෙන්ම කට්ටියම අබේලගෙ ගෙදර ගියා. ශාන්ති ගමේ විදිහට ලොකු තේ මේසයක් ලෑස්තිකරල.
““පුතේ පූජාකරන්න පිරකර මොනවහරි ගන්න ඕන නේද. ” ”  තේ පානයෙන් පස්සෙ ගමන පිටත්වෙන්න කලින් අම්ම හෙමින් කිව්වා.
““අපට යනගමන් සුපර්මාර්කට් එකෙන් ගන්න පුලුවන්.”” ශාන්ති උත්තර දුන්නා.
අතරමගදි සුපර්මාර්කට් එක ලග නැවැත්තුවෙ පූජාකරන්න දෙයක්ගන්න.
““ආන්ටි හොඳ චොකලට් එකක් ගත්තම ඇති. ” ” ශාන්ති වාහනයෙන් බහින ගමන්ම කිව්වා.
අම්ම විජේ ගෙ මූණ දිහා බැලුවා. ස්වාමීන්වහන්සෙට මොකටද චොකලට් යන හැඟීම අම්මගෙ මුහුණෙන් කියවුනා.
චොකලට් වලට අමතරව අම්ම තවත් දේවල් ගත්ත. ආරාමයට යනකොට සෙනග පිරිල ස්වාමීන්වහන්සෙව මුනගැහෙන්න.  එහාට මෙහාට යමින් සෙනගට උපදෙස් දෙන අය කිහිපදෙනෙක්ම ඉන්නව විජේ දැක්ක.
‘“ස්වාමීන්වහන්සෙව හමුවෙන්නද ආවෙ. බණකට ආරාධනය කරන්නද. ” ඒ අය අතරින් සමහරු විජේගෙන් ඇහුවත් විජේ ඇහුනෙ නැතිවිදියට හිටිය. ස්වාමීන්වහන්සෙව හමුවෙන්න ඕනනම් ඔක්කොටම කලින් ඒ අයගෙන් අවසර ගන්න ඕනවිදියටයි ඔවුන්ගෙ හැසිරීම සහ කතාව.
ආරාමපන්සල් තමන්ගෙ පුද්ගලික දෙයක් කියල බදාගෙන ඉන්න දායකයො තමයි සාමාන්‍ය මිනිසුන්ගෙන් ස්වාමීන්වහන්සෙලව ඈත්කරවන්නෙ. පන්සල් ආරාම එපා කරවන්නෙ. ස්වාමීන්වහන්සේල හැමදෙනාම කරන්නෙ මිනිසුන් යහමගට ගන්නවැරදි පෙන්වලදීල අවවාද කරන එක. සංසාරෙන් ඒගොඩවන්න මගපෙන්වනඒක  ඒත් සමහර දායකයන්ගෙ වැරදි නිසා ස්වාමීන්වහන්සෙලයි බැනුම් අහන්නෙ. ස්වාමීන්වහන්සෙ තමන් සමග කුලුපගබව ලෝකෙට පෙන්නන්න හදන දායකයො නිසා ස්වාමීන්වහන්සේලට නිදහසක් නැහැ කියලයි විජේට හිතුනෙ. පන්සල්වල අයිතිකාරයො විදියටයි සමහර දායකයො හැසිරෙන්නෙ.
 ස්වාමීන්වහන්සෙව මුනගැසුන විජේ උන්වහන්සෙට බණට ආරාධනා කළා.
““එදාට අනුරාධපුරේ ලොකු උත්සවයක් තියෙනවා. මටත් ආරාධනාවක් ලැබිලයි තියෙන්නෙ. උත්සවය සවස්වනකොට ඉවරවෙන නිසා මම මහත්තයගෙ බණ බාරගන්නම්.””
ස්වාමීන්වහන්සෙ බණට වඩින්න කැමතිවුන එක ගැන විඡේට සතුටක් දැනුනත්,  උදේ උත්සවයට ඉඳල මහන්සිය නොබලම බණට වඩින එක උන්වහන්සෙට කරදරයක් වීම ගැන සිතට දුකකුත් ඇතිවුනා.
““උත්සවය කල්යයි කියලත් ආරංචියක් තියෙනවා. එහෙම වුනොත් කොහොමත් ගැටළුවක් නෑ.”” උන්වහන්සෙ නැවතත් කිවුවා.
පත්තර සහ රූපවාහිනීවලින් දැක තිබුනත්රේඩියෝවලින් උන්වහන්සෙගෙ හඩ අසා තිබුනත්විජේට උන්වහන්සෙව මුන ගැසුන පළමු දවස ඒක. උන්වහන්සෙගෙ පෙනුමකටහඩකතාවිලාශයසංවරබාවයසහ ශාන්තබව තුලින් පෙනුනෙ සිල්වත්බවපින්වත් බව. බහුජන හිතසුව පිණිස දම් දෙසූ සැරියුත් මුගලන් මහ සඝ පරපුරෙන් පැවතෙන බුද්ධපුත්‍රයෙක් ලෙසටයි උන්වහන්සේව විජේට පෙනුනෙ. උන්වහන්සේව දැකීමෙන් සහ කතාබහෙන් විඡේගෙ සිතට පුදුම සතුටක් සුවයක් දැනුනා. උන්වහන්සෙ හැමවිටම කියා දුන්නෙ ජීවිතය යහපත්ව ගතකරන ගමන් අප කවුරුත් පතන නිවන් මාර්ගයට ලඟාවෙන්නෙ කොහොමද කියල. දායකයො තමයි උන්වහන්සේ ගෙන් ප්‍රයෝඡන ගන්න හදන්නෙ. විවේචකයන් මොනව කීවත් උන්වහන්සෙ ආරක්ෂා කරගතයුතු වස්තුවක් කියල විජේට හිතුන. අම්මගෙ සහ බිරිඳගෙ මුහුණු සතුටින් පිරිල. දෙන්නටම හරියට රටක් රාජ්ජයක් පහල වුනා වගෙයි. ශාන්තිටයි අබේටයි ස්තුතිකරල විජේල ගෙදර ආවෙ ලෝකෙම ජයගත්ත වගේ සතුටකින්.
සතිගනන් ගෙවිල ගියා. බණට තව සතියයි. බණට අහවල් ස්වාමින්වහන්සෙට ආරාධනා කළබව පන්සලේ ලොකු හාමුදුරුවන්ට තවමත් දැනුම්දෙන්න බැරිවීම ගැන  විජේගෙ හිත දොස් කීව. පිටඅයගෙන් ආරංචිවුනොත් ඒක හොඳනැහැ. අද හවසම ගිහින් ලොකුහාමුදුරුවන්ට කියනව කියල විජේ හිතාගත්ත. දානෙ වැඩකටයුතු ගැනත් කතාකරගන්න අවශ්‍ය නිසා අම්ම සහ බිරිඳ එක්කම හවසට යන්න විජේ තීරණය කළා.
ටෙලිෆෝනඑකේ  හඩට විජේගෙ කල්පනාව බිඳීගියා.
““විජේකෝන් මහත්තයද කතාකරන්නෙ.  මේ ස්වාමීන්වහන්සෙ කතාකරන්නෙ. අර උත්සවය හුඟක්  රෑ වෙනකල් තියෙනවලු. මම එනකොට හුඟක් රෑ වෙයි. මහත්තයලට ගැටලුවක් නැත්නම් කොච්චර රෑ වුනත් මම බණට එන්නම්.”” 
විජේගෙ ඔළුව තෝන්තු වුනා. රෑ වෙලා බණ කියන එක ගැටළුවක් නොවෙයි. නමුත් බණ අහන්න එන අය එන්නෙ ඉක්මනට ආපසු යන්න. හුඟදෙනෙක්  රැකියකරන අය නිසා  රෑ වෙන්න කලින් ගෙවල්වලට යන්න බලාගෙනයි එන්නෙ. අනික රෑ වෙනකන් උත්සවයට සහභාගිවෙලා මහන්සිවෙලා ඉන්න උන්වහන්සෙව අනුරාධපුරයෙ ඉඳල රෑ රාත්‍රියෙ ගෙන්වන එකත් පවක් කියල විජේට හිතුන.
““අවසර හාමුදුරුවනේ. ඔබවහන්සෙ ඔයතරම් දුර ඉඳල රාත්‍රියෙ එන්න මහන්සි වෙන්න එපා. වෙනදවසක ඔබ වහන්සේට කියල බණක් කියවන්න පුළුවන්නේ. ඔබ වහන්සේ ගෙ කරුණාවට ගොඩක් පින්.”” විජේ ටෙලිෆෝන්එක විසන්ධිකලා.

සියළු දේ අහගෙන හිටිය බිරිඳගෙ සහ අම්මගෙ මුහුණුවල හැඟීම් තේරුම් ගන්න විජේ ට අපහසු වුනේ නැහැ.
අදම ගිහින් ලොකු හාමුදුරුවන්ට බණට ආරාධනා කරනවා කියමින් විජේ පුටුවෙන් නැගිට්ටා. ගුවන් විදුලියෙන් කළකට පෙර ඇහුන සිංදුවක් විජේට මතක්වුනා.
අපේ පන්සල ගමේ පන්සල අපේ කම රැක්කා.
අපේ මරණෙදි අපේ දානෙදි අපේ ලඟ හිටියා.


ආචාර්ය ජගත් රූපසිහ,  ටොරොන්ටො,  කැනඩාව



Saturday, November 5, 2016

කෙටිකතාව - පරිවේෂණ සාක්කි

පරිවේෂණ සාක්කි
සවස් වරුවේ රනේ සහ ඔහුගේ බිරිඳ සේති ලඟම හිතවතකු බැලීමට ගියේ. කෑමට බීමට ඇතිතරම් තිබූ නිසා ආපසු පැමිනි පසු රෑට උයන්නට ඔවුනට අවශ්‍ය නොවීය. අඳුර වැටෙනතුරු වත්තට වී කාලය ගතකළ ඔවුන් ගෙට ඇතුල්වනවිට  සාමාන්‍යයෙන් නිදාගන්නා වෙලාව ලන්වී තිබුනි. රනේ තරමක් කේන්තියෙන් බුමිමාගෙන සිටියේය. ඔහුව කතාකරවන අදහසින් සේති විවිධ දේ ගැන කතාකරමින් ඔහුට අනිමින් ඔහු ඇවිස්සුවාය.

“අපේ පලාත්වල මේ මකුලුවට කියන්නෙ දිවිමකුලුව කියල. උඹලගෙ පලාතෙ ඌට කියන්නෙ මොකාද”
මම දන්නෙ නෑ මොනව කියනවද කියල
මිනිස්සු කියන්නෙ මූ කෙස් හොරකමි කරනව කියල එහෙම නේද
ලඟ තිබූ සපත්තූව අතට ගත් රනේ මකුලුවා මැරීම සඳහා එය ඉහලට එසවීය .
මරන්න එපා මරන්න එපා ඇය ලතෝනි දුන්නාය.
එයට ඇහුන්කන් නොදුන් රනේ එක පහරින්ම මකුලුවා මරා දැමිය.
අනේ දෙවියනේ ඌ දිව්‍යලෝකෙම ඉපදෙන්න ඔ්න අනුන් කියන කිසි දෙයකට ඇහුන්කන් දෙන්න උඹට ඔ්නකමක් නෑ මේ කරපු දේට උඹට හොඳක් නමි වෙන්නෙ නෑ කරුමෙ ගෙවන්න වෙයි
ඔ්න දෙයක් වුනාවෙ කරුමෙ මම ගෙවන්නම්
ස්ස් මට ඇහෙනව අල්ලපු කාමරේ සද්දයක් මම හිතන්නෙ මිනිහ එක්ක තව කවුරු හරි ඉන්නව
මාව කේන්ති කරවන්න මිනිහ කෙල්ලව ගේන්න ඇති

රාති‍්‍රයේදී අල්ලපු කාමරයේ තදින් යමක් බිම වැටෙන ශබිදයට හොඳින් නිදාගෙන සිටි රනේට ඇහැරුනි . ලොකු සද්දයක් ඇසීම නිසා ටිකවෙලාවකට කලින් සේතිටද ඇහැරුනි. ඒ අවස්තාවේ ඇය රනේව නැගිටවීම සඳහා කිහිපවතාවක්ම ඇඟට ඇන්නමුත් ඔහුව ඇහැරවීමට නොහැකිවිය. ඇයටද යමක් ඇසුනු බව ඇය ඔහුගේ කනට කෙඳුරුවාය. අඩනින්දේම ඔවුන් තවදුරටත් ඇහුන්කන්දීගෙන සිටියමුත් වෙනත් කිසිවක්  ඉන්පසු ඇසුනේ නැත. අල්ලපු කාමරය කියා කීවද ඔවුන්ගේ කාමරය සහ එම කාමරය අතර පටු කොරිඩෝවක් තිබූ නිසා ශබිද හොඳින් ඇසුනේ නැත. රනේ ලාමිපු කුප්පිය පත්තු කලේය බිත්තියේ එල්ලාතිබූ බඳපටිය අරගත්තේය.

මේ මෝඩ ගුර්කා ආමිකාරය දැන් මොකාටද එන්න හදන්නෙ බඳපටිය බඳිමින් ඔහු පැවසුවේය.
ඔහු දොරලඟට යනවිට බිරිඳ ඔහු නැවත්වූවාය.
දැන් එකපාරක් ඒ මිනිහ එක්ක ගෝරි ඇල්ලුව මදිද උඹට
තවත් රන්ඩුවක් පටන්ගන්නද හදන්නෙ ඒව ඔක්කොම ඉවරයි එලියට යන්න එපා
මට යන්න දීපන් මම යතුරු හිලෙන් එබිල බලන්නයි යන්නෙ මොනව වුනත් මේ අපේ ගෙදර
´ කවුද අර පුදුමයි
කවුද කවුද එතන ඉන්නෙ
කවුරු උනත් මට හරියට පේන්නෙ නෑ කවුරුහරි කාමරේ ඉඳල එලියට පැනල දුවල ගියා
ගෑනියෙක්
මිනිහෙක් මම දැක්ක තොප්පියක් දාගෙන හිටියෙ මට හිතෙනව මොනවහරි නරක දෙයක් වෙලා

ඔවුන් දෙදෙන කොරිඩෝවට පැමින ගුර්කා භටයාගේ කාමරය දෙසට ගියේය. එතරමි අඳුරු නොවුවත් දොර සමිපූර්යෙන්ම ඇරදමා ඇති බව ඔවුන් දුටුවේ දොර කිටිටුවටම ගිය පසුය. කාමරය ඇතුලත තිත්ත කලුවරය . ඔවුන් ටික වේලාවක් හොඳින් ඇහුන්කන් දුන්නේය. කිසිම ශබිදයක් නැත. යමෙක් සිටිනා බවට හෝ නිදාගන්නාවිට ඇසෙන හුස්ම ගන්නා ශබිදයක්වත් නැත. ඔහු කාමරයේ නැතිබවට රනේට විශ්වාසය.
ඔහු ඉක්මනටම තම කාමරයට දුවගොස් බූමිතෙල් ලාම්පුව රැගෙන ආවේය. ඇඳේ ඔලුව තබන පැත්තටවන්නට  කුල්ලකටත් වඩා විශාල පැල්ලමක් ලෙස වැටී ඇති ලේ ගොඩක් සහ කැපුමි තුවාල සහිතව ලේගලමින් ඇඳලඟ බිම වැටීසිටින ගුර්කා භටයාව ලාම්පුවේ මද එලියෙන් දුටුවේය .
ඔහුගේ නිකටේ සහ බෙල්ලේ ගුර්කා භටයන් පාවිචිචිකරන වක් පිහියකින් ඇන්න තුවාල දක්නට තිබූ අතර උගුරු දන්ඩ කපානැත. හිස වෙන්කර නොතිබුනි. ඔහුගේ ඇස් විශාලව හිස් අවකාශය දෙසට විවරව ඇත.  ඔහු මරුවිකල්ලෙන් මෙන් හිස ඒ පැත්තට මේ පැත්තට වනමින් සිටියේය. යමකින් අනිනවා වැනි ශබිද කිහිපවරක්ම  ඇසුනු බව සේතිට මතක්වුනි. නමුත් ඒවා පිහියකින් අනින ඒවා බව ඇයට ඒ අවස්තාවේදී සැකහිතුනේ නැත.  වැටහුනේ දැන්ය . රනේ ගුර්කා භටයාට වතුර ටිකක් පෙව්වේය. විනාඩියකට පමන පසු එක්වරම ගැස්සුනු ගුර්කා භටයා නිහඬවිය. වතුර ටික බීමට පහසුවනසේ රනේ ගුර්කා භටයා ගේ හිස එසවීය. එසේ කිරීමේදී තමන්ගේ ඇඳුමේ ලේ ගෑවුනබව රනේ ට නොවැටහුනි .

මේ මොන අපරාධයක්ද මට බලන්ඉන්න බෑ කාටද මේවගේ දෙයක් කරන්න පුලුවන් දෙවියනේ
ලාමිපුව අත  තබාගෙන සේති කෑගසන්නට විය. රනේ නිහඬව සිටියේය.

ගුර්කා භටයා මියගොස් ඇතිබව සැකහැර දැනගත් පසු නැගිට ගත් රනේ දිග සුසුමක් හෙලීය.
මම දැනගෙන හිටියනමි මේ බැල්ලිගෙ පුතා මැරෙන්න යනබව මම ඌ  එක්ක ගෝරි දාගන්නෙ නෑ දැන් මොකද කරන්නෙ
අල්ලපු ගෙදරට කියන එක හොඳයි
නෑ මම මේ විස්තර ගමිමුලෑදෑනියට කියන්නම් 
මට බෑ තනියම ගෙදර ඉන්න
බෝඡුරාඡුලගෙ ගෙදර පලයන් ඔවුන් තවම නිදි නැතිව ඇති
රාන්බහදූර් ගුරන්ග් ඒ ඔහුගේ සමිපූර්ණ නමය. ඔහු කාමරයට ගොස් තොප්පිය සහ කබාය ගත්තේය. ඔහු තම පිහිය ගැනීමට සැරසුනා පමනි. එහෙත් ඔහුගේ සිතට යමක් දැනුන නිසා එය තිබුන තැනම තිබෙන්නට ඉඩහැරියේය. කාමර දෙකේම දොරවල් වසා දමනා ලෙස සේතිට කී ඔහු  ඉක්මන් ගමනින් ගමිමුලෑදෑනියාගේ නිවස දෙසට ගමන් කලේය.
අහස වලාකුලෙන් බරව ඇත.  සඳ එලිය නැත.  එහෙත් පාරේ ගමන්කිරීමට තරමි එලියක් ඇත.  රනේට රාති‍්‍රයට ඇසෙන කිසිම හඬක් ඇසුනේ නැත.  යමෙකුට රසවිඳිය හැකි රාති‍්‍රයේ පැහැදිලි සොඳුරු දසුන් කොතරමි තිබුනද රනේ ට ඒ් කිසිවක් පෙනුනේ නැත.
ඔහුගේ හිතේ අවධානය සමිපූර්නයෙන්ම යොමුවී  තිබුනේ  ගුර්කා භටයා ගේ කාමරයේ සිට පිටව ගිය පුද්ගලයාගේ රුව සිහියට නගා ගැනීමටය. නමුත් ඔහුගේ උත්සාහය නිෂ්පල විය. ඒ අවස්තාවේ  ඔහු  සිටියේ අවදිවූ ගමන් තද නිදිමතේය. ගුර්කා භටයා ගේ කාමරය දෙස බැලීමට පෙර ඔහුගේ දෑස් ගිනිකූරු සහ ලාමිපුවේ කහපැහැ මලානික එලිය දෙස යොමුවී තිබූ නිසා ඔහු ඉදිරියේ සියල්ල පෙනී නොපෙනී ගියේය. එවැනි තත්වයක් තුල කරුවලේම පැන දුවන්නකු හඳුනාගැනීම ඉතාමත් අපහසුය.


ගමි මුලෑදෑනියාගේ නිවස ආසන්නයෙදී ඉද්දගැසුවාක් මෙන්  ඔහු එක්වරම නැවතුනේය.  ඔහුට යමක් සිහිවිය. ගමි මුලෑදෑනියා මිනීමැරුම ගැන සැකකර ඔහු අත්අඩංගුවට ගනියිද මිනීමරුවා පැනලගියා කියල මුලාදෑනියා විශ්වාසකරයිද මිනීමැරුම දැනගත්ගමන්ම රනේ මිනීමරුව පස්සෙ කෑගහගෙන දිවිවෙ නැත්තෙ ඇයි රනේ කියන්නෙ උසමහත තරුණයෙක් ඔහුට මිනීමරුව අල්ලගන්න එක අමාරුවැඩක් නොවෙයි. මිනීමරුවව හඳුනාගන්න හෝ හැඩහුරුකමි කියන්න රනේ ට පුලුවන් වෙන්න ඔ්න.
මිනීමරුව තමන් නොවෙයි කියන්න රනේට තියෙන එකම සාක්කිය ඔහුගෙ බිරිඳ සහ කතාකරන්න බැරි උඩ ඉන්න දෙවියො විතරයි. කවුද සේති ට ඇහුන්කන් දෙන්නෙ. ඔවුන් කියාවි ඒක හරියට හොරාගෙ අමිමගෙන් පේන අහනව වගේ වැඩක් කියල.
සැකහිතෙන ලොකුම සාක්කිය තමයි කවුරු හරි කියන්න පුලුවන් එදා හවස වෙචිච සිද්ධිය. සේතිට කරදරකල නිසා ඔහු ගුර්කා භටයා සමග ගෝරිදාගත්ත වෙලාවෙ ඔවුන් දෙදෙනාව දෙපැත්තට කරපු හැමෝටම ඇහුන ඔහු කේන්තියෙන් කෑ ගහල කියපු දේ.
මම උඹව මරනව මට නැතිවෙන්න තියෙන්නෙ එක ඡීවිතයයි
එතන හිටිය හැම දෙනාටම ඒක හොඳට මතක ඇති ඔවුන් ඒ ගැන කියාවි
දෙවියනේ ඇයි මිනීමරුව පස්සෙන් දුවන්න මට හිතුනෙ නැත්තෙ එහෙම කරානමි මිනිහව අල්ලගන්න තිබුන දැන් පරක්කු වැඩියි හැමදේටම මිනිහව ඡීවිතේටම අල්ලගන්න බැරිවේවි
ආපසු හැරුනු රනේ අඩි දෙක තුනක් ඉක්මනටම ගමන්කලේය. නැවත නැවතී හෙමින්ම ඔලුව වැනූ ඔහු අඳුරේම නොපෙනී ගියේය.
ඔහු තවමත් හිරිමල් වියේය. ඡීවිතය පටන්ගත්තා පමනි. යන්තමි අවුරුදු විසිදෙක ලැබුවා පමනි. ඔහුට ඇති එකම ගැලවිම ඉන්දියාවට පැනයාමයි . සේති මතක් වීමෙන් ඔහුගේ උගුර කට වියලී ගියේය. මිනීමැරුමට අසුවේයැයි වූ බිය ඉදිරියේ ආදරය පලාගියේය. ඔහුගේ කලින් තත්වය සහ දැන් තත්වය අතර වෙනස අහසට පොලව මෙන්විය.
ඔහු තමන් ගැන නිතරම සිතාසිටියේ මිනීමරුවන් අත්අඩංගුවට ගන්නා රඡයේ නිලධාරියෙකු ලෙසය. එහෙත් අනිත් මිනිස්සුන්ට අනුව දැන් ඔහු මිනිමරුවෙකි. ඔහුට සැම අතින්ම බිය දැනෙන්නට විය. කිසිදෙයකට බයනැති දිරිය පුද්ගලයෙකු ලෙස ඔහුට පිලිගැනීමක් තිබුනි. දැන් ඔහු බස්සෙකුගේ හඬට පවා තිගැස්සෙයි. ඔහු අසිහියෙන් මෙන් හිස හැරුනු අත දුවන්නට විය. ඈතට දිවයන තරමට ඔහු තමාගේ වල තමාම කපාගෙන තවතවත් හිරවිය.
ෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆ
බරාදාරි උසාවි ක‍්‍රමයේ තුන්වැනි දිස්ති‍්‍රක් උසාවියේ මහේස්ත‍්‍රාත්වරයා වන මහලු පත්මනිධි ලමීචානේ  තම නඩු හොඳින් ක‍්‍රමානුකූලව විශ්ලේශනය කරයි. ඔහු නඩුවල තීන්දු ලබානොදී එම නඩු ඉහල බලධාරීන්ට  ඉදිරිපත් කරයි. ඔහුගේ පුරුද්දවනුයේ විත්තිකරුවන් හෝ පැමිණිලිකරුවන්ට සැරවැරනොවී ඔවුන් සමග සැමවිටම කාරුණිකව සහ ආදරයෙන් කතාබහ කිරීමය .
ලාල් බහදුර්  හිරකාරයව අරගෙන එන්න
රනේ වාඩිවෙන්න පුතා  ඔබ බොහොම පෙනුමැති ඉලන්දාරියෙක් එහෙම නේද
හොඳ පෙනුමෙන් ඇති වැඩේ මොකක්ද සර් කෙනෙකුට අවශ්‍ය වන්නේ හොඳ වෙලාවක් මගේ කරුම ශක්තියයි හොඳවෙන්න ඔ්
තියෙන විදිහට අද උඹේ නඩුව අහන්නෙ ඉහලම නිලධාරීන් ඉදිරියේ උඹට තේරුනාද
ඔවි ඒක කොහොම වෙයිද සර් රනේ පුරුද්දට මෙන් ඇසුවේය.
රනේ උඹට ගැලවිමක් වෙන එකක් නෑ ලමීචානේ තම තොල් තදකරගනිමින්  හිස වැනීය.
වරදක් කරානමි ඒකට දඬූවමි ලැබෙන්න ඔ්න ඒත් වරදක් නොකල කෙනා ඇයි දඬුවමි විඳින්නෙ කවුරු හරි වහ බිවිවොත් මැරෙනව ඒත් වහ නොබිවිකෙනා මැරෙන්න අවශ්‍ය නෑ සර් රනේ වැරදිකරුවෙකු නොවන හැඟීමෙන් පැවසීය .
ඒක ඇත්ත නමුත් මොනව කරන්නද උඹ ගුර්කා භටයා එක්ක රණ්ඩු කළ දවසෙ ඌව මරල මිසක් නවතින්නෙ නැහැයි කියපු එක ඇහුනු පිලිගතහැකි සාක්කි කාරයො ගොඩක් ඉන්නව
ඹේ බිරිඳ ම්.. ම්.. ම්.. මොකක්ද එයාගෙ නම ඔව් සේති ඇයත් කිවිවා උඹ එහෙම කෑගැහුවා කියල නමුත් උඹ පිලිගත්තෙ නෑ එහෙම කිවිවයි කියල ඊට පස්සෙ
 උනාට රනේ යමක් කීමට උත්සාහ දැරීය.
මට බාදා කරන්න එපා
මිනීමැරුම සිදුවුන රෑ එයට ටිකකට කලින් උඹේ ගෙවල් ලඟින් ගෙදර යමින් හිටියා කවුද එයාගෙ නම කන්චා නීවර් හරිද
එයාට ඇහුනා උඹේ ගෑනි මරන්න එපා මරන්න එපා කියල  ලතෝනි දෙනවා ඊට පස්සෙ මිනිහට ඇහුනා උඹේ ගෑනි කෑගහනවා එයා දිව්‍ය ලෝකෙ ඉපදේවා කියල
සේති පිලිගත්තා එයා එහෙම කිවිවා කියල තවදුරටත් ඇය කිවිවා එයා එහෙම කෑගැහුවෙ උඹ කුඩා මකුලුවෙකුව මරන්න හැදුව නිසා කියල. කවුද ඒක විශ්වාස කරන්නෙ ඒ අතරෙ උඹ කිවිවා එහෙම දෙයක් වුනේම නෑ කියල
ඇත්ත සර් මම ඒක මුලදි ප‍්‍රතික්ෂේප කලා තමයි  බයට ඒත් පස්සෙ
මට ඇහුන්කන් දීපන් උඹ එහෙම කිවිවෙ නෑ කියල මුලදි උසාවියට බොරුකියල පස්සෙ පිලිගත්ත. එහෙම කිවුවයි කියල දැන් ඒක පිලිගත්තයි   කියල ඇති වැඩේ මොකක්ද. උඹ මිනීමැරුම කෙරුවෙ නෑ කියල දැන් දිවිරුවට උඹ දැන් කියනදේවල් ඇත්තවුනත් උඹට සති ගානක් ගියා එහෙම කියන්න. උඹ විනිසුරුවරුන්ට වැඩේ ලේසි කලා උඹව වැරදිකාරය කරන්න
ගුර්කා භටයා සේතිට කරදර කලනිසා උඹ ඔහුත් එක්ක ලොකු තරහකින් හිටිය එක පුදුමයක් නෙවෙයි  ගමේ වෙන කිසිකෙනෙක් ගුර්කා භටයා එක්ක තරහින් හිටිය කියල කවුරුවත් කියන්නෙනෑ
මිනිහ හුඟ කාලයක් මෙහේ හිටියෙ නෑ. මිනිහ බොහොම පොහොසත්. සේප්පුවෙ නෝටිටු ගොඩක්  සහ ඉන්දියන් රුපියල් තිබිල තියෙනවා. නමුත් ඔහුව මරල තියෙන්නෙ සල්ලි ගන්න නොවෙයි කියලයි පේන්නතියෙන්නෙ. කිසි දෙයක් හොරකමි කරල නෑ. අනික උඹ කෙලින්ම ගමිමුලෑදෑනිය ලඟට ගිහින් එයාට විස්තරය කිවිවනමි උඹට ගැලවෙන්න පොඩි අවස්තාවක් තිබුනා
ඒත් රනේ ඒ විදියට පැනල ගිහින් උඹ ඔක්කොම අවුල්කරගත්තා
කාට හරි උඹේ නඩුව කිවිව ගමන්ම ඔවුන් කියාවි එයා ඒක කලේ නැත්නමි ඇයි මිනිහ පැනල ගියෙ කියල. මමත් ඒකම කියනවා. අතන ඉන්න පැමිනිලි පක්ෂයත් ඒකම කියනවා. කවුද එහෙම නොකියන්නෙ
මට මොකක්ද කරන්න පුලුවන් සර් කරුමෙට මට කරන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරිවුනා. උන් හිටිතැන් අමතක වුනා. මට දැනුනෙ නෑ මම පැනල යනව කියල
ඌ මගේ ගෑනි සේතිට කරදර කරන කොට කේන්තිය වැඩිකමට කිසිදෙයක් කල්පනාවුනේ නෑ. මම ඉබේම ඌ ලඟට ගියා. මට හිතන්න බැරිවුනා. මට හොඳටම කේන්ති ගිහින් තිබුනෙ. මම කියන්නෙ මොනවද කියල දැනුනෙ නෑ.  මම හිතාමතා හෝ නොහිතා කලේ එචිචරයි මම වෙන කිසිම වැරැද්දක් කලේ නෑ
පැනල ගිය එක තමයි මම කරපු එකම අත්වැරැද්ද මෝඩකම. මම බයට පැනල ගියනිසා දඬුවමි විඳින්න ඔ්න කියල ඔවුන් කියනවනම්
මිනිස්සු කියනවා බයවුනාම උඹ කලබල වෙනව කියල
මේ බලපන් හාදය පරිවේෂණ සාක්කි ඒ කියන්නෙ විමර්ශණාත්මකව ගොඩනගපු සාක්කි කියනඑක අරුම පුදුම දෙයක්
ඒ අවස්තාවේදී පුහුණුව ලබන සුදුඡාතිකයෙකු පැමින අසුන් ගත්තේය. ලමිචානේ තමාගේ පලපුරුද්ද පෙන්වීමට ටිකක් හිතට අරගෙන  කතාව දිගටම කරගෙන ගියේය .
පරිවේෂණ සාක්කිවලට පුලුවන් අහිංසකයෙකුව අපරාධකාරයෙක් කරන්නත් අපරාධකාරයෙකුව අහිංසකයෙක් කරන්නත්
ඉහල විනිසුරු තුමා තවම ඇවිත් නැතිනිසා එතුමා එන්න කලින් මේ පුරුදුවෙන එකාට පාඩමක් දෙකක් කියාදෙන්න ඉඩදීපන්
ස්තී‍්‍ර දූෂණ වලදි මිනීමැරුමි වලදි ඇසින් දුටු සාක්කිකාරයො ඒ කියන්නෙ ඒ සිද්ධි ඇත්තටම දැක්ක මිනිසුන්ව සහ සාක්කි හොයාගන්න හරිම අමාරුයි. ඇසින් දුටු සාක්කිකාරයො හිටියත් ඒවා සාමාන්‍යයෙන් විශ්වාසදායක නෑ. ඒ ඒ වෙලාවෙ තියෙන වාතාවරනය අනුව සාක්කි වල තත්වය වෙනස් වෙනවා. එවැනි නඩුවලදි නීතිය කි‍්‍රයාත්මක කරන නිලධාරින්ට තීරන ගන්න උදවිවෙන ප‍්‍රධානම දේ තමයි පරිවේෂණ සාක්කි
උඹට තේරුනාද රනේ. පරිවේෂණ සාක්කි.  නඩුඅහන අයගෙ තිරණවලට ලොකුම බලපෑමක් කරන්නෙ පරිවේෂණ සාක්කි. ඒ කියන්නෙ විමර්ශණය කරල ගොඩනගපු සාක්කි. ඒව ගැන අවිශ්වාසයෙන් බොරුයි කියල හිතන එකෙන් කිසිම වැඩක් වෙන්නෙ නෑ
ඒව ඇත්ත වෙන්නත් පුලුවන්. බොරු වෙන්නත් පුලුවන්. ඒව බොරුයි කියල හිතල නඩු ඉදිරියට ගෙනියන්න විදියක් නෑ
පවත්නා වාතාවරනය තුල විත්තිකාරයට එල්ලවෙලා තියන චෝදනා ඇත්තවගේ කියල තේරුනොත් විත්තිකාරයට නිදහස් වෙන්න ලේසිවෙන්නෙ නෑ
දැන් උඹේ නඩුව ගනින්. උඹට කරන්න පුලුවන් එකම දේ මිනීමැරුම නොපිලිගන්න එක. නිකමට හිතමු උඹ මිනීමැරුම කලේ නෑ කියල. හරිද මම මෙහෙම හිතනව විතරයි .මම කියන දේගැන එචිචර ලොකුවට හිතට ගන්න එපා. උඹ ඇත්තටම අහිංසක නමි මෙහෙමයි සිද්ධිය වෙන්න ඇත්තෙ
උඹ ගුර්කා භටය එක්ක ගුටි ඇනගන්න ගියවෙලාවෙ උඹලව දෙපැත්තට ඇදලගන්න උත්සාහකරපු අය අතර කවුරුහරි හිටිය අපරාධයක් කරන අදහස ඇතිව
ගුර්කා භටයා ලඟ සල්ලි තියෙනව කියල එයා නොදන්න විදියකුත් නෑ. උඹ ගුර්කා භටයව මරල මිසක් පස්ස බලන්නෙ නෑ කියන එකත් එයාට ඇහුන. එයාගෙ ඔලුවට ආව දරුනු අදහසක්. ගුර්කා භටයව මරල සල්ලි අරගෙන උඹව මිනීමැරුමට අහු කරන්න
දැන් උඹයි ගෑනියි යාලුවගෙ ගෙදර ඉඳල ඇවිල්ල වත්තට වෙලා වාඩිවෙලා ඉන්නවෙලාවෙ එයා ගුර්කා භටය ලඟට ගිහින් නවතින්න ඇහුව
සමහරවිට මිනිහ තවදුරටත් කියන්න ඇති උඹ දන්නෙ නෑ උඹට වෙන්නෙ මොනවද කියල තනියම නිදාගත්තොත් . විශේශයෙන්ම උඹව මරනවයි කියපු එකාගෙම ගෙදර. මටත් උඹ එක්ක මෙහේ නිදාගන්න දීපන්
ගුර්කා භටය මේකට කැමති වෙලා මිනිහට නිදාගන්න දුන්න එදා ? උඹල නිදාගන්න යන්න කලින් කතාකල දේවලුත් සමහරවිට මිනිහට ඇහෙන්න ඇති
සමහරවිට මේ වනවිට මිනිමරුව   මෙහෙම දෙයක් හිතල නැතිවෙන්නත් පුලුවන්
මට යමක් අමතක වුනා හරි කමක්නෑ
ඹේ ගෑනි කියපුදේ මතක්කරමු. මරන්න එපා ඒක කරන්න එපා. හරි ඒ කිවුවෙ මකුලුවෙකුට කියල පිලිගනිමු
දැන් උඹල දෙන්න නිදියි කියල අපරාධකාරයට තේරුනා. ඊටපස්සෙ ගුර්කා භටයට නින්ද ගියාකියල හරියටම දැනගත්තට පස්සෙ  ඔහු නැගිටල ගුර්කා භටයව මරල දැමිම. ඒවුනාට පිහියෙන් අනින සද්දෙ උඹලට ඇහෙයි කියල ඔහුට එකපාරින්ම තදින් ඇනල මරන්න බෑ. ඒනිසා සිද්ධවුනා හෙමින් හෙමින් කීපපාරක්ම අනින්න. ගුර්කා භටය දඟලන එක නැවතුනාම ඔහුට අවශ්‍යවුනේනෑ බෙල්ල කපල දාන්න. අවශ්‍ය වුනේ සල්ලි පෙටිටිය ඇරල සල්ලි අරන් පැනල යන්න. ඒ උනාට යතුර අරන් පෙටිටිය අරින්න හදනකොටම පනඅදිමින් හිටිය ගුර්කා භටයව ඇඳෙන් බිමට වැටුන. එතකොට ලොකු සද්දයක් ඇතිවුනා. අපරාධකාරයට කිසිදෙයක් හිතාගන්න බැරිවුනා. උඹල කතාකරන සද්දෙ ඇහුනගමන්ම මිනිහ හොඳටම කලබලවුනා. එයා යතුරු කැරැල්ල කොට්ටෙ යටින් තියල සල්ලිත් නොගෙනම පැනලගියා
ඊට පස්සෙ අවංක ගූරන්ග් ඡාතිකයෙක් වුන උඹ ගුර්කා භටයට වතුර පොවන්න ගියාම උඹේ අත්වල සහ ඇඳුමිවල ලේ ගෑවුනා. උඹට තිබුන ඒව හෝදල දාන්න. ඒත් උඹ ඒක දැක්කෙ නෑ. උඹ හිතුව ගමිමුලෑදෑනියව හමුවෙන්න ඒත් උඹ ඒක කලෙත් නෑ. උඹ හිතුව උඹව අත්අඩංගුවට ගනියි කියල . උඹේ ඔලුවට ආව පැනල දුවපන් කියල. උඹ පැනල ගියා. ඒ වැඩෙන්වෙන ප‍්‍රතිපලය ගැන උඹ හිතුවෙ නෑ. උඹව අල්ලගත්තට  පස්සෙ උඹේ පපුව වේගයෙන් ගැහෙන්න ගත්තා. උඹ වැරදි විදියටතමයි තීරන ගත්තෙ. උඹ මුලදි කිසිදෙයක් පිලිගත්තෙ නෑ . හැමදේටම නැහැයි කිවිවා. ප‍්‍රතික්ෂේප කලා. ඊට පස්සෙ එක එක දේවල් පිලිගත්තා.  දෙයියොතමයි දන්නෙ ඇයි එහෙම කලේ කියල. උඹ අහිංසක නමි නිවැරදිකාරය නමි එහෙම තමයි සිද්ධවෙන්න අැත්තෙ. ඒ වුනාට උඹට මොනවද කරන්න පුලුවන්. දැන් පවතින තත්වය අනුව පරිවේෂණ සාක්කි මත උඹව කොටුවෙලයි තියෙන්නෙ
චිටිවාන් වල රාප්ති ගඟ ලගදි අත්අඩංගුවට ගන්න තුරු උඹ පැනල ගිහින් හැංගුනා. උඹේම කතානිසා උඹ හොඳටම තදවෙලයි ඉන්නෙ. අන්තිමට උඹ හුගක් දේවල් පිලිගත්තා. මිනිමැරුම විතරක් පිලිගත්තෙ නෑ
දැන් ඉතින් උඹට මොනවද කරන්න ඉතුරුවෙලා තියෙන්නෙ. උඹ පැනල ගිහින් හැංගුනේ නැතිනමි පහල උසාවියෙදි ඒ කියන්නෙ බටහිර අංක දෙක උසාවියෙදි මුලදිම ඇත්ත කිවුව නමි සමහරවිට මේ මිනීමැරුම සැකසහිතයි කියල උඹලගෙ ගෝරිය වෙලවෙ හිටපු අයගැන හොයල බලල විමර්ශනයක් කරන්න තිබුන. කවුද දන්නෙ ඔවුන්ට මොනවහරි හෝඩුවාවක් හොයාගන්න තිබුන
උඹ මේ කතාව දැන් කිවුවොත් එතරමි වැඩක් වෙන එකක් නෑ. ඔවුන් උඹ ගැන තවදුරටත් සැක හිතන එක විතරයි වෙන්නෙ
රනේ මහේස්ත‍්‍රාත්වරයා දෙස එක එල්ලේ බලා සිටියේය.  මහේස්ත‍්‍රාත්වරයා කී දෙයින් ඇතිවූ බලපෑම පිලිබඳව කිසිදු හැඟීමක් ඔහුගේ මුහුනෙන් පිලිබිඹු නොවීය. නලලෙන් දහඩිය දමන්නට විය.
කියූ කිසිවක් ඔහු තේරුමි නොගත් නිසා හෝ කිවූ සියලුදේ ඔහුගේ හිතට තදින් කාවැදුනු නිසා හෝ ඔහුගේ වියලුනු ඇස්වලින් පිටවීමට ආසන්නවූ කඳුලු ගලා නොගියේය. ඔහුගේ තොල් දෙතුන් වතාවක්ම සෙලවුනි. ඔහු සමහරවිට පරිවේෂණ සාක්කි කියමින් මුමුනන්නට ඇත.
මහේස්ත‍්‍රාත්වරයා කතාව ඉවරකල පසු රනේ දිගු හුස්මක් ගත්තේය. ඔහු බිම බලාසිටියේය. එහාට මෙහාට ඇඹරුනේය.  ඔහුගේ අතීත ඡීවිතයම බිම ඇතිරූ පිගන්ගඩොල් තුලින් බලාගත හැකිවෙතැයි ඔහු පිගන්ගඩොල දෙස බලාසිටියේය.
හැම දෙනාටම කොලරාව හැදිල මැරුනා. අපි ඔක්කොම ලොකු පවුලක්. මම හැර  අනිත් ඔක්කොම මැරිල ඇයි මම විතරක් ඉතුරු වුනේ. මේ ඡරා කාලකන්නි  අවසනාවන්ත තත්වයට වැටෙන්න  මේ කරුමෙ ගෙවන්න ඔහු කෙඳිරීය.
ෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆ

ඔවි කතා කරන්න
බටහිර අංක දෙක උසාවිය රනේගෙ අභියාචනය අංක තුන ඉහල උසාවියට ඉදිරිපත් කරල මහේස්ත‍්‍රාත් ලමීචානෙ නිශ්චිත තීන්දුවක් ගත නොහැකිව දෙගිඩියාවෙන් පැවසීය .
පවතින වාතාවරනයට අනුව දිස්ති‍්‍රක් ආන්ඩුකාරයා දැන් සියලුම සාක්කි පිලිඅරගෙන නමුත් අනිත් අතට
ඔක්කොම හරි සාක්කි හැමදෙනාම පිලිගත්තා එහෙම නේද
නමුත් ඔහුගෙ ප‍්‍රතික්ෂේප කිරීම නිසා
ඔහුගෙන් අහන්න මොනවද ඔහු කියන්නෙ කියල
ස්වාමීනි  මම හොඳ ගූරන්ග් ඡාතිකයෙක් මට සාධාරණයක් ඉටුනොවී මැරෙන්න  අවශ්‍ය නැහැ අත් දෙක එකිනෙක පටලවමින් ඉහලට ඔසවමින් රනේ අඬන්නට විය මම කිසිම වරදක් කරල නෑ ස්වාමිනි
මෝඩය එහෙනම් ඇයි උඹ පැනල ගියෙ
ස්වාමිනි කරමින් හිටියෙ මොනවද කියල මම දන්නෙ නෑ
මොනවද උඹට කරන්න පුලුවන් හැමදෙනාටම ඒත්තු ගිහින් තියෙන්නෙ උඹ තමයි වරදකාරය කිය ”
රනේ එනතුරු උද්‍යානය අසල ලුමාඩි පන්සල ලඟට වී සේති බලාසිටියාය.  ඉන්පසු එක තැනක වාඩිවී  සිටීම අපහසුනිසා ඇය උද්‍යානයේ ගේටිටුව හා ඩර්හාරා මුස්ලිමි පල්ලිය අතර එහාට මෙහාට ඇවිදින්නට විය. ඇවිදීම නිසා ඇගේ කකුල් වලට මහන්සි දැනෙන්නට විය. පාර දිහා බලාසිටීම නිසා  දෑස් රිදෙන්නට විය.  අවසානයේදී ඇය ඡුන්ග් බහදූර් පිලිරුව පිටුපස බිත්තියට හේත්තුවිය. ඇගේ සිත ඔවුන් දෙදෙන පලමුවෙන් මුනගැසුන අවස්තාවට ගියාය.
ඇය ගුරුවරයාගේ ගෙදර සිටිනවිට හැඳින්වූයේ රමිබඩාන් ලෙසය. හැමදෙනාම ඇයට සේති ලෙස කතාකරන විට රනේ දිගටම ඇයට රාමා ලෙස ඇමතීය. ඇය ගුරුගෙදරින් පිටව ගෙදර යනවිට ඇය සමග යාමට කෙනෙකු සොයමින් සිටියාය. බනේස්වර් දිස්ති‍්‍රක්කයේදී ඇයට රනේ හමුවිය. රනේ ගැහැනුන් ඉදිරියේ ලැඡ්ඡාකාරයෙකි . ඇගේ ගමි පලාත බලායන අයෙකු දන්නේදැයි ඇය ඔහුගෙන් ඇසුවාය. ඔහු සමග කතාකරමින් සිටියදී ඇය ඔහු පිලිබඳව බොහෝ දේ දැනගත්තාය. ඔහුගේ පවුලේ සියලුම දෙනා කොලරා වසංගතයෙන් මියගිය බවත් ඡීවත්වන්නේ තනියම බවත් දුප්පතෙකු නොවුවත් ස්වේච්චාවෙන් රයිපල් හමුදාවට බැඳී ඇතිබවත් ඇය දැනගත්තාය. රනේ ගේ ලැඡ්ඡාව වැඩිවන තරමට ඇය තවතවත් ඔහුට ආකර්ශණය විය. දුර්ගා දේවිය පුදන දසේන් නමි වූ විශේශ නිවාඩුව රනේටද ලැබුනි. තමතමන්ගේ පාරමිපරික නිවාස ඇති ගමට ගොස් දසේන් උත්සවය සැමරීම සාමාන්‍ය සිරිතය. ඔවුන් දෙදෙනාම එකට රනේගේ ගමේ යායුතු බව ඇය ඔහුට ඒත්තු ගැන්වූවාය. ගමට ගියවිට රනේගේ නිවසට ඇය කැමතිවිය. එහි දින කිහිපයක් නතරවූ ඇය තනියම නිදාගැනීමට බයබව කියා රනේගේ කාමරයට ගියාය. රනේ ආදරය ගැන ඇගෙන් ඉගෙනගත්තේය. ඔහුද ඇයට ආදරය කලේය.
දමිවැල් වල සද්දයෙන් ඇය සිහින ලොවින් මිදුනාය. මෙයට පෙර දෙවතාවක්ම එම සද්දය ඇසී ඇය නැගී සිටියද ඔහු පැමිනියේ නැත. මෙවතාවෙත් ඇය හිස ඔසවා පන්සල පැත්ත බැලුවාය. තවත් මිනිසුන්ට මැදිව සෙමින් සෙමින්  ඇවිදින රනේව ඇය දුටුවාය. ඔහු දමිවැල අතේ තබාගෙන සිටියි. මුලදී නඩුවිභාග වලදී මෙලෙස දුටුවිට ඇය ඔහු ලගින්ම  සිටියාය. ටික කලක්යද්දී ඇය එයට හුරු වූවාය. දැන් ඇයට ගානක් නැතිතරමිය. සුලු වේදනාවක් පමනක් ඇතිවේ.  පුදුමයකි ඇගේ තුල තිබූ සංවේදනීය හැඟීමි නැතිවූවාද ඇයට එම ප‍්‍රශ්ණය ඇසීමට අවශ්‍ය නැත. පිලිතුර ඇගේ හදවතින්ම ලැබී ඇත. ඔහු වරදකරු බව තීන්දු වී ඇත.
මොකද වුනේ රනේ ලංවත්ම ඇය සුපුරුදු ලෙස ඇසීය. රනේ සිටියේ බිම බලාගෙනය. සේතිගේ කටහඬ ඇසුනු විගස නැවතුනු රනේ ඇගේ මුහුණ දෙස බලාසිටියේය.
අමතක වූ යමක් මතක් කිරීමට උත්සාහගන්නාවු අයෙකුගේ විලාශයක් ඔහු කෙරෙන් දිස්විය. ඇය නැවත කතාකරන තුරු ඔහු පිලිතුරු නොදුන්නේය.
වරදකරු
 සේති වැලපෙන්නට විය. එහෙත් ඇගේ දෑස් වියලී ඇත.
දුක් වෙන්න එපා රනේ පාරේ ඈත බලමින් දමිවැල හකුලමින් සහ දිගහරිමින් පැවසුවේය.
ඉපදුනොත් යමිදවසක මරණය නියතයි. එකම ගැටලුව ඒක සිද්ධවෙන්නෙ ඉක්මනටමද පහුවෙලාද කියන එක. මම දිව්‍යලෝකෙ උසාවියෙදි සියලු දේ විස්තර කරනව
පරිවේෂණ සාක්කි ඔවුන් දිගටම කිවිවා.
මොනවද ඒ කියන්නෙ
මම දන්නෙ නෑ ඔහු බිරිඳ දෙසට හැරුනේය.
පරිවේෂණ සාක්කි මේක තමයි මට වුනේ
කුඩාකල පඩිපෙලකින් වැටීමකින් සිදුවූ කැලලක් රනේගේ නිකටේ විය. කැලල ඇති ප‍්‍රදේශය වෙවුලන්නට විය. නාස්පුඩු ගැහෙන්නට විය. නමුත් දෑස් ප‍්‍රබෝධමත්ය.
සේති උඹ ඉන්න  තැනක උඹට  සතුට තියෙයි. සතුටින් ජීවත්වෙයන්
අඩි කීපයක් ඉදිරියට ගිය ඔහු නැවතී ඇය දෙස සතුටින් බැලුවේය.
මට සතුටු වෙන්න හිත හදාගන්න එක දෙයක් තියෙනවා හමුදා රෙමේන්තුව හිතනව ඇති මම මිනිහව මැරුව කියල. ඒත් උඹ දන්නව මම නිර්දෝෂයි කියල. එහෙම නේද
සේති හිස සැලුවාය.
මට ඒ හොඳටම ඇති
රනේ ඉවතට යනබව සේතිට ඇසුනි.  ඇය හිස ඔසවා බැලීය. දමිවැල්වල හඬ ටිකෙන් ටික නොඇසී යයි. නමුත් ඔහුගේ දිගු බෙල්ල වටා එල්ලෙන යකඩවිලංගු ඇයට තවමත් පෙනේ.
මට ඒ හොඳටම ඇති. ඔහු කිවූදෙය ඇසෙයි.
ඇගේ හදවත තුල සිරවී තිබූ වේදනාව එලියට පැන්නේය. ඔහු සමග කතාකරන විට වියලී තිබූ කඳුලු  මහා වරුසාවක් සේ ඇද හැලෙන්නට විය. මින්පසු ඔහු දක්නට නොලැබේ. ඔහුගේ කටහඬ නොඇසේ. ඇය ඔහු ගිය දෙස කඳුලු පිරි දෙනෙතින් බලා සිටියාය.



නේපාල ජාතික පුෂ්කාර් ශාමිශේර් ගේ “පරිබාන්ඩ් ”  නමිවූ කෙටිකතාවේ ඉංගී‍්‍රසි පරිවර්තනය වූ Circumstantial Evidence ඇසුරෙන් කල සිංහල පරිවර්තනය


අාචාර්ය  ජගත් ර ෑපසිංහ