Friday, December 8, 2023

 

 නීල ගුවන් ගැබ

නිල්වන් දිය රල

හමනා මදනල

සොදුරුය දියදම

මා ආ මාවත

එලිය කරන්නට

මට මග පෙන්වු

පහන් ටැඹයි නුඹ

නුඹ පෙනෙනා ඉම

නැවතී නිසලව

නුඹ දෙස බලමින්

ගිමන් හරිමි මම

මතුයම් දවසක

සෙනෙහෙ ලබන්නට

පහන් ටැඹේ

ආලෝකය වන්නට

1 comment:

  1. ලස්සනයි. රූපයක් සහ සිරස්තලයක් දාන්න.

    ReplyDelete