Monday, November 21, 2016

කෙටිකතාව මතකබණ

මතක බණ
ඊයෙ දවස පුරාම අැදහැලුණ  ධාරාණිපාත වැස්සට තෙමුන ගස්කොලන් තවමත් තෙතබරිතයි. පෙරදින වැහිවළාකුළු වලින් වැසීතිබුනු පසලොස්වක සඳ අද ලස්සනට පායලා. ගේ ඉස්සරහ ලයිට්කණුවේ එල්ලෙන තැනින් තැන ඉරුනු සුදු කොඩිය සුළඟට වැනෙන ආකාරය දෙසසඳඑලියට දිලිසෙන ගස්කොලන් අතරින් විජේකෝන් බලා සිටියා. තාත්තගේ තුන්මාසෙ බණ දිනයත් ටික ටික ලංවෙනවා. විජේකෝන්ට ඒක දැන් හිසරදයක් වෙලා. බණ කියල දානෙ දෙන එක නොවෙයි අමාරු වැඩේ. බණට ප්‍රසිද්ධ ස්වාමීන්වහන්සේනමක් සොයාගන්න එකයි ගැටළුව. විජේ හැමදාමත් හිතුවෙ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට බණට ආරාධනය කරන්න. පන්සල එක්ක තාත්තගේ තිබුන දැඩි බැඳීමත්දායක සභාවෙ සභාපති ලෙස පන්සලේ හැම කටයුත්තකදිම  මුල්තැන ගෙන වැඩ කිරීමත් නිසාලොකු හාමුදුරුවො තාත්ත ගැන හොඳට දන්නව. ඒ නිසා බණ කියන්න වඩාත්ම සුදුසු ලොකු හාමුදුරුවො කියලයි විජේට හිතුනෙ. පසුගිය දවසක පන්සලට ගිය වෙලාවෙත් ලොකු හාමුදුරුවො බණ ගැන මතක් කළා.

"විජේකෝන් මහත්තයතාත්තගෙ තුන්මාසෙ පින්කමත් ලඟයි නේද?
"එහෙමයි අපෙ හාමුදුරුවනේ."
"නියම දිනේටම ගන්නවද නැත්තම් මහත්තයලට පහසුවිදියට සතිඅන්තයකට යොදාගන්නවද"
"නියම දිනේටම ගන්න තමයි හිතාගෙන ඉන්නෙ හාමුදුරුවනේ."

හැමදෙනාම මැෂින් වගේ වෙලා. ඡීවිතයම තරයක්. ඉමක් නොපෙනෙන ලෝකයක අසාවන් පසුපස හැල්මෙ දුවනවා. බොහෝ දෙනෙකු නිවාඩු පිළිබඳ| ගැටළුව මත උත්සව සහ පින්කම් දාන තමන්ට අවශ්‍ය පරිදි වෙනස්කරගන්නා කාලයක අප ඡීවත්වන බව විජේට හිතුන. ඒකත් දැන් සාමාන්‍ය දෙයක්බවට පත්වෙලා. ඒත් විජේ හිතුවෙ තාත්තගෙ පින්කම නියම දිනයටම කරන්න.
ප්‍රසිද්‍ ජනප්‍රිය  ස්වාමීන්වහන්සේනමක් බණට හොයාගන්න එක ලේසි වැඩක් නොවෙයි. අම්මගෙ බිරිඳගෙ නෑයන්ගෙ යාළුවන්ගෙ මේ හැම දෙනාගෙම බලාපොරොත්තුව ආසාව ජනප්‍රිය ස්වාමීන්වහන්සෙ නමකගෙන් බණ අහන්න. ලොකු ලොකු තානාන්තර දරන මිනිස්සු එක්ක විඡේගෙ තියෙන සම්බන්ධතාත්, මාධ්‍ය සගයන් සමග ඇති  දැනහැඳුනුම්කම් නිසාත්ජනප්‍රිය ස්වාමීන්වහන්සෙනමක් වඩම්මවගන්න පුළුවන්වෙයි කියලයි හැමෝම කියන්නෙ. ඒත් විජේගෙ හිත කියන්නෙ පන්සලේ ලොකුහාමුදුරුවො තමයි බණ කියයුත්තෙ කියල. ප්‍රසිද්ධ ස්වාමීන්වහන්සෙල ගැන විඡේගෙ අකැමත්තක් නැතිවුනාට විජේට හිතෙන්නෙ ඒකත් යම්ආකාරයක විලාසිතාවක් කියලයි.

 ‘””'අපේ ගෙදර බණ කිව්වෙ අහවල් ස්වාමීන්වහන්සෙ. ඒ ස්වාමීන්වහන්සෙගෙ බණ හරිම හොඳයි. හැමෝටම තේරෙනවා. අපි යන්නෙ අසවල් පන්සලට.’’ ආරාමෙට. මිනිස්සු මේ විදිහට කතාවෙනවා විජේට අනන්තවත් ඇහිල තියෙනවා. සමහර ස්වාමීන්වහන්සෙලගෙ  පෙනුමටකටහඦඬට මිනිස්සු වශීවෙලා ඉන්නෙ. ගමේ පන්සල පැත්තපලාතකවත් නොයන සමහරු සල්ලි වියදම්කරගෙන හැතැප්මගනන් මග ගෙවාගෙන දහම් වැඩසටහන්වලට සහභාගි වෙනවා. මාසයකට වතාවක් දහම් වැඩසටහනකට සහභාගිවන මල්ලිකා ඇන්ටිව මතක්වෙලා විජේට තනිවම හිනහ ගියා. ඇන්ටිගෙ අල්ලපු ගෙදර ඉන්න පියදාස අන්කල් කියන්නෙනම් ලෝකෙට පේන්න උපාසිකාවක්වන ඇන්ටි තමන්ගෙ වත්තෙ එකතුවෙන කුණු කොලරොඩු හොරෙන්ම අල්ලපු වත්තට වීසිකරනව කියලයි. කොහොමවුනත් මේ හැම දහම් වැඩසටහනකින්ම රටේ බෞද්ධ ප්‍රබෝදධයක් ඇතිවෙලා. සෑම ස්වාමීන්වහන්සෙනමක්ම උත්සාහ කරන්නෙ මිනිසුන්ව දහමට නැඹුරුකරවන්න සහ හොඳමගට ගන්න.

මහත්තයලගෙ ගෙදර බණට ගුණානන්ද නායක හාමුදුරුවො වඩිනවයි කියන්නෙ ඇත්තද. ” විජේව දැකපු කඩේ මුදලාලි ප්‍රශ්ණ කළා.
කවුද මුදලාලි කිව්වෙ. 
නෑ මේ ගමේ හැමෝම කතාවෙනව. මහත්තය ලොකුලොකු අය අඳුරන නිසා මහත්තයට පුලුවන්කියල නායක හාමුදුරුවන්ව ගෙන්න ගන්න. 
අනේමන්ද මුදලාලි බලමුකො.” එහෙම කියාගෙනම මුදලාලින් සමුගත්තා.

“““ඔයා දැන්ම හොඳ ස්වාමීන්වහන්සෙනමකට ආරාධනා කරන්න. ලේසියෙන් දිනයක් ගන්න බැහැයි කියලයි හැමෝම කියන්නෙ. ”” පසුගිය ටිකේම බිරඳගෙ කරච්චලේ.
““පුතේ  අර කවුරුත් කියන්නෙ ටවුමෙ හොඳ ස්වාමීන්වහන්සෙනමක් ඉන්නව කියල. ”” අම්ම ගමේ පන්සලට හිතවත්වුනාට අම්මගෙ ඔළුවටත් කවුරුහරි විකාර අදහස් දාන්න ඇති විජේට හිතුන. අම්ම කියන ස්වාමීන්වහන්සෙ ගැන විජේගෙ පැහැදීමක් නැහැ. දුවගෙ බාලදක්ශිකා පුහුණු පන්තියට ගිය වෙලාවෙ කුඩා දැරියන් දෙදෙනෙකු අතර වෙච්ච කතාව විජේගෙ හිතට තදින්ම කාවැදිල තිබුන.
“““ඔයා ඇහුවද අර හාමුදුරුවන්ගෙ බණ. හරි ශෝක් අනේ.””
““ඔව් හරිම ජොලි. හිනායනව. ””
ළමයින්ට බණ ජොලියක්විනෝදයක් වෙලා.
““කවුද බණ කියන්නෙ? ” කවිබණ ස්වාමීන්වහන්සෙද, ධම්මසිරි ස්වාමීන්වහන්සෙදසංඝාලෝක ස්වාමීන්වහන්සෙදඋපනන්ද ස්වාමීන්වහන්සෙද,” ගුණානන්ද ස්වාමීන්වහන්සෙදයාළුවො නම්වැලක් කියාගෙන ගියා. කවුරුකවුරුත් කියන එකේ ප්‍රසිද්ධ ස්වාමීන්වහන්සෙනමකට ආරාධනා කරන එක හොඳයි කියල විජේටත් හිතුන.
ප්‍රසිද්ධ ස්වාමීන්වහන්සෙනමක් සමග කිට්ටු හිතවත්කමක් තියෙන යාළුවෙකුට විජේ කතාකළා.
““තාත්තගෙ බණට හාමුදුරුවො වඩම්මවගන්න පුළුවන්ද?. මම දන්නව උන්වහන්සෙ වඩිනකොට ස්පීකර් සෙට් එකත් වෙනමම ගේන්න ඕන  කියල. ” ”  
““ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක නෙවෙයි විජේ. වැඩ වැඩිනිසා උන්වහන්සෙ දැන් ගෙවල්වල බණට වඩින්නෙ නෑ. ප්‍රසිද්ධ තැන්වල ලොකු වැඩසටහන් වලට විතරයි වඩින්නෙ. ” ”  යාළුවගෙ කතාවත් සමගම ඒ අදහස අතහැර දාන්නවුනා. උන්වහන්සේ බණට වඩින්නෙ නැතිබව දැනගත්ත අම්මගෙ සහ බිරිඳගෙ මුහුනෙ ඇතිවුන බලපොරොත්තුකඩවීමේ හැඟීම් දැකල විජේට දුක හිතුන. අබේගෙ බිරිඳ ශාන්ති පන්සල් සහ ආරාම කිහිපයකම හොඳදායිකාවක් බව විජේට මතක්වුනා.
““මචන් අබේ,  ශාන්තිට කියල හොඳ ස්වාමීන්වහන්සෙනමකට බණට ආරාධනා කරන්න කියලයි කතා කළේ.”” විජේ අබේට කෝල් කළා.
““ඔව් ඔව් මෙයාට පුලුවන්. මෙයා ගෞතම බුදු සසුනෙම නිවන් .......... ””  අබේ කතාව ඉවරකරන්න කලින්ම ශාන්ති ටෙලිෆෝන් එක උදුරගත්ත බව විජේට දැනුනා.
““විජේ,  මෙයා කියන  දේවල් අහන්න එපා. ඔයා අම්මයි මැණිකෙයි එක්ක ලබන ඉරිදා එන්න. අපි ගිහින් අර ආරාමෙ ස්වාමීන්වහන්සේට අරාධනා කරමු.””
ඉරිදා උදෙන්ම කට්ටියම අබේලගෙ ගෙදර ගියා. ශාන්ති ගමේ විදිහට ලොකු තේ මේසයක් ලෑස්තිකරල.
““පුතේ පූජාකරන්න පිරකර මොනවහරි ගන්න ඕන නේද. ” ”  තේ පානයෙන් පස්සෙ ගමන පිටත්වෙන්න කලින් අම්ම හෙමින් කිව්වා.
““අපට යනගමන් සුපර්මාර්කට් එකෙන් ගන්න පුලුවන්.”” ශාන්ති උත්තර දුන්නා.
අතරමගදි සුපර්මාර්කට් එක ලග නැවැත්තුවෙ පූජාකරන්න දෙයක්ගන්න.
““ආන්ටි හොඳ චොකලට් එකක් ගත්තම ඇති. ” ” ශාන්ති වාහනයෙන් බහින ගමන්ම කිව්වා.
අම්ම විජේ ගෙ මූණ දිහා බැලුවා. ස්වාමීන්වහන්සෙට මොකටද චොකලට් යන හැඟීම අම්මගෙ මුහුණෙන් කියවුනා.
චොකලට් වලට අමතරව අම්ම තවත් දේවල් ගත්ත. ආරාමයට යනකොට සෙනග පිරිල ස්වාමීන්වහන්සෙව මුනගැහෙන්න.  එහාට මෙහාට යමින් සෙනගට උපදෙස් දෙන අය කිහිපදෙනෙක්ම ඉන්නව විජේ දැක්ක.
‘“ස්වාමීන්වහන්සෙව හමුවෙන්නද ආවෙ. බණකට ආරාධනය කරන්නද. ” ඒ අය අතරින් සමහරු විජේගෙන් ඇහුවත් විජේ ඇහුනෙ නැතිවිදියට හිටිය. ස්වාමීන්වහන්සෙව හමුවෙන්න ඕනනම් ඔක්කොටම කලින් ඒ අයගෙන් අවසර ගන්න ඕනවිදියටයි ඔවුන්ගෙ හැසිරීම සහ කතාව.
ආරාමපන්සල් තමන්ගෙ පුද්ගලික දෙයක් කියල බදාගෙන ඉන්න දායකයො තමයි සාමාන්‍ය මිනිසුන්ගෙන් ස්වාමීන්වහන්සෙලව ඈත්කරවන්නෙ. පන්සල් ආරාම එපා කරවන්නෙ. ස්වාමීන්වහන්සේල හැමදෙනාම කරන්නෙ මිනිසුන් යහමගට ගන්නවැරදි පෙන්වලදීල අවවාද කරන එක. සංසාරෙන් ඒගොඩවන්න මගපෙන්වනඒක  ඒත් සමහර දායකයන්ගෙ වැරදි නිසා ස්වාමීන්වහන්සෙලයි බැනුම් අහන්නෙ. ස්වාමීන්වහන්සෙ තමන් සමග කුලුපගබව ලෝකෙට පෙන්නන්න හදන දායකයො නිසා ස්වාමීන්වහන්සේලට නිදහසක් නැහැ කියලයි විජේට හිතුනෙ. පන්සල්වල අයිතිකාරයො විදියටයි සමහර දායකයො හැසිරෙන්නෙ.
 ස්වාමීන්වහන්සෙව මුනගැසුන විජේ උන්වහන්සෙට බණට ආරාධනා කළා.
““එදාට අනුරාධපුරේ ලොකු උත්සවයක් තියෙනවා. මටත් ආරාධනාවක් ලැබිලයි තියෙන්නෙ. උත්සවය සවස්වනකොට ඉවරවෙන නිසා මම මහත්තයගෙ බණ බාරගන්නම්.””
ස්වාමීන්වහන්සෙ බණට වඩින්න කැමතිවුන එක ගැන විඡේට සතුටක් දැනුනත්,  උදේ උත්සවයට ඉඳල මහන්සිය නොබලම බණට වඩින එක උන්වහන්සෙට කරදරයක් වීම ගැන සිතට දුකකුත් ඇතිවුනා.
““උත්සවය කල්යයි කියලත් ආරංචියක් තියෙනවා. එහෙම වුනොත් කොහොමත් ගැටළුවක් නෑ.”” උන්වහන්සෙ නැවතත් කිවුවා.
පත්තර සහ රූපවාහිනීවලින් දැක තිබුනත්රේඩියෝවලින් උන්වහන්සෙගෙ හඩ අසා තිබුනත්විජේට උන්වහන්සෙව මුන ගැසුන පළමු දවස ඒක. උන්වහන්සෙගෙ පෙනුමකටහඩකතාවිලාශයසංවරබාවයසහ ශාන්තබව තුලින් පෙනුනෙ සිල්වත්බවපින්වත් බව. බහුජන හිතසුව පිණිස දම් දෙසූ සැරියුත් මුගලන් මහ සඝ පරපුරෙන් පැවතෙන බුද්ධපුත්‍රයෙක් ලෙසටයි උන්වහන්සේව විජේට පෙනුනෙ. උන්වහන්සේව දැකීමෙන් සහ කතාබහෙන් විඡේගෙ සිතට පුදුම සතුටක් සුවයක් දැනුනා. උන්වහන්සෙ හැමවිටම කියා දුන්නෙ ජීවිතය යහපත්ව ගතකරන ගමන් අප කවුරුත් පතන නිවන් මාර්ගයට ලඟාවෙන්නෙ කොහොමද කියල. දායකයො තමයි උන්වහන්සේ ගෙන් ප්‍රයෝඡන ගන්න හදන්නෙ. විවේචකයන් මොනව කීවත් උන්වහන්සෙ ආරක්ෂා කරගතයුතු වස්තුවක් කියල විජේට හිතුන. අම්මගෙ සහ බිරිඳගෙ මුහුණු සතුටින් පිරිල. දෙන්නටම හරියට රටක් රාජ්ජයක් පහල වුනා වගෙයි. ශාන්තිටයි අබේටයි ස්තුතිකරල විජේල ගෙදර ආවෙ ලෝකෙම ජයගත්ත වගේ සතුටකින්.
සතිගනන් ගෙවිල ගියා. බණට තව සතියයි. බණට අහවල් ස්වාමින්වහන්සෙට ආරාධනා කළබව පන්සලේ ලොකු හාමුදුරුවන්ට තවමත් දැනුම්දෙන්න බැරිවීම ගැන  විජේගෙ හිත දොස් කීව. පිටඅයගෙන් ආරංචිවුනොත් ඒක හොඳනැහැ. අද හවසම ගිහින් ලොකුහාමුදුරුවන්ට කියනව කියල විජේ හිතාගත්ත. දානෙ වැඩකටයුතු ගැනත් කතාකරගන්න අවශ්‍ය නිසා අම්ම සහ බිරිඳ එක්කම හවසට යන්න විජේ තීරණය කළා.
ටෙලිෆෝනඑකේ  හඩට විජේගෙ කල්පනාව බිඳීගියා.
““විජේකෝන් මහත්තයද කතාකරන්නෙ.  මේ ස්වාමීන්වහන්සෙ කතාකරන්නෙ. අර උත්සවය හුඟක්  රෑ වෙනකල් තියෙනවලු. මම එනකොට හුඟක් රෑ වෙයි. මහත්තයලට ගැටලුවක් නැත්නම් කොච්චර රෑ වුනත් මම බණට එන්නම්.”” 
විජේගෙ ඔළුව තෝන්තු වුනා. රෑ වෙලා බණ කියන එක ගැටළුවක් නොවෙයි. නමුත් බණ අහන්න එන අය එන්නෙ ඉක්මනට ආපසු යන්න. හුඟදෙනෙක්  රැකියකරන අය නිසා  රෑ වෙන්න කලින් ගෙවල්වලට යන්න බලාගෙනයි එන්නෙ. අනික රෑ වෙනකන් උත්සවයට සහභාගිවෙලා මහන්සිවෙලා ඉන්න උන්වහන්සෙව අනුරාධපුරයෙ ඉඳල රෑ රාත්‍රියෙ ගෙන්වන එකත් පවක් කියල විජේට හිතුන.
““අවසර හාමුදුරුවනේ. ඔබවහන්සෙ ඔයතරම් දුර ඉඳල රාත්‍රියෙ එන්න මහන්සි වෙන්න එපා. වෙනදවසක ඔබ වහන්සේට කියල බණක් කියවන්න පුළුවන්නේ. ඔබ වහන්සේ ගෙ කරුණාවට ගොඩක් පින්.”” විජේ ටෙලිෆෝන්එක විසන්ධිකලා.

සියළු දේ අහගෙන හිටිය බිරිඳගෙ සහ අම්මගෙ මුහුණුවල හැඟීම් තේරුම් ගන්න විජේ ට අපහසු වුනේ නැහැ.
අදම ගිහින් ලොකු හාමුදුරුවන්ට බණට ආරාධනා කරනවා කියමින් විජේ පුටුවෙන් නැගිට්ටා. ගුවන් විදුලියෙන් කළකට පෙර ඇහුන සිංදුවක් විජේට මතක්වුනා.
අපේ පන්සල ගමේ පන්සල අපේ කම රැක්කා.
අපේ මරණෙදි අපේ දානෙදි අපේ ලඟ හිටියා.


ආචාර්ය ජගත් රූපසිහ,  ටොරොන්ටො,  කැනඩාව



2 comments: