Tuesday, April 22, 2025

 

හිම කැට වැටෙනා

සීතල යාමේ

ගතට තුරුලුවී

නිදනා ඔබගේ

සෙනෙහස හමුවේ

සීතල නොදැනේ‍

ආදර හැගුමෙන්

හිත උණුසුම් වේ

 


නීල ගුවන් ගැබ

නිල්වන් දිය රල

හමනා මදනල

සොදුරුය දියදම

මා ආ මාවත

එලිය කරන්නට

මට මග පෙන්වු

පහන් ටැඹයි නුඹ

නුඹ පෙනෙනා ඉම

නැවතී නිසලව

නුඹ දෙස බලමින්

ගිමන් හරිමි මම

මතුයම් දවසක

සෙනෙහෙ ලබන්නට

පහන් ටැඹේ

ආලෝකය වන්නට

 

ගමේ බක්මහ උළෙල

අපේ ගමේ බක්මහ උළෙල කළුතර පලාතේ පවත්වනු ලබන ප්‍රසිද්ධ බක්මහ උළෙලකි. එය දශක ගනනාවක් තිස්සේ අද දක්වාම පවත්වා ගෙනඑයි. සංවිධාන කටයුතු වරින්වර විවිධ සමිති සමාඡ විසින් සිදුකළද එය සැමවිටම ගමේ තරුණ කැළගේ කැපවිමෙන් සිදුවන්නකි. එය විවිධ බක්මහ ක්‍රීඩා සහ සංස්කෘතික අංගවලින් සමන්විතව දවස පුරා පැවත්වෙන සැණකෙලියක් බදු මංගල්‍යයකි. බක්මහ උළෙල අවසානයේ දිවයිනේ ඡනප්‍රිය සංගීත කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරන සංගීත රාත්‍රියකි.

අප කුඩා කල සිටම බක්මහ උළෙලේ නිවේදක කටුයුතු සිදු කරනු ලැබුයේ රංඡිත් අයියාය. දුම්රිය නියාමකවරයෙක්වු ඔහු වසර ගනනාවක්ම බක්මහ උළෙලේ වැඩසටහන් ඉදිරිපත් කරමින් නිවේදනය කලේය. පසු කලෙකදි යෞවන සමාඡය බක්මහ උළෙල සංවිධානය කල විට නිවේදන කටයුතු කිරිමේ භාග්‍යය මට ලැබුණි. වසර ගනනාවක්ම මම එම කටයුත්ත අශාවෙන් ඉටු කලෙමි. නිවේදන කටයුතුවලදි විශාල වගකිමක් පැවරෙනුයේ බයිසිකල් ධාවන තරග නිවේදනයේදිය‍. බයිසිකල් තරග  කරුවන්ට පහසුවෙන් සහ ආරක්ෂිතව පැද යාම සදහා ඉදිරියෙන් එන වාහන වලට පරී‍ක්ෂාකාරිව ධාවනය කරන ලෙස ඉල්ලා සිටිම වැදගත්ම දෙයකි. නිවේදන කටයුතු වාහනය ගමන්කරනුයේ තරග කරුවන්ට වඩා ඉදිරියෙනි. එනිසා නිවේදනය ඇසුුනු ගමන්ම පාර දෙපස ඡනයා වතුර බාල්දි උස්සාගෙන තරග කරැවන්ට සහය දිමට පාර දෙපසේ බලා හිදියි. එකල ගමේ බයිසිකල් ධාවනයේ ප්‍රධානම ගමන් මාර්ගය වනුයේ ගාලුපාර ඔස්සේ නාගස් හන්දියට ගොස් එතනින් හොරණ පාරට වැටි හොරණින් බන්ඩාරගම ඔස්සේ පානදුරට වැටි නැවතත් ගමේ බක්මහ උළෙල පවත්වනු ලබන පාසල ඉදිරිපිටින් අවසන් විමය. පිරිමි තරගය මේ මාර්ගයේද කාන්තා තරගය පාසල අසලින් ආරම්බ වි ගාලුපාර ඔස්සේ ගොස් වාඩියමංකඩ හන්දියෙන් හැරි බන්ඩාරගම පාර දිගේ බන්ඩාරගමට ගොස් එතනින් පානදුරට ගමන්කර නැවතත් ගාලුපාර ඔස්සේ පාසල ඉදිරියෙන් අවසන් විමයි.

 

ගම හරහා දිවිමෙ තරගය ද ඡනප්‍රිය තරගයක් වන අතර අප කාලයේ මෙම තරගයේ නිතරම ඡයග්‍රහණය කල අය වනුයේ රත්නායක, ගාමිණි සහ ධනපාල අයියාය. ලිස්සන ගස හැමදාම වාගේ තිබෙන්නේ පිට්ටනියේ වොලිබෝල් පිටිය තුලය. ලිස්සන ගසේ නගින්නේ කණ්ඩායමක් ලෙස එකතුවය. මෙහි සැම වසරකම වාගේ කැපි පෙනෙන චරිත දෙකක් වුයේ චල්ල බාප්පා සහ කම්මනවත්තේ සුනිල්ය.

 

කනා මුට්ටිය බිදිම සදහා ප්‍රසිද්ධ වු දෙදෙනෙක් වුයේ අපේ ගෙවල් කිට්ටුව සිටි හේමපාල අයියා සහ අපේ පන්ති‍යේ සිටි රන්ඡිත් ගේ තාත්තාය. කනා මුට්ටිය බිදිමේ තරගයට මේ දෙදෙනාටම අවස්තාව ලැබෙන්නේ අනිත් සියලුම තරග කරුවන්ට අවස්තාව ලබාදිමෙන් පසුවය. මේ දෙදෙනාගෙන්ද පලමුව අවස්තාව හිමිවු කෙ‍නා  අනිවාරයයෙන්ම මුට්ටිය බිදි. ඒ සදහ ඔවුන් සතුවු හැකියාව හෝ විශේශත්වය කෙසේලැබුනා දැයි අදටත් මට පුදුමයකි.

තවත් ඡනප්‍රිය අංගයක් වු බයිසිකල් සංගිත පුටුවයි. පිට්ටනියවට‍ා පුටු තබා තිබෙන අතර තරගය ආරම්බවිමට පෙර බයිසිකල් කරැවන් එක් කකුලක් පුටුවට තබා බයිසිකලයේවාඩිවි සිටියි. තරගය ආරම්බවුවිට ඔවුන් බයිසිකලය සෙමින් පදිමින් ඉදිරියට යායුතු අතර එක තැන නැවති සිටිම තහනම්ය. වරින්වර පුටු ඉවත්කරන අතර අවසානයේසිදුවනුයේ බයිසිකල් කරුවන් දෙදෙනෙක් සහ එක් පුටුවක් ඉතිරිවන අතර දෙදෙනාම පුටුව පසුකල පසු සංගිතය නවත්වයි. එවිට තරගකරැවන් දෙදෙනා ඉතා වේගයෙන් පිට්ටනිය වටා බයිසිකලය පදිමින් ගොස් පලමුව පුටුව කරා ලංවු තැනැත්තා පුටුවට කකුල තබා බයිසිකලය නවත්වා ගෙන ඡයග්‍රාහකයා වේ.

 

අනිත් ඡනප්‍රිය තරගය වනුයේ බාධක දිවිමේ තරගයයි. පුටු හෝ බංකු යටින් රිංගා ගෝනියේ බැස ටික දුරක් දුවගොස් වතුර බාල්දියක් නාගෙන ඉන්පසු බිම පැදුරැ හෝ ගෝනිමත තබා ඇති පිටිවලින් වැසු කාසිය කට‍ට ගෙන සහ තවත් බාධක කිහිපයක්ම පසුකර ඡයග්‍රහණය ලබාගත යුතුය. පිටි වලින් වසා ඇති කාසිය කටින් පිඹ පිටි ඉවත්කර ලබා ගතයුතු අතර වතුර නාගෙන පැමිනි තරගකරැවන් පිටි කටින් ඉවත්කිරිමේදි ඔවුන්ගේ මුහුණ ඇග පුරාම පිටි තැවරේ.

කඹ ඇදිම, බනිස් කෑම, කොට්ටාපොරය, කිරි කැවිම, අලියාට ඇස තැබිම, හැන්දේ දෙහි ගෙඩිය තබාගෙන දිවිම, බැලුන් පිපිරවිම, තුන් කකුලෙන් දිවිම, විකට ඇදුම් තරගය, ගෝනියේ බැස දිවිම, ආදි තරග වලින් සමන්විත බක්මහ උළෙලේ ප්‍රධාන තැනක් ගන්නා අතර වසරින් වසර අළුත් තරග එක්කිරිම ද සිදුවේ. බක්මහ උළෙල අවසන අංගය වනුයේ බක්මහ කුමරිය තේරිමයි.

 

මෙවරද ගමේ බක්මහ උළෙල පවත්වයි. වසර ගනනාවක් තිස්සේ පවත්වා ගෙන ආ මෙම උත්සවය දිගටම පවත්වා ගැනිමට කටයුතු කිරිම ගැන ගමේ තරුණ කැලට ස්තුති විය යුතුය. සමහර අයට මේවා විකාර අනවශ්‍ය දේ ලෙස පෙනුනද ගමක ඡනතාව එකතුව ඡනතාවගේ විනෝදය සහ සතුට වෙනුවෙන් සහයෝගයෙන් කරනු ලබන මෙවැනි දේ ගමට අවශ්‍ය යැයි මගේ අදහසයි.

 අල්ලිය දේවාලය

අවුරුදු කාලයට මතකයට එන තැනකි අල්ලිය දේවාලය. අද එය ශ්‍රී අල්ලිය දේවාලය ලෙස හැදින්වුවත් අල්ලිය කියා ද බොහෝදෙනා එය හදුන්වයි. අල්ලිය යන වචනය දේවාලයට දැම්මේ ඇයිද කියා මම නොදනි. අපේ ගමේ දෙල්ගස්හන්දියේ සිට කටුවන්ගොඩ දක්වා යන මග ට මුහුණලා අල්ලිය දේවාලය ඉදිකරඇත. අම්මාගේ සහ තාත්තාගේ මහ ගෙවල් ඇත්තේ දෙල්ගස්හන්දියේය. එම ගෙවල්වල සිට අල්ලිය දේවාලයට ඇවිදයාමට විනාඩි දෙක තුනක් ගතවේ. අල්ලිය දේවාල ඉඩමට දකුණු පැත්තේ සීමාව පැණි පට්ටාව ලෙස හැදින්වු වෙල්යායයි. බටහිර මායිම අපේ ‍ලොකු බාප්පාගේ (තාත්තාගේ මල්ලි) ගෙය සහ දේවාලයේ කපු මහතාගේ ගෙවල් තිබු ඉඩම්ය. උතුර මායිම දෙල්ගස්හන්දියේ සිට කටුවන්ගොඩට යන පාරය‍. නැගෙනහිර මායිම වනුයේ වෙල්යාය සමග ඇති කුඩා කොරටුවක් වැනි ඉඩමය. එම සිමාව අසලම පාරෙන් එහා පැත්තේ තිබුනේ ගම්වැසියන්ගේ පහසුව සදහා තනාතිබු පොදු නාන පොකුණය. දශක ගණනාවක් එම පොකුණ ගම්වාසින්ට වැදගත්විය. අද එය බාවිතා කරනවාද හෝ තවමත් තිබෙනවා ද යන්න නොදනි. එම පොකුණ ලග තිබුනේ අපේ සීයාට අයත්ව තිබු කුඩා රබර්වත්තක් සහ කුඹුරු යායකි. දැන් ඒවායේ ගෙවල් ඉදිවි ඇත.

අල්ලිය දේවාලය පත්තිනි දේවියට කැපකළ දේවාලයකි. අනෙකුත් දේව ප්‍රතිමා රූප තිබුනද ප්‍රධානවුයේ පත්තිනි දේවියයි. අප කුඩා කළ දේවාලයේ කපු මහතාට අප කිවේ කපු සීයා කියාය. ඔහු ඒ කාලයේ වයසක අයෙකි. පසුව කපු සියාගේ පුතාවු සැමි අයියා දේවාලයේ කපුවා විය. සැමි අයියා හෝ සැමි කපුමහතා ලෙස ගමේ අය ඔහුව හැදින්විය. කපු සීයාද සැමි කපු මහතා ද අතිදක්ෂ නැට්‍ටුවන්ය. දේවාලය තිබු බිම කුඩා කැලෑ රොදක්දවිය. දැවන්ත නාගසක්ද එහිවු අතර දේවාල බිමේ සැරිසරණ විශාල නාගයෙක්ද විය. එම නාගයාගේ වලිගය කොටය.  පනහ හැට හැත්තෑව දශක වල තිබුනේ මැටි වලින් තැනු කුඩා දේවලයකි. අද වනවිට ඒ මැටි දේවාලය වටකොට ඉදිකල ලොකු දේවාලයක් ඇත. එසේම දේවාල බිමද නා නුග ගස් සිටුවා ලස්සන කර නැටුම් සදහාම වෙන්කල බිමකින්ද සමන්විතය.

දේවාලයෙන් කෙරුණු සහ අදටත් කෙරෙන වැඩ කටයුතු බොහෝය. තම ගෙවත්තේ හරක් ඇතිකරන ගම් වාසින් සිදුකරන දේව මෙහයක් වනුයේ එලදෙනුන්ට පැටවු ලැබුනු පසු කපු මහතා ගෙදරට කැදවා දේව දානයක් නැතිනම් කපු දානය දීමයි. අපේ ගෙදර දශක පහකට පෙර හරක් ඇතිකල නිසා දේව දානය දිම සිදුවිය. අදටත් දේව දානය දෙන ගෙදරක් වනුයේ අපේ මහ ගෙදර ඉදිරිපිට ඇති සෙක්කු ආච්චිලාග‍ෙ ගෙදරයි. එම වත්තේ සෙක්කුවක් තිබු අතර හරක් ද ඇති කලේය. කපු දානය සදහා කපු මහතා එන්නේ සවස් ඡාමයේ අදුර වැටීමත් සමගය. වත්තේ කෙලවරක වන්නට තැනු බුලත් තට්ටුව ලෙස හැදින්වු කනු සිටුවා ඒ මත ගොක්කොල වලින් තැනු තට්ටුවට පූඡාවට අවශ්‍ය කැවිලි සහ අනෙකුත් දේවල් තබා දේව කන්නලව්ව පටන්ගන්නා කපුමහතා පැයක් හෝ විනාඩි හතලිස්පහක් පමණ කන්නලවු කරයි. ආයුබෝවේවා මෙබිමට අරක් ගත් දෙවි දේවතාවන් වහන්සේලා කියා පටන් ගෙන කරන කන්නලව්වේ හඩ තවමත් ඇසෙනවා වාගේය. එහි ඇති රිද්මය වචන හසුරුවන ස්වරය උස්පහත් වන හඩ මිහිරිය. කටහඩ බොහෝ ඈතට ඇසේ. තට්ටුව තැබිම සදහා ගන්නා කනු බොහෝ විට ඇල්බීසියා අතුය.

කන්නලව්වෙන් පසු දේව දානය ගෙදර සාලයේ දි පිරිනමයි.  බිම පැදුරු එලා වාඩිවෙන කපු මහතා ඇතුලු පිරිසට කෑම බෙදෙනුයේ කෙහෙල් කොලයටය. බිම වාඩිවිම සදහා අවසර  ඇත්තේ පිරිමි පාර්ශවයට පමණි. කිතුල් පිටි හෝ පාන්පිටි වලින් තැනු කිරියා ලෙස හදුන්වන රසවත් ආහාරයත් කිරි බත් සහ ඇඹුල් කෙසෙල් දානයට අත්‍යාවශ්‍යය.

දේවාලයෙන් වන තවත් දේව කාර්යයක් වනුයේ විවිධ දේවාස්ථාන වලට මෙන්ම අල්ලිය දේවාලයට විවිධ දේ සදහා පැමිනෙන බැතිමතුන් වෙනුවෙන් බාරහාර විමය. එයට අමතරව අපල දෝශ සදහා දෙහි කැපිමද කපු මහතා සිදුකරයි. අවුරුදු කාලවලදි දේවාලයෙන් සිදුවන විශේෂ මෙහෙයක් වනුයේ නානු සැපයිමය. චාරිත්‍රානුකූලව හිස තෙල් ගෑමට පෙර නානු ගා නාගතයුතුය. නානු වලට අවශ්‍ය විවිධ කොලවර්ග තම්බා නානු සැකසිම කරන  දේවලයේ කපු මහතා හිස තෙල් ගාන දින පෙරවරුවේ එම නානු මැටි කලවලට පුරවා ගමේ සැම පාරක්ම ගානේ දේවාලයේ ආවතේවකාරයන් හෝ තම හිතවත් අය ලවා බෙදා හරියි. නානු නානු යනුවෙන් කෑගසමින් කුඩා සීනුවක්ද සොලවමින් එන නානු ගෙනෙන්නාගෙන් නානු ලබාගැනිමට පාරට එන ගම්වාසින් කලයට කාසියක් දමා කුඩා කෝප්පයකට නානු ටිකක් ලබාගනියි. ඒ කාලයේ දැම්මේ සත විසිපහක් පනහක් හෝ රුපියලකි. මෙහි තව විනෝදඡනක පැත්තක් වනුයේ නානු කලයේ නානු අඩුවනවි ට නානු කලය රැගෙන යන්නා කරනුයේ පාර අද්දර ඇති ලිදකින් නානු කලයට වතුර පුරවා ගැනිමය. අපේ ගෙදර ලිදෙන්ද මෙලෙස වතුර පුරවාගත් අවස්තාච මගේ මතකයේ ඇත.

 

අල්ලිය දේවාලයේ මා දකින සුවිශේෂිම කාර්යය වනුයේ වාර්ෂිකව පවත්වනු ලබන ගම් මඩුවයි. දෙවොල් මඩුව කියාද හදුන්වයි. දේවාල බිමේ පුවක් ගස් සිටුවා කප් සිටුවා කෙසෙල් කදන් ගෙන ගොක්කොල යොදා ගම් මඩුවට අවශ්‍ය අට්ට‍ාල සකස් කරයි. විවිධ වර්ණ යොදා ඒවා අලංකාර කරයි. දින කිහිපයක් සිදුවන ගම්මඩුව නැරඹීමට රසවිදීමට අපේ ගමේ අය පමණක් නොව අවට ගම්වාසින්ද පැමිණිම සුලබ දෙයකි. මේ ගම්මඩුවට සෑම වසරකම වාගේ සහභාගිවු බෙර කරුවන් තිදෙනෙක් මගේ මතකයට එයි. තාත්තා සහ පුතුන් දෙදෙනෙක් වු ඔවුන් අල්ලපු ගමේය. එකල අප අවට ගම්මාන නගර ඕනෑම තැනක පැවත්වෙන පෙරහරවල් වල බෙරවාදකයන් ලෙස මොවුන්ගේ සහභාගිත්වය ස්ථිරය.  මෙම කියන කාලයේ පුතුන් දෙදෙනා ගැටවරයන්ය. පසු කලෙක මොවුන් දෙදෙනාම රාඡ්‍ය නැටුම් කන්ඩායමේ හෝ ආරක්ෂක අංශ නැටුම් කණ්ඩායම් වලට බැදී ඒවලේ අත්‍යාවශ්‍ය සාමාඡිකයන් වු බව ඒ දිනවලම දැනගතිමි. අද වනවිට වෙනත් දක්ෂ බෙරකරුවන් පැමිනෙන බව දැන ගතිමි. ගම්මඩුවේ ප්‍රධානම අංගය වනුයේ කපු මහත්තයා දේවියට ඇද සලඹ සොලවමින් ලදක් සේ ලැසි ගමනින් කරනු ලබන නැටුමයි. ඉස්සර කපු සීයාත් පසු කලක සැමි කපුමහත්තයාත් මෙය ඉතාමත් ලස්සනට කලේය.

හොද හොද සේල්ලම් එලිවන ඡාමයට කියනාසේ මැදියම පසුවු පසු ඉතා වේගවත් නැටුම් පටන්ගනි. කස්තිරම් බඩ පිලුම් උඩ පිලුම් ආදි නානාප්‍රකාර නැටුම්ය. නට නට‍ා කැරකෙයි. කැරකි කැරකි නටයි. මේ නැටුම් සියල්ලම වාගේ පහතරට තෙල්මේ නැටුම්ය‍. පහත රට පෙරහරවල් පසුපසින් එක්තර‍ා විලාසිතාවකට ඇග නලව නලවා ගමන් කරන, සෙනග වැඩි හන්දි වලදි විවිධ නැටුම් දස්කම් පාන්නේ මෙම තෙල්මේ නැට්ටුවන්ය. තෙල්මේ නැට්ටුවන් ගේ සලුපිලි ඉතාමත් වර්ණවත්ය. නලල් පටිය බැද පයට ගෙඡ්ඡි බැද කරන නැටුම් වල ඇත්තේ පුදුම ලස්සනකි. ගම් මඩුවේ මැදියමෙන් පසු නැටුම් කරුවන් සහ බෙර කරුවන් අතර ඇත්තේ තරගයකි‍. බෙර කරුවන් දන්න සියලු ශිල්ප දමා අඩු රිද්මයේ සිට රිද්මය වැඩි කරමින් නරඹන්නන්ටත් නැටවෙන සේ බෙරවයයි. නැට්ටුවන්ද හැම ශිල්පයක්ම දමමින් නරඹන්න‍න්ගේ විසිල් හඩ මැද නර්තනයේ යෙදෙයි‍. මෙම ගම්මඩු, අල්ලිය දේවාලයේ දශක ගනනාවක් තිස්සේ පවත්වා ගෙන ඇවිත් අදටත් පැවත්විම ගැන සැමි කපු මහතා ටත් ඔහුට සහය දක්වන පිරිසටත් අප ස්තුති කල යුතුය. සැමි කපු මහතා දක්ෂ නැට්ටුවෙක් මෙන්ම ‍කුසලතා පිරි නැටුම් පුහුණු කරුවෙකි. ඔහු පුහුණු කර දේවලයේ ගම්මඩු වල මෙන්ම පෙරහරවල නැටු සමහර නැට්ටුවන් අදවන වි‍ට ආරක්ෂක අංශ මෙන්ම රාඡ්‍ය නැටුම් කණ්ඩායම්වල සාමාඡිකයන් වි අපේ නැටුම් සම්ප්‍රදායන් ලෝකය කර ගෙනයන බව සත්‍යයකි. අපේ සංස්කෘතික අංගයක් වු ගම්මඩු මෙලෙස හෝ පැවත්විම අගය කළ යුතුය. ගම්මඩු පවතින කාලය තුල කඩල ටේස් කරත්ත කරුවන් අයිස් ක්‍රීම් වෙලෙන්දන් අන්නාසි වෙලෙන්දන් සරුවත් විකුනන්නන් සාරවිට කරුවන් ආදින් ගෙන් පිරුනු ප්‍රදේශය සැණකෙලි සිරි ගනියි‍. ගම්මඩු පැවත්වෙන දින කිහිපය සංස්කෘතික මංගල්ලයක් වේ.