Tuesday, April 22, 2025

 

ගමේ බක්මහ උළෙල

අපේ ගමේ බක්මහ උළෙල කළුතර පලාතේ පවත්වනු ලබන ප්‍රසිද්ධ බක්මහ උළෙලකි. එය දශක ගනනාවක් තිස්සේ අද දක්වාම පවත්වා ගෙනඑයි. සංවිධාන කටයුතු වරින්වර විවිධ සමිති සමාඡ විසින් සිදුකළද එය සැමවිටම ගමේ තරුණ කැළගේ කැපවිමෙන් සිදුවන්නකි. එය විවිධ බක්මහ ක්‍රීඩා සහ සංස්කෘතික අංගවලින් සමන්විතව දවස පුරා පැවත්වෙන සැණකෙලියක් බදු මංගල්‍යයකි. බක්මහ උළෙල අවසානයේ දිවයිනේ ඡනප්‍රිය සංගීත කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරන සංගීත රාත්‍රියකි.

අප කුඩා කල සිටම බක්මහ උළෙලේ නිවේදක කටුයුතු සිදු කරනු ලැබුයේ රංඡිත් අයියාය. දුම්රිය නියාමකවරයෙක්වු ඔහු වසර ගනනාවක්ම බක්මහ උළෙලේ වැඩසටහන් ඉදිරිපත් කරමින් නිවේදනය කලේය. පසු කලෙකදි යෞවන සමාඡය බක්මහ උළෙල සංවිධානය කල විට නිවේදන කටයුතු කිරිමේ භාග්‍යය මට ලැබුණි. වසර ගනනාවක්ම මම එම කටයුත්ත අශාවෙන් ඉටු කලෙමි. නිවේදන කටයුතුවලදි විශාල වගකිමක් පැවරෙනුයේ බයිසිකල් ධාවන තරග නිවේදනයේදිය‍. බයිසිකල් තරග  කරුවන්ට පහසුවෙන් සහ ආරක්ෂිතව පැද යාම සදහා ඉදිරියෙන් එන වාහන වලට පරී‍ක්ෂාකාරිව ධාවනය කරන ලෙස ඉල්ලා සිටිම වැදගත්ම දෙයකි. නිවේදන කටයුතු වාහනය ගමන්කරනුයේ තරග කරුවන්ට වඩා ඉදිරියෙනි. එනිසා නිවේදනය ඇසුුනු ගමන්ම පාර දෙපස ඡනයා වතුර බාල්දි උස්සාගෙන තරග කරැවන්ට සහය දිමට පාර දෙපසේ බලා හිදියි. එකල ගමේ බයිසිකල් ධාවනයේ ප්‍රධානම ගමන් මාර්ගය වනුයේ ගාලුපාර ඔස්සේ නාගස් හන්දියට ගොස් එතනින් හොරණ පාරට වැටි හොරණින් බන්ඩාරගම ඔස්සේ පානදුරට වැටි නැවතත් ගමේ බක්මහ උළෙල පවත්වනු ලබන පාසල ඉදිරිපිටින් අවසන් විමය. පිරිමි තරගය මේ මාර්ගයේද කාන්තා තරගය පාසල අසලින් ආරම්බ වි ගාලුපාර ඔස්සේ ගොස් වාඩියමංකඩ හන්දියෙන් හැරි බන්ඩාරගම පාර දිගේ බන්ඩාරගමට ගොස් එතනින් පානදුරට ගමන්කර නැවතත් ගාලුපාර ඔස්සේ පාසල ඉදිරියෙන් අවසන් විමයි.

 

ගම හරහා දිවිමෙ තරගය ද ඡනප්‍රිය තරගයක් වන අතර අප කාලයේ මෙම තරගයේ නිතරම ඡයග්‍රහණය කල අය වනුයේ රත්නායක, ගාමිණි සහ ධනපාල අයියාය. ලිස්සන ගස හැමදාම වාගේ තිබෙන්නේ පිට්ටනියේ වොලිබෝල් පිටිය තුලය. ලිස්සන ගසේ නගින්නේ කණ්ඩායමක් ලෙස එකතුවය. මෙහි සැම වසරකම වාගේ කැපි පෙනෙන චරිත දෙකක් වුයේ චල්ල බාප්පා සහ කම්මනවත්තේ සුනිල්ය.

 

කනා මුට්ටිය බිදිම සදහා ප්‍රසිද්ධ වු දෙදෙනෙක් වුයේ අපේ ගෙවල් කිට්ටුව සිටි හේමපාල අයියා සහ අපේ පන්ති‍යේ සිටි රන්ඡිත් ගේ තාත්තාය. කනා මුට්ටිය බිදිමේ තරගයට මේ දෙදෙනාටම අවස්තාව ලැබෙන්නේ අනිත් සියලුම තරග කරුවන්ට අවස්තාව ලබාදිමෙන් පසුවය. මේ දෙදෙනාගෙන්ද පලමුව අවස්තාව හිමිවු කෙ‍නා  අනිවාරයයෙන්ම මුට්ටිය බිදි. ඒ සදහ ඔවුන් සතුවු හැකියාව හෝ විශේශත්වය කෙසේලැබුනා දැයි අදටත් මට පුදුමයකි.

තවත් ඡනප්‍රිය අංගයක් වු බයිසිකල් සංගිත පුටුවයි. පිට්ටනියවට‍ා පුටු තබා තිබෙන අතර තරගය ආරම්බවිමට පෙර බයිසිකල් කරැවන් එක් කකුලක් පුටුවට තබා බයිසිකලයේවාඩිවි සිටියි. තරගය ආරම්බවුවිට ඔවුන් බයිසිකලය සෙමින් පදිමින් ඉදිරියට යායුතු අතර එක තැන නැවති සිටිම තහනම්ය. වරින්වර පුටු ඉවත්කරන අතර අවසානයේසිදුවනුයේ බයිසිකල් කරුවන් දෙදෙනෙක් සහ එක් පුටුවක් ඉතිරිවන අතර දෙදෙනාම පුටුව පසුකල පසු සංගිතය නවත්වයි. එවිට තරගකරැවන් දෙදෙනා ඉතා වේගයෙන් පිට්ටනිය වටා බයිසිකලය පදිමින් ගොස් පලමුව පුටුව කරා ලංවු තැනැත්තා පුටුවට කකුල තබා බයිසිකලය නවත්වා ගෙන ඡයග්‍රාහකයා වේ.

 

අනිත් ඡනප්‍රිය තරගය වනුයේ බාධක දිවිමේ තරගයයි. පුටු හෝ බංකු යටින් රිංගා ගෝනියේ බැස ටික දුරක් දුවගොස් වතුර බාල්දියක් නාගෙන ඉන්පසු බිම පැදුරැ හෝ ගෝනිමත තබා ඇති පිටිවලින් වැසු කාසිය කට‍ට ගෙන සහ තවත් බාධක කිහිපයක්ම පසුකර ඡයග්‍රහණය ලබාගත යුතුය. පිටි වලින් වසා ඇති කාසිය කටින් පිඹ පිටි ඉවත්කර ලබා ගතයුතු අතර වතුර නාගෙන පැමිනි තරගකරැවන් පිටි කටින් ඉවත්කිරිමේදි ඔවුන්ගේ මුහුණ ඇග පුරාම පිටි තැවරේ.

කඹ ඇදිම, බනිස් කෑම, කොට්ටාපොරය, කිරි කැවිම, අලියාට ඇස තැබිම, හැන්දේ දෙහි ගෙඩිය තබාගෙන දිවිම, බැලුන් පිපිරවිම, තුන් කකුලෙන් දිවිම, විකට ඇදුම් තරගය, ගෝනියේ බැස දිවිම, ආදි තරග වලින් සමන්විත බක්මහ උළෙලේ ප්‍රධාන තැනක් ගන්නා අතර වසරින් වසර අළුත් තරග එක්කිරිම ද සිදුවේ. බක්මහ උළෙල අවසන අංගය වනුයේ බක්මහ කුමරිය තේරිමයි.

 

මෙවරද ගමේ බක්මහ උළෙල පවත්වයි. වසර ගනනාවක් තිස්සේ පවත්වා ගෙන ආ මෙම උත්සවය දිගටම පවත්වා ගැනිමට කටයුතු කිරිම ගැන ගමේ තරුණ කැලට ස්තුති විය යුතුය. සමහර අයට මේවා විකාර අනවශ්‍ය දේ ලෙස පෙනුනද ගමක ඡනතාව එකතුව ඡනතාවගේ විනෝදය සහ සතුට වෙනුවෙන් සහයෝගයෙන් කරනු ලබන මෙවැනි දේ ගමට අවශ්‍ය යැයි මගේ අදහසයි.

No comments:

Post a Comment