Friday, September 26, 2025

 

සිංහල බයිස්කෝප්   (දීපශිකා) සැකසුම ඡගත් රූපසිංහ.

සිංහල සිනමාවේ ආරම්බයේ චිත‍්‍රපට සියල්ලම වාගේ නිර්මාණය කලේ රසිකයන්ට සරල වින්දනයක් විනෝදයක් ලබාදීම සඳහා. පසුකාලිනව තමයි සිංහල සිනමාවේ සම්භාව්‍ය නැතිනම් කලාත්මක චිත‍්‍රපට බිහිවුනේ. මේ නිසා නිර්මාණය වුන චිත‍්‍රපට ඡනප්‍රිය වානිඡ ධාරාවේ චිත‍්‍රපට සහ සම්භාව්‍ය චිත‍්‍රපට ලෙස වර්ගීකරණය වුනා. සමහර චිත‍්‍රපට විචාරකයන්ට අනුව සිංහල චිත‍්‍රපට වර්ගීකරණය කරා ඡනප්‍රිය චිත‍්‍රපට, වාණිඡ හෙවත් වෙළඳචිත‍්‍රපට සහ සම්භාව්‍ය චිත‍්‍රපට ලෙස තුන්වර්ගයකට. කෙසේවෙතත් ඡනප්‍රිය සහ වෙළඳ චිත‍්‍රපට බොහොමයක් එකම වර්ගයේ චිත‍්‍රපට. මෙම චිත‍්‍රපට විනෝදය සපයන පවුලේ චිත‍්‍රපට වුනා. සිනමාව පවත්වාගෙන යාම සඳහා මෙම ඡනප්‍රිය චිත‍්‍රපට විශාල මෙහෙයක් සිදුකලා. අද සිංහල බයිස්කෝප් තුලින් ඔබේ රසවින්දනය සඳහා ගීත සහ සොඳුරු මතකයන් ඉදිරිපත්කරන චිත‍්‍රපටය 60 දශකයේදි සිංහල සිනමාවට එක්වු ඡනප්‍රිය වාණිඡ චිත‍්‍රපට ධාරවේ විනෝදාස්වාදය සඳහා නිපදවු චිත‍්‍රපටයක්. ඡනප්‍රිය ගීත රැසක් ඇතුලත්වු එම චිත‍්‍රපටය දීපශිකා. දීපිසිකා චිත‍්‍රපටයට ඇතුලත්වු මේ ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ ආර් සුදර්ශනම් සංගීතවත් කළ නානුම් ඔරු පෙණ් කියන දෙමල චිත‍්‍රපටයට පී සුසිලා කියන ගායිකාව ගැයු ගීතයක තනුවකට අනුව. මේ ýවිතේ සතුටක් රසක් නැත කරුමේ පසුපස ලූහුබැඳ එයි ගායනය ලතා වල්පොල, පද රචනය සිරිල් ඒ සීලවිමල, සංගීතය පී එල් ඒ සෝමපාල

සිංහල සිනමාවේ වන 96 වන කතානාද චිත‍්‍රපටය ලෙස 1963 දෙසැම්බර් 12 වෙනි දින තිරගත වීම ආරම්බකල දීපශිකා චිත‍්‍රපටය නිෂ්පාදනය කලේ දීපා ෆිල්ම්ස් චිත‍්‍රපට සමාගම වෙනුවෙන් ඩග්ලස් කොතලාවල. 1958 වසරේ තිරගතවුන අන්බු එංගේ දෙමල චිත‍්‍රපටයේ  කතාව අනුකරණයෙන් තමයි දීපශිකා සිංහල චිත‍්‍රපටය බිහිවුනේ. එම් එස් ආනන්දන් සහ කේ විලියම්ස් කැමරා අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතුකළා. දීපශිකා චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කලේ නලූවෙකු ලෙස සිනමාවට එක්වු පසු කාලිනව විනෝදාස්වාදය සපයන ඡනප්‍රිය චිත‍්‍රපටමාලාවේ චිත‍්‍රපට රැසක් නිර්මාණයකළ කිංස්ලි රාඡපක්ෂ. කිංස්ලි රාඡපක්ෂ ගැන වැඩි විස්තර කියන එක පසුවට තියල දිපශිකා චිත‍්‍රපටයට ඇතුලත්වු තවත් ඡනප්‍රිය ගීයක් ගැන කියන්නම්. ගායනය එච් ආර් ඡෝතිපාල සහ එදා ඇන්ඡලින් ද ලැනරෝල් ලෙස හැඳින්වු ඇන්ඡලින් ගුණතිලක. පද රචනය කරුණාරත්න අබේසේකර, සංගීතය පී එල් ඒ සෝමපාල, ගීතයෙන් කියවෙන්නේ මේ හමායන මෝසම් සුලං පවසන්නේ සංසාරෙන් සංසාරේ මාගේ ප‍්‍රාණය සේ ඔබ මා හමුවියයුතු බවයි. සඳරැස් හෙලන පුන්සඳ පවසන්නේ අප දෙදෙනා වෙන්නොවෙනා බවයි. මෙම ඡනප්‍රිය ගීතය නිර්මාණය වෙලා තියෙන්නෙ මොඩර්න් ගර්ල් කියන හින්දි චිත‍්‍රපටයේ මුකේෂ් සහ සුමන් කල්‍යාණ්පූර් ගැයු ගීතයකට තනුවට අනුව.

 

චිත‍්‍රපටයේ අධ්‍යක්ෂක කිංස්ලි රාඡපක්ෂ සිංහල සිනමාවට එක්වන්නේ නලූවෙක් ලෙස. මහනුවර සිල්වෙස්ටර් විදුහලේ අධ්‍යයනය ලැබු කිංස්ලි රාඡපක්ෂ කලක් ගුරුවරයෙක් ලෙස සේවය කලා. නලූවන් අවශ්‍යයවු දැන්විමකට අයදුම් කල ඔහු පෙරකදෝරු බෑණා චිත‍්‍රපටයේ සුලූ දුෂ්ට චරිතයක් ර`ගපාමින් සිංහල සිනමාවට එක්වුනා. සිනමාවට ඇලූම්කල ඔහු ගුරුවෘත්තියෙන් ඉවත්වි දිගටම සිනමාව සමග සම්බන්ධවුනා. කිංස්ලි රාඡපක්ෂගේ උස සහ එයට සරිලන මහතත් දෑසෙහි වු බැල්මත් නිසා දුෂ්ටනලූවෙකු ලෙස ඔහු වඩාත් ඡනප්‍රිය වුනා. නලූකමට අමතරව සංස්කරණය, කතා තිරපිටපත් දෙබස් රචනය සහ සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙස සිනමාවේ විවිධ අංශවලට සම්බන්ධ වු කිංස්ලි රාඡපක්ෂ  1963 දි දීපශිකා චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමා අධ්‍යක්ෂකවරයෙක් ලෙස දොරට වැඩියා. 60 දශකයේ මෙන්ම 70 දශකයේදි බොක්ස් ඔපීස් වාර්තාතබමින් ප‍්‍රදර්ශණය වු ඡනප්‍රිය  චිත‍්‍රපට ධාරාවේ විනෝදාත්මක චිත‍්‍රපට රැසක් ඔහු අධ්‍යක්ෂණය කලා. නවක ශිල්පින් රැසකට ඉදිරියට පැමිනිමට ඔහු සහයවුනා. 70 දශකයේදි සිංහල සිනමා අඹරේ දිදුලන තරුවක් වු තිස්සවිඡේසුරෙන්ද්‍ර කලණ මිතුරෝ තුලින් සිනමාවට ගෙනආවේ කිංස්ලි රාඡපක්ෂ විසින්. හඳපාන, සුහද පැතුම, කළණ මිතුරෝ, සිනාවයි ඉනාවයි, සුදු පරවියෝ කිංස්ලි අධ්‍යක්ෂණය කළ ඡනප්‍රිය චිත‍්‍රපට අතරින් කිහිපයක්. දීපශිකා චිත‍්‍රපටයට ඇතුලත් තවත් මියුරුගීතයක් මිනිස් ලොවේ ලබාපු ඡීවිතේ තබන්නෙපා හාමතේ කියන ගීතය. ගායනය ඇන්ඡලින් ගුණතිලක, පද රචනය කරුණාරත්න අබේසේකර, සංගිතය පි එල් ඒ සෝමපාල

අන්බු එංගේ දෙමල චිත‍්‍රපටයේ කතාවට අනුව නිර්මාණයවුනු දීපශිකා චිත‍්‍රපටයේ කතාවට අනුව ගුරුවරියකවන දීපා, ඩග්ලස් සමග විවාහවුවත් ටිකකලකින් ඇගේ විවාහය බිඳවැටි ඇගේ ස්වාමියා ඇයව නිවසින් පලවාහරිනවා. ඩග්ලස් මාලා නම් නාට්‍යාංගනාව සමග මිත‍්‍රවී සිටීම මෙයට හේතුවයි. කලකට පසු ඇය නැවතත් සැමියාගේ නිවසට පැමිනේ. මාලා පස්සේ යාම නිසා තමන්ගේ ව්‍යාපාරකටයුතුත් මගහරින ඩග්ලස් පසුව ණයකාරයෙකු බවට පත්වේ. ඇය සැමියාගේ නිවසේ වැඩකටයුතුකරමින් සැමියාගේ දෙමාපියන්ගේ සිත් දිනාගනි. ඇය තමාගේමසුලූ ව්‍යාපාරයක්ද පටන්ගන්නවා. සැමියාගේ පියාද සුදුවට ඇබ්බැහිවු අයෙක්. සැමියාගේ සොයුරා ලකී බිමට ලොල්වු පුද්ගලයෙක් වනඅතර සල්ලි ඉල්ලා එක්වතාවකදි දීපාට පහර දෙයි. පසුව තමාගේ වැරැද්ද ගැන සමාව ඉල්ලන ඔහු දීපාගේ කීම අසා හොඳ පුද්ගලයෙකුවන අතර දීපාද සහය කරගෙන පියාගේ සුදුවට යෑමේ පුරුද්දද නතර කරගන්නවා. මේ අතර ඩග්ලස් දීපාගෙන් දික්කසාදය ඉල්ලා කරදර කරයි. මේ ප‍්‍රශ්ණ විසඳිමට ඉදිරිපත්වන ලකී තම මිතුරන් දෙදෙනක්ව ඉන්දියාවෙන් පැමිනෙන චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයෙක් සහ ගෝලයා ලෙස පෙන්වා චිත‍්‍රපටයක ර`ගපෑමට තනිවම ඉන්දියාවට යාම සඳහා ඩග්ලස්ගේ පෙම්වතිය වන මාලා නල`ගනව කැමති කරගන්නවා. මාලා ඩග්ලස්ගෙන් වෙන්ව යන අතර මාලා ගේ කපටිකමත් තම බිරිඳගේ අගයත් වටහාගන්නා ඩග්ලස් තම ණයකරුවන් විසින් පැහැරගෙන යන බිරිඳ දීපාව බේරාගන්නවා. සියල්ල සතුටින් අවසානවෙනවා. දීපශිකා චිත‍්‍රපටයේ කතා සාරංශය එයයි. දීපශිකා චිත‍්‍රපටයට ඇතුලත්වු ධර්මදාස වල්පොල ගායනා කරන මියුරුගීතයක්. මංමුලාවෙලා අඳුරෙ මේ යන්නෙ කොහෙ දැන් අප සැමා,පද රචනය කරුණාරත්න අබේසේකර, සංගීතය පි එල් ඒ සෝමපාල

 

දීපා ලෙස ඡීවරාණි කුරුකුළසූරියත් ඩග්ලස් ලෙස කිත්සිරි පෙරේරාත් මාලා ලෙස සන්ධ්‍යාකුමාරිත් ලකී ලෙස කිංස්ලි රාඡපක්ෂත් පියාලෙස ඬේවිඞ් ධර්මකීර්තිත් මව ලෙස සූරියඡයමහත්, චිත‍්‍රපට අධ්‍යක්ෂක ලෙස ඡෝ අබේවික‍්‍රමත් ඔහුගේ සහායකයා ලෙස ඇල් ඇම් පෙරේරාත් දිපශිකා චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත නිරූපණය කළා. එයට අමතරව පියදාස ගුණසේකර, බන්දු අමරසිංහ, ලිලියන් එදිරිසිංහ, ලලිතා අල්මේදා, එම් වි බාලන් මානෙල් පෙරේරා යන නලූ නිලියන්ද දීපශිකා චිත‍්‍රපටයේ ර`ගපෑවා.  දැන් ඉදිරිපත්කරන ගීතය කංකං බූරූ සිං සිං නෝරූ නිර්මාණය කරඇත්තේ ෂලිල් චෞද්රි සංගීතවත් කළ කබුලිවාලා චිත‍්‍රපටයට හේමන්ත් කුමාර් ගැයු ගිතයක තනුවට අනුව. ගායනය ලතා වල්පොල සහ පිරිස,පද රචනය සිරිල් ඒ සිලවිමල, සංගීතය පී එල් ඒ සෝමපාල

 

ගීත 7ක් ඇතුලත්වුන දිපශිකා චිත‍්‍රපටයේ ගීත සියල්ලම හින්දි හෝ දෙමල ගිතවල තනු අනුකරණයෙන් නිර්මාණය වු ගිත. ගීත රචනාකරඇත්තේ කරුණාරත්න අබේසේකර සහ සිරිල් ඒ සිලවිමල. පසුකලෙක පත‍්‍ර කතුවරයෙක් ලෙසද කටයුතුකල ප‍්‍රවිණ ලේඛක සිරිල් ඒ සීලවිමලයන් චිත‍්‍රපටයක් සඳහා ගීත ලිවූ ප‍්‍රථම චිත‍්‍රපටය අද ඔබ රසවිඳින දීපශිකා චිත‍්‍රපටය. ඉතා ඡනප්‍රිය  සරල ගි සහ චිත‍්‍රපට ගි රැසක් රචනාකළ සිරිල් ඒ සිලවිමලයන් පුවත්පත් කතුවරයෙක් මෙන්ම සිනමාව පිලිබඳ ලේඛණ රැසක් සම්පාදනය කල කලාකරුවෙක්. සින‍මා පටයේ සංගිත අධ්‍යක්ෂණය පි එල් ඒ සෝමපාල,  ලංකා චිත‍්‍රාගාරයේදි පටිගතකල ගිත වල පදරචනා සින්දු පොත් ලෙසත් ගිත එච් එම් වී ලේබලය යටතේ තැටි ලෙසත් නිකුත්වුනා. චිත‍්‍රපටයට ඇතුලත්වු තවත් මියුරු ගීතයක්. ගායනය ලතා වල්පොල, පද රචනය කරුණාරත්න අබේසේකර, සංගීතය පී එල් ඒ සෝමපාල. මෙම සටහන නිමකිරිමට පෙර දීපශිකා චිත‍්‍රපටයට ඇතුලත්වුන තවත් රසවත් ගීතයක තොරතුරු කියන්නම්. හම් හින්දුස්තාන් කියන හින්දි චිත‍්‍රපටයට ආශා බෝන්ස්ලේ සහ මුකේෂ් ගැයු ගිතයක තනුවකට අනුව නිර්මාණය වුන අදටත් ඡනප්‍රිය සිංහල ගිතය ප්‍රේමේ දිපශිකා- ගායනය එච් ආර් ඡෝතිපාල සහ ඇන්ඡලින් ගුණතිලක,පද රචනය කරුණාරත්න අබේසේකර, සංගීතය පී එල් ඒ සෝමපාල

තවත් සිංහල බයිස්කෝප් එකක් ගැන විස්තර රැගෙන නැවතත් හමුවෙමු.  මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සිංහල චිත්‍රපට ගීතාවලිය පොත් පෙල, ගාමිණි වේරගමගේ දේශිය සිනමා වංශය 1-2, අ‍ාචාර්ය නුවන් නයනඡිත් කුමාරගේ ශ්‍රී ලාංකේය සිනමා වංශය, විවිධ සිනමා පත්තර සහ ප්‍රකාශණ, අන්තර්ඡාලයේ තොරතුරු මෙන්ම පුද්ගලිකවම සිනමා පට නැරඹිමෙන් ලත් දැනුම සහ පන්නරය මෙම ලිපි පෙල ලිවිම සදහා උපකාරිවිය. මෙම චිත්‍රපට පිලිබදව වැඩ සටහනක් කැනඩාවේ සවන සිංහල ගුවන්විදුලියෙන් ඉදිරිපත්කල අතර එම වෙබ් අඩවියෙන් ඔබට සවන් දියහැක.