Friday, February 25, 2022

Short Story Jaathi aalaya

 

ජාති ආලය

 

කුලය හෝ ජාතිය ගැන සඳහනක් නොකරමි. මෑත කාලයේදි පුවත්පත් මගින් ජාතින් හැදින්විම සඳහා  කිසිම ඡුාතියකගේ සිත් නොරිදෙන ලෙස වචන භාවිතාකරයි. ඡුාතියක නම නොකියා එක් ඡුනකොට්ටාශයක්  සහ තවත් ඡුනකොට්ටාශයක් ලෙස ඔවුන් විවිධ ඡුාතියේ මිනිසුන් හඳුන්වයි. එය අනුගමනය කරමින් මෙහි වීරයාටද නමක් ඡුාතියක් නොදෙමි. ඔබට කැමතිනම් ඔහු කුමන ඡුාතියේද ඡුනකොට්ටාශයේද කියා ඔබම හඳුනාගන්න.  ඔහුගේ නියම ඡුාතිය කුමක්දැයි  කියා ඔබට කිවහැකියයි නොසිතමි. ඔහු ඇඳගෙන සිටින ඇඳුම ගැන ඔබට අනුමානයෙන් කිවහැකි මුත් එය මේ කතාවට අදාල නොවේ. රක්ෂණ කටයුතු කරන ආයතනයක ලිපිකරුවෙකු ලෙස ඔහු රැුකියාව කළේය. ඔහුගේ දිනපතා රාඡුකාරිය වුයේ මේසයක් ඉදිරිපට වාඩිවි ලිපිලේඛණ සහ ගණන් හිලව් පිරික්සීමයි. ඔහු සාමාන්යයෙන්  සවස පහ වනතුරු වැඩකරයි.  මාසේ අන්තිමට ලියුමක දැමු පඩිය ඔහු අතට ලැබෙයි. දැන් මැදවියට ආසන්න වෙමින් පවතින ඔහුගේ තරුණ කාලය මේ කන්තෝරුවටම ගෙවිගියේය. කාමර දෙකක් සහිත කුඩා නිවසක ඔහු ඡීවත්වෙයි. ගෙදරට අමුත්තෙක් පැමිණිවිට නිවසේ රමාණය පිළිබඳව ඔහුට තරමක මදිපුංචිකමක් ලැඡ්ඡුාවක් දැනුනත් බිරිඳ සහ දරුවන් හතර දෙනාට නිවස රමාණවත් බව ඔහු සිතයි. ඔහු නිවසට කැමතිය. කඩපොල ඉතා ආසන්නය. දරුවන්ගේ පාසල පයින් ඇවිදින දුරින්ය. අසල්වැසි සියලූදෙනාම වාගේ බිරිඳගේ හිතවතුන්ය.

 1947 ඔක්තෝබර් වනතුරු ඔහු ඉතා සතුටින් කාලය ගත කළේය. එහෙත් දැන් දැන් අසල්වැසියන් සහ නගරයේ මිනිසුන් හැසිරෙනුයේ කතාකරනුයේ වියරු වැටුනු ම්ලේඡුචයන් ලෙසය. සැතපුම් සිය දහස්ගණනක් ඈත සිදුවන මිනිමැරුමක් හෝ වෙනත් සිදුවිමක් රදේශය තුල රචාරයවනුයේ යක්ෂයාගේ සිතුවිලිද සමගය.  මිනිසුන් තමන්ගේ හිතේ නැගෙන ක්රෝධය වෛරය දකින හමුවෙන හැමදෙනාටම පෙන්වයි. මෙය මෝඩ හැසිරිමක් වුවත් සිදුවන්නේද එයමය. ඈත රදේශවල සිදුවන හොඳදේ   සාමකාමි දේ  මේ රදේශයේ කිසිකෙනෙක් නොදනි. එවැනි හොඳදේ ගැන කතාකරන්නේද නැත. එහෙත් නරක ආරංචි ඉක්මනින් පැතිරයයි. දිනපතා පුවත්පත් කියවන අසල්වැසියන්ගේ කේන්තිය වැඩිවි ඉවසීමේ සීමාව ඉක්මවා යනබවක් ඔහුට පෙනෙන්නටවිය.

 ‘‘මෙහේ ඉන්න උන්ගෙ අයට ගහන්න  ඕන. අසල්වැසියන් කේන්තියෙන් වෛරයෙන්  කතා කරන්නට විය.

‘‘උන් අපේ ගැහැණුන්ටත් ළමයින්ටත්  කරදරකරල. මිනිසුන් `ඩමින් කියනු ඔහුට ඇසුණි. 

‘‘අපි උන්ට පාඩමක්  උගන්නන්න  ඕන. උන් එහේ අපේ අයට කරන දේවල් අපි මෙහේ උන්ගෙ අයට කරන්න  ඕන. උන්ට තේරෙන බාසාවෙන් අපිත් කියල දෙන්න  ඕන. මිනිසුන් කේන්තියෙන් කතාකරනවා ඔහුට ඇසුණි.

මෙහේ බලන්න. ඔහු කියන්නට උත්සාහකළේය. කන්තෝරුවේ ඔහු `ගම මේසයේ වැඩකරන මිතුරාද ලියුම් බෙදන්නාද බුලත්විටි කඬේ බුලත්විට විකුණන්නාද බැංකුවේ වැඩකරන ඔහුගේ මිතුරාද ඔහුට සිහිවිය. ඔවුන් සියලූදෙනාම අනිත් ඡුාතියේය. මේවනතුරු ඔවුන් ගැන කිසිම ගැටලූවක් ඔහුට නොවීය. ඔවුන් සියල්ලම හිතවතුන් පමණි. ඔවුන්ගේ ඡුාතිය පිළිබඳව ඔහුට රශ්ණයක් නොවීය. සියල්ලෝම සිනහවෙන් මුව සරසාගත් කියනදේට ඇහුන්කන් දෙන එකිනෙකාට ගරුකරන හිතවතුන්ය. දැන් ඔවුන් පෙනෙනුයේ වෙනත් ඡුාතියක මිනිසුන් ලෙසය. තමන්ගේ අසල්වැසියන් අනෙක් ඡුාතිය කෙරෙහි තර්ඡුනාත්මකව කියනවිට ඔහුට බොහෝ දේ මැවි පෙනෙන්නට විය. තැපල් කන්තෝරුවේ මිතුරාව පාරමැද කපාකොට දමා තිබෙනවා මෙන් ඔහුට මැවි පෙනෙන්නට  විය. ඔහුගේ මිතුරාගේ කුඩා සුරතල් දියණිය ඔහුට මතක්විය. මිතුරාගේ ගෙදරට ගියවිට දොඩම්යුෂ වීදුරුවක් ඔහුට ගෙනඑන ඔහු ඉදිරියේ ගයන නටන සුරතල් දැරිය පාසල් යනවිට ඔහු අයත් ඡුාතියේ දාමරිකයන් ඇය පසුපස  පන්නාගෙනයන අයුරු ඔහුට මැවි පෙනෙන්නට විය. මේ සිහිවන දේ දරාගැනිමට නොහැකිවු ඔහු සිතින් වැලපෙමින් කොඳුරන්නට විය. දෙවියනේ මට සමාවෙන්න.

තමාගේ මිනිසුන්ට කරුණු කියාදිමෙන් තත්වය යම් රමාණයකට පාලනය කිරිමට ඔහු උත්සාහකළේය. මේ බලන්න. ඔය කියනදේවල් කිසිදෙයක් මේපැත්තෙ සිදුවෙලා නෑ. එහෙත් එය පලක්නොවන බව ඔහුට වැටහුණි. තමන්ගේ මිනිසුන් පිහි පොලූ මුගුරු වැනි ආයුධ එකතුකරන බව ඔහු දනියි. යුද්ධයකට සැරසෙන්නාක් මෙන් ඔවුන් හොඳින් සංවිධානයවේ. මේ සියල්ල සංවේදි සිතක් ඇති ඔහුට දරාගත නොහැක. ගිනිතැබිම් කැපිලි කෙටිලි මංකොල්ලකෑම් පිළිබඳ කතාබහ මෙන්ම මැරවරයන් සංවිධානය කිරිම සහ ඔවුන්ට ගෙවිම් ආදි සියල්ලම සිදුවනුයේ ඔහුගේ මාමාගේ නිවසේය.

‘‘අපි තවම මොකුත් කළේ නෑ. උන් තවත් නටාගෙන ආවොත් ඔක්කොම කම්මුතුකරනවා. අපි උන්ට තේරෙන බාසාවෙන්ම කියල දෙනවා.

මාමා නිතර කියනු ඔහුට ඇසුණි. ඉවසීමේ සිමාව ඉක්මවාගොස් ඇතිබව ඔහුට වැටහුණි. මේ සියල්ල දරාගතනොහැකි තත්වයට පත්වී ඇතිබව පෙනුනි. මිනිසුන් බේදබින්න වෙමින් එකිනෙකා දෙස සැකෙන් අවිශ්වාසයෙන් බලන්නටවිය. සැමදෙනාවම ඔහුට පෙනෙනුයේ මිනිමැරුමකට සුදානම්ව සිටින මිනිමරුවෙක් ලෙසය. මිනිසුන් ඔවුනොවුන් දෙස ක්රෝධයෙන් වෛරයෙන් බලන්නට විය. පාරතොටේ හමුවන මිනිසුන් එකිනෙකා දෙස නන්නාඳුන්නෙකු ලෙස අවිශ්වාසයෙන් සැකයෙන් බැලිම ගැන ඔහු ලඡ්ඡුාවිය. සැමතැනම බිය රාසය පැතිරයන්නට විය. ඔහු මිනිසුන් හමුවිමෙන් ඔවුන්ට ඇහුන්කන් දිමෙන් වැලකුණේය.

‘‘දන්නවද වෙලා තියෙන දේ. අහවල් පාරේ බයිසිකල්කාරයෙක්ව කපල පිහියෙන් ඇනල. පොලිසිය ඔක්කොම තොරතුරු හංගල කිසිදෙයක් කරන්නෙ නැතිව ඉන්නවා.යමෙක් කියනවා ඔහුට ඇසුනි.

‘‘අද අපේ ගෑණියෙකුට ගහලතවකෙක් කියනවා ඇසුනි.

‘‘ආරංචිද උන් අද ගෑණු ළමයින්ගෙ ඉස්කෝලෙකට පැනල. ගෑණු ළමයි හතරදෙනෙක් අතුරුදහන්වෙලා. පොලිසිය වැඩක් නැ. ඔවුන් නිකන් බලන් ඉන්නවා. මේවා අපිම නතරකරන්න  ඕන. උන්ට තේරෙන බාසාවෙන්.

නිතර නිතර ඇසෙන මෙවැනි දේවලින් ඔහු ගේ සිත පෑරෙන්නට විය. කෑමට ගත් දේ ඔක්කාරයට වමනයට එනවා සේ ඔහුට දැනුනි. කන කෑමවල කිසිම රසක් ඔහුට නොදැනේ. හිත සසල වි ඇත. තමන්ගේ බිරිඳ සහ දරුවන් දෙස බලන වාරයක්පාසා ඔහුගේ සිතට බියක් ඇතිවිය. මේ අහිංසකයන්වත් කිසිම දෙයක් තෙරුම්ගන්නෙ නැති කාලකණ්ණි මැරවරයන් අතට අහුවුනොත් මොනවවෙයිද කියල දෙවියො තමයි දන්නෙ. ඔහුගේ සිත වදදෙන්නටවිය.

රාතිරයේදි ඔහුට නින්ද නොයයි. කොයිවෙලාවක හෝ කඩාවැදිය හැකි මැරවරයන්ගේ කෑගැසිම් ඇසේදැයි ඔහු නොනිදාම කන් යොමාගෙන සිටියි. මැරයන් නිවස මංකොල්ල කෑමට, පහරදීමට දොරකඩාගෙන ආවොත් යන සිතුවිල්ල නින්ද පලවාහරියි. තමන්ගේ දරුවන් බයෙන් මොරදෙන්නාක් මෙන් ඔහුට ඇසේ. කොයිමොහොතක හෝ හිරිහැර කිරිමට මැරවරකල්ලි පැමිණේ යැයි බලාපොරොත්තුවෙන් රාතිරය පුරාවට නිදිකිරාවැටෙමින් ඔහු අවදිව සිටිමට උත්සාහගත්තේය. ඈතක බල්ලෙක් දිගටම බුරනු ඇසුනහොත් එක්වරම නැගිටන ඔහු ගින්නකින් ඇතිවන අහසට නැගි ගිනිදැල් මතුවි ඇත්දැයි බැලිමට එබීබලයි.

‘‘මොකක්ද සද්දෙ’’ බිරිඳ නින්දෙන්ම අසයි.

‘‘මොකුත් නෑ ඔයා නිදාගන්න. එසේ කියන ඔහු නැවතත් ඇඳට පැමිණ නිදාගැනිමට උත්සාහකරයි. කිසිවක් සිදුනොවිම ගැන ඔහුට සහනයක් දැනුනි. හදිසියේ කවුරුන් හෝ පැමිණියහොත්, යමක් සිදුවුවහොත් ආත්මාරක්ෂාව සඳහා ඔහු දරමඩුවේ තිබු පොරව ගෙනවිත් රහසින්ම ` තබාගත්තේය. වාහනයක් වේගයෙන් යන ශබ්දය ඇසුණගමන් කලූවරේම  ඡුනේලය `ගට ඇදෙන ඔහු එබීබලයි. එම වාහනය මිනිමරු දාමරික කෝලාහලකරුවන්ට වෙඩිතියන්න පස්සෙන් පන්නන පොලිස්වාහනයක් නොවන බව සැකහැරගැනිමට වාහනය යනතුරුම ඔහු බලාගෙන සිටයි. දිනපතා රාතිරයේ ඔහු මෙලෙස කල්ගෙවයි. එලියවැටෙන විට දහවල් කාලය එලඹෙනවිට ඔහුට යම් අස්වැසිල්ලක් සහනයක් ලැබේ.

එලඹෙන 29 බදාදා දිනය තීරණාත්මක දිනයක් බව හැමදෙනාම කතාකරනු ඔහුට ඇසුණි. එදාට ලොකු දෙයක් සිදුවනු ඇත. මෙම දිනය යොදාගත්තේ ඇයිදැයි යන්න ගැන පැහැදිලි හේතුවක් නැතිමුත් සියලූදෙනාම එම දිනය ගැන කතාකරයි. කන්තෝ්රුවේ සියලූදෙනාම කතාකරනුයේ 29 වෙනිදාගැන පමණි. වෙන කිසිම කතාවක් නැත. මාමාගේ ගෙදර සිදුවන සංවිධානාත්මක කටයුතු දැන් උපරිම තත්වයට පත්විඇත.

‘‘මට සතුටුයි මේක 29 වෙනිදට සිදුවන එක ගැන. මාමා ඔහුට පැවසීය.

‘‘එදාට මේ තියෙන බයයි උණුසුම් තත්වයයි සදහටම ඉවරවෙයි. අපි මේ නගරෙ සුද්ද කරනවා. මෙහේ උන්ගේ අය ඉන්නෙ ලක්ස එකහමාරක් විතර.  වගේද අපි.  ඔහු නගරයේ මිනිසුන්ගේ ඡුාති රතිශතය ගැන කියවයි.

අවසන් හෝරාව `ගාවෙමින් පවතියි.  මේ සියලූ සුදානම් සහ වැඩපිලිවෙලවල් සමගම ඔහුගේ  සිතට රශ්ණයක්ද නැගුනි. කවුද ඉස්සෙරලම වැඬේ පටන්ගන්නේ. කොයිපැත්තෙන්ද මුලින්ම වැඬේ පත්තුකරන්නෙ. වෙලාවක් බලල එක් ඡුාතියක කෙනෙක් අනෙක් පැත්තෙ එකෙකුට කම්මුලට ගහල නැකතට වගේ චාරිතරානුකූලව වැඬේ පටන්ගන්නවද. 

‘‘හිතමු එහෙම කිසිදෙයක් වුනේ නැ කියල’’ ඔහු මාමාට තමාට ඇතිවුන රශ්ණය ඉදිරිපත්කලේය.

‘‘කොහොමද හිතන්නෙ මොකුත් වෙන්නෙ නෑ කියල. අපි දන්නවා උන් මොනවද කරන්නෙ කියල. හැමදාම ? උන් එකතුවෙනවා. ඇයි උන් රැුට ? එකතුවෙලා කතාකරන්නෙ. මාමා පිළිතුරු දුන්නේය.

‘‘ඔවුන්ට ? මිසක් වෙනවෙලාවක් නැතිව ඇති කට්ටිය එකතුවෙන්න.ඔහු කීවේය.

‘‘අපි කැමති නෑ මිනිසුන් වෙලාවට එකතුවෙනවට. කලබල කරන්න අපේ කිසිම අදහසක්නෑ. ඒත් මොනවහරි වුනොත් අපි උන්ව නැත්තටම නැතිකරල දානවා. ඒක පැය කිහිපයක වැඩක්. හරියටම වැඩක් පටන්ගන්න ස්විච් බොත්තමක් ඔබනව වගේ. ඒත් අපි ඉස්සරවෙන්නෙ නෑ. පුලූවන්තරම් ඉවසනවා. මාමා නැවතත් කීවේය.

ආරක්ෂාකාරි පියවරක් අනුගමනය කරමින් බොහෝ කඩසාප්පු 29 දින වසා දමා තිබුණි. අද ඉස්කෝලෙ නෑ දරුවන් සතුටින් කෑගසන්නට විය. තාත්තා දන්නවද ඇයි කියල අද ලොකු සටනක් ඇතිවෙනවලූ. දරුවන් එය ගැන සැහැල්ලූවෙන් සහ සතුටින් කතාකිරිම ගැන ඔහුට කේන්තියක් මෙන්ම යම් ඉරිසියාවක්ද දැනුනි. ඔහු රැුකියාවට යාමට සුදානම්විම ගැන බිරිඳ කැමැත්තක් නොදැක්විය.

‘‘ඇයි ඔයා යන්නෙ. කවුරුත් අද වැඩට යන්නෙ නැ’’ අසල්වැසියන් ගැන සඳහන්කරමින් බිරිඳ පැවසිය.

ඇගේ රශ්ණයට ඔහු සිනාසුනි.

‘‘ඔයාට  ඕනනම් ගේ ඇතුලට වෙලා ඉන්න. ඔයා බයහින්දනේ එහෙම කරන්නේ’’

‘‘කවුරුත් බය නෑ. මාමා ` ඉන්නනිසා අපිට බයක් නැ. ඇය කිව්වාය.

කන්තෝරුවේ සගයන් වැඩිදෙනෙක්  සේවයට පැමිණ නැත. පැමිණියයුතුම නිසා ලොක්කා  ඇවිත් සිටියි. නොපැමිණි සියලූ දෙනාම හදිසි පුද්ගලික කාරණාවක්නිසා නිවාඩු ගෙන ඇත. පැමිණි සිටි කිහිපදෙනාද කතාකලේ අද දවසේ සිදුවිය හැකි දෙය ගැනය. ඔවුන් කියවන කටකතා සහ බියකරු තත්වය නිසා ඔහුගේ හිස ගිනිගත්තාක්මෙන් විය. ඔහු එම කතා ඇසිම පිලිකුල් කළේය. වැඩක් කිරිමට වාඩිවුවත් සිහියට එන්නේ වෙනත් දේය. එය මගහැරිම සඳහා ඔහු පරණ ලිපිලේඛණ නැවත නැවත කියවන්නට විය. වෙලාව යනවා ඔහුට නොදැනුනි. ඔහු කන්තෝරුවෙන් එලියට බසිනවිට ? හතහමාරත් පසුවිය. පරණ ලිපිගොනුවලට යොමුවිමෙන් ඔහුගේ සිතේ තිබු තිගැස්සිම සමනය වෙමින් පැවතියමුත් එලියට පැමිණිවහාම ඉක්මනින්ම ගෙදර යායුතුයැයි සිතිවිල්ල ඇතිවුණි. ගෙදර මොනවවෙලාද කියල දෙයියො තමයි දන්නෙ. දිනපතා ඔහු ගෙදර යන පාර දුරවැඩියැයි ඔහුට සිතුණි.  අවුල්වු හිතට දැනුනේ දිනපතා යන පාරෙන් යෑමට පැයගනනාවක් ගතවේ යනුවෙනි. හොඳම සහ කෙටිම පාර කන්තෝරුව ඉදිරිපසින් ඇති පටු අඩිපාර දිගේ ගෙදර යාමය. සමහර දිනවල ඉක්මනින් ගෙදර යාමට අවශ්යවු අවස්තාවලදිත් ඔහු මෙම පාරදිගේ ගෙදර යනමුත් දිනපතා එම පාරේ යාමට ඔහු එතරම් කැමැත්තක් නැත. පාරපටු විමත් දෙපැත්තේම කුණු කානු තිබිමත් සහ දඩාවතේ යන බල්ලන් බහුලවිමත් නිසා ඔහු එම පාරදිගේ යාමට වැඩිකැමත්තක් නැත. වෙලාව බැලූ ඔහු කලූවරේම පටුපාර දිගේ ඉදිරියට ඇදුනේය.

ඔහුට යාහැකි වුයේ ටික දුරකි. කලූවරේම ඉදිරියෙන් බයිසිකල් කරුවෙක් ඔහු ඉදිරියේ නැවතුණි. එකිනෙකාට ඉඩදි පාරේ මොනපැත්තට අයින්විය යුතුදැයි දෙදෙනාටම එක්වර තීරණය කළ නොහැකිවිය. එක් වතාවක් දෙදෙනාම පාරේ දකූණු පැත්තට අයින්විය. නැවතත් දෙදෙනාම පාරේ වම්පැත්තට අයින්විය. කොයිපැත්තට අයින්විය යුතුදැයි සිතමින් දෙදෙනාම එහාට මෙහාට වෙද්දි බයිසිකලයේ පැඩලයෙන් කකුල ලිස්සාගිය බයිසිකල් කරු ඔහුවත් පෙරලා ගෙන බිම වැටුනි. දෙදෙනාම පාරේ දුවිලි ගොඩමතය. ඔහුගේ ඉවසීමේ සීමාව ඉක්මවාගියේය.

‘‘බයිසිකල් පදිනවනම් පරිස්සමින් පදින්න බැරිඇයි. ඔහු බයිසිකල්කරුට බැනවැදුනේය.

‘‘ඇස් පේන්නෙ නැද්ද. බයිසිකල් එකක් එනව දැක්කෙ නැද්ද’’ නැගිටගත් බයිසිකල්කරුද කෑගැසිය.

‘‘කෝ බයිසිකලේ ලයිට්’’

‘‘මගේ ගෙවල් පැත්තෙ මගෙන් ලයිට් අහන්න උඹ කවුද’’ එසේ කිවු බයිසිකල්කරුවා ඔහුගේ කම්මුලට ගැසිය.

තරහගිය ඔහු බයිසිකල්කරුගේ බඩට ගැසිය. වටින් පිටින් සෙනග පිරෙන්නට විය.

‘‘මූ අපේ පැත්තෙදිම අපේ එකෙකුට ගැහුවා. මුන්ට කොහොමද එහෙම හයියක්. මූට පාඩමක් උගන්වන්න  ඕන. අපි බයවෙයි කියලද උඹල හිතන් ඉන්නෙ. පිරිස අතරින් කෙනෙක් කෑ ගැසීය. පිරිසගේ ශබ්ද වැඩිවන්නට විය. කේන්තියෙන් කෑගැසිම් උගරවන්නට විය. ඔහුගේ කන් බිරිවන තරමටම කෑගැසිම්ය. කෙනෙක් ඔහුට පොල්ලකින් පහරදුන්නේය. සමගම තවකෙක් මිට මොලවා ඇන්නේය. පිහියක් දිලිසෙනවා ඔහුට පෙනුනි. තමාගේ අවසානය `ගාවි ඇතිබව ඔහුට දැනුනි. තවතවත් කණ්ඩායම් පැමිනෙනවා ඔහුට පෙනුනි. එකිනෙකා අතර වු බැඳිම් සහ සබඳාතාවල වැදගත්කම ගැන රැුස්ව සිටි පිරිසට කියාදිමටත් මෙය වහාම නැවත්වියයුතු  බව කිමටත් ඔහු උත්සාහකලේය. එහෙත් ඔහුගෙන් කිසිම වචනයක් පිටනොවුනි. සැමපැත්තෙන්ම ඔහුව හිරවි ඇත. තවදුරටත් ඇතිවන තත්වය දරාසිටිමට නොහැක. රැුස්ව සිටි සියලූදෙනාම තමතමන්ගේ ශක්තිය ඔහු වෙත මුදිහරියිි ඔහුගේ ශරීරයේ කෑලි සමහරු ඉරා ගන්නවාක් මෙන් ඔහුට දැනුනි. ඔහුගේ දෑස් නොපෙනිගෙන යයි. ගත සැහැල්ලූවෙනවා සේ ඔහුට දැනේ.

‘‘මෙතන සිදුවුන කිසිම දෙයක් මම මගේ මාමාට කියන්නෙ නෑ. මේ කලබල පටන්ගත්තෙ මම නිසා කියනවට මම කැමතිනෑ. නගරය විනාශවෙන්න දෙන්න බෑ. කලබල ඇතිවෙන කිසිම දෙයක් මම කියන්නෙ නෑ. කලබල ඇතිකරන ගිනිදල්වන බොත්තම ඔබන්න හේතුවන කිසිවක් මම කියන්නෙ නෑ.  එහෙම වුනොත් ඔබ මම අපි ඔක්කොම විනාශවෙනවා. කිසිම කෙනෙකුට වාසියක් වෙන්නෙ නෑ. ඔබේ ඡුාතිය මගේ ඡුාතිය කියල දෙයක් නෑ. අපි හැමෝම මේ රටේ. මම මගේ බිරිඳ සහ ලමයි ඔබ ඔබේ බිරිඳ සහ ඔබේ ලමයි. අපි එකිනෙකාගේ බෙලි කපාගන්න දෙන්න එපා. කවුරු කාගේ බෙල්ල කපනවද කියල වැඩක් නෑ. හැමදෙනාම මට එකයි. අපි මේක කරන්න හොඳ නෑ. මම මාමාට කියන්නම් මාව කන්තෝරුවෙ පඩිපෙලෙන් වැටුනයිකියල. ඔහු කවදාවත් දැනගන්න එකක් නෑ ඇත්තට සිදුවුනේ මොකක්ද කියල. මම නිසා මාමා කලබල පටන්ගන්න බොත්තම එබියයුතු නෑ. ඔහු තමාට පහරදෙමින් සිටි `ගම සිටිකෙනෙකුට කෙඳිරිගෑවේය.

එහෙත් වනවිට බොත්තම එබි සියල්ල ආරම්බවි තිබුණි.  අඩිපාරේ සිදුවු සිද්ධිය පැය කිහිපයක් ඇතුලත නගරය පුරාම දැනුවත්විය. ඔහුගේ මාමා සහ අනෙකුත් මාමාලා වැඩ අරඹා තිබුනි. එයින් ඇතිවුන තත්වය මෙහි විස්තරකළ යුතු නැත. ඔහුට නැවතත් කතාකිරිමට හැකිවුනොත් ඔහු නගරය බේරාගැනිම සඳහා ඔහුට සිදුවු දෙය `ගවා බොරුවක් කියනු ඇත. නමුත් එය එසේ සිදුනොවිය. කුණුකානුවක තිබු ඔහුගේ මිණිය පසුදින පොලිසිය විසින් සොයාගන්නාලදි. හඳුනාගැනිමට අපහසුවු ඔහුව හඳුනාගනු ලැබුවේ කමිස සාක්කුවේතිබු බූමිතෙල් සලාක කූපනයෙනි

 

ඉන්දියානු ලේඛක ආර්. කේ. නාරායන් ගේ  " Another Community"    කෙටිකතාව සිංහල පරිවර්තනය  ආචාර්ය ඡගත් රූපසිංහ 

Monday, February 15, 2021

The Watcher -Short Story

 

මුරකරුවා

බටහිර අහස සිතිජයට ආසන්නව තවමත් ලා රත් පැහැයෙන් පෙනේ. වැව් බැම්ම මත සිටගත් මුරකරුවා අවට සිසාරා බැලීය. සැඳෑකාලයේ ඇවිදීමට ආ සියලුම ජනයා නැවත නිවෙස් බලා ගොසින්ය. වැව් බැම්මේ උතුරු කොනේ වාඩිවී, වතුරට කකුල් දමාගෙන බිලී පිත්ත ගස්සමින් සිටින මාළුබාන්නා හැර පෙනෙන තෙක් මානයේ කිසිවෙක් නැත. ඔහු ගැන කරදරවීමට අවශ්‍ය නැත. මාළු අල්ලාගන්නා බලාපොරොත්තුවෙන්  මැදියම් රැය වනතුරු ඔහු එතැනම සිටිනු ඇත.

ප්‍රාදේශීය ආදයම් දෙපාර්තමේන්තු කාර්යාලයේ නමයේ කණිසම වැදෙනවා ඔහුට ඇසුනි. අයාලේ යන හරකුන් කම්බි වැටෙන් රිංගා වැව් බැම්මට නැගනැති බව ඔහු සැකහැර දැනගත්තේය. ඔහු ගෙදර යාමට හැරුනා පමනි. යාර සියයක් පමන උුරින් අපැහැදිලි රුවක් ගල්පේලි බසිමින් වතුර අසලටම යනබව ඔහුට පෙනුනි. අවතාරයක්ද ඔහුට ක්‍ෂණිකව සිතුනි. ඒ අදහස බැහැරකළ ඔහු අපැහැදිළි රුව අසලට ගමන් කලේය. මේ මහරැ තනියම කවුරුහරි නාන්න ආවද? ගල් පඩි පෙල මුඋුනේ සිට බැලූවිට ඒ කාන්තාවක් බව ඔහුට වැටහුනි. පඩිපෙලේ අන්තිම පඩියේ නැවතුනු ඇය එම පඩිය මත යමක් තැබුවාය. එය ලියුමක් විය හැක. ඉන්පසු වතුරට බැසගත් ඇය දනක් දක්වා ගිලෙන තුරු ඇවිද ගොස් අහසට දෑත් ඔසවා යාඥා කරන්නට විය. එය ඉතා පැහැදිලි සංඥාවකි. පොලීසිය විසින් සොයාබලන, ප්‍රශ්ණකල හැකි, කටකතා පැතිරිය හැකි, වැව සම්බන්ධව ඉතාමත් නරක ප්‍රතිරූපයක් ඇතිවන බිහිසුනු අවසානයක් සහිත සංඥාවකි.

 

“”ගොඩට එන්න. වැවෙන් ගොඩට එන්න.ඔහු කෑගැසුවේය. ඇය වතුරේ සිට බලා සිටියාය.

ඔතන ඉඳගෙන ඔය විදියට බලාගෙන ඉන්න එපා. සීතල හැදෙයි. කවුරුවුනත් කමක් නැහැ ගොඩට එන්න. ඔහු පඩිපෙල බැස ලියුම අහුලා ගත්තේය. තමා ලඟ තිබූ ලැන්තෑරුම දැල්වූ ඔහු එහි එලිය වැඩි කලේ. එය ඉහලට ඔසවා කොඳුරන්නට විය.

“’මම මේවට කැමති නෑ. ඇයි හැම දෙනාම මේ වැවටම පනින්න එන්නෙ? ‘

මැරෙන්න ඕනනම් කේාච්චියට පනින්න. ඔහු කීවේය.

ලැන්තෑරුම් එලිය ඇයගේ මුහුණට වැටුනි. ඇය ලාබාල තරුණියකි. ඇගේ මුහුණ කඳුලින් තෙමී ඇත. ඔහුට එක්වරම අනුකම්පාවක් ඇතිවිය.

වාඩි වෙන්න. කලබල වෙන්න එපා. ඔතන වාඩි වෙන්න. නෑ නෑ ඔතන එපා ගල් පේලි දෙකක් උඩට නැගලම වාඩිවෙන්න. වතුර කිට්ටුව වාඩි වෙන්න එපා. ඔහු පැවසීය. ඇය කීකරු වූවාය. ඇය හා වතුර අතර වූ අවසාන ගල්පඩියෙ වාඩිවූ ඔහු ලන්තෑරුම ගල මත තැබීය. උුම්කොල කෑල්ලක් ගෙන කටට දමා ගත්තේය. බිමට බරවූ මුහුණ දැතින් වසාගත් ඇය ඉකිගසන්නට විය. 

ඇයි නැගිටල ගෙදර යන්නෙ නැත්තෙ නෝනා.අපහසු තාවයට පත්වූ ඔහු පැවසුවේය.

මේ ලෝකෙ මට ගෙයක් නෑ.ඉකි බිඳුම අතරින්ම ඇය පැවසුවාය.

මට ඕව කියන්න එපා. මේ තරම් කාලයක් ගෙයක් නැතුව නොවෙයිනෙ ඔබ හැඋුනෙ වැඩුනෙ. මුරකරු පැවසීය.

මට අවුරුÿ පහෙදි අම්ම නැතිවුනා.

මම හිතුවා.මුරකරු පැවසීය. තාත්තා නැවත කසාද බැන්ද නිසා ඔබ හැඋුනෙ වැඩුනෙ කුඩම්ම යටතෙ. ඔහු වැඩි උුරටත් පැවසීය.

ඔව් ඔව් කොහොමද ඔබ දැන ගත්තෙඇය ඇසුවාය.

මට දැන් අවුරුඋු හැට පහක්. කුඩම්මා ඔබට කරදර කලාද? ”

නැහැ එතනදි ඔබ හිතුවහැටි වැරදියි. ඇය මට හරිම කරුණාවන්තයි. අවුරුඋු කිහිපයකට කලින් තාත්තා මැරුන දවසෙ ඉඳල ඇය මාව හොඳින් රැකබලාගත්තා. තාත්තා ඉතිරිකරල ගියේ ඉතා සුලුමුදලක්. එ් ටිකත් ඇය අප වෙනුවෙන් වියදම් කළා.

මුරකරු අහසේ තරු දෙස බැලීය.  රැ කෑම මග හැරීම මතක්වීමෙන් ඔහු හූල්ලන්නට විය. දැන් හොඳටම රැ වෙලා. ගෙදර යන්න නෝනා.

මම කිව්වනෙ මට ගෙදරක් නෑ කියල. ඇය කේන්තියෙන් පැවසුවාය.

ඔබ කියන විදියට ඔබේ කුඩම්මගෙ ගෙදර ඔබට කිසිම කරදරයක් නෑ. කුඩම්ම ඔබට හොඳට සලකනවා.

එ්ත් ඇයි මම එයාට කරදරයක් වෙන්නෙ. මම එයාගෙ කවුද? ”

ඔබ ඇගෙ ස්වාමිපුරුෂයගෙ උුව. මුරකරු පැවසීය.   සම්බන්ධය හොඳටම ඇති.

නෑ නෑ මට ඕන නෑ කාගෙවත් ලඟ පිනට ජීවත් වෙන්න.

එහෙනම් ඒ අය ඔබට ස්වාමිපුරුෂයෙක් හොයල දෙනතුරු බලාඉන්න වෙයි”.

ඇය අඳුරේම ඔහු දෙස රවා බැලීය. එ්ක තමයි මම කරන්න කැමති නැත්තෙ. මට ඕන ඉගෙනගන්න. දොස්තර කෙනෙක් වෙන්න. මමම හම්බකරල ජීවත්වෙන්න. මට කසාද බඳින්න අවශ්‍ය නෑ.

මට නිතරම ඇහෙනවා මගෙ අනාගතය ගැන, මගෙ විවාහය ගැන, ඈත පලාතක ජීවත්වෙන එයාගෙ වැඩිමහල් පුතා සමග කුඩම්මා උුක්වෙමින්කතාකරනවා. මාව දිගටම ඉස්කෝලෙ යවන්න වියදම් කරන්න ඔවුන්ට අමාරුයි දැන්. මාසෙකට රුපියල් විස්සක් අවශ්‍යයි ඉස්කොලෙ වැඩවලට.

රුපියල් විස්සක්.මුරකරුට කියවුනේය. එය ඔහුගෙ මාසෙ පඩියට සමානය.

කොහොමද කෙනෙක් එච්චර ලොකු ගානක් ඉගෙනගන්න වියදම් කරන්නෙ

අද වෙනතුරු කළා.ඇය කීවාය.

මම බලාගෙන හිටිය මට ශිෂ්‍යත්වයක් ලැබෙයි කියල. එහෙම වුනානම් කිසි ප්‍රශ්ණයක් නෑ. ශිෂ්‍යත්ව ලැබුන අයගෙ නම්  අද හවස කිව්වා. අනිත් අයට ලැබුනා. මට නෑ. මගේ නම තිබුනෙ නෑ.ඇය නැවතත් හඬා වැටුනාය. මුරකරු ඇය දෙස පුඋුමයෙන් බැලීය. මේ සියලු සිද්ධීන්ගෙන් ඔහුට වැටහුනේ ඉතා ස්වල්පයකි.

මේ සිද්ධිය දැනගත්තම ඔවුන් මගේ විවාහය කරන්න හදයි. හෙට මාව බලන්න එක්කෙනෙක් එනවලු. ඇය තවඋුරටත් කීවාය.

එයාව බඳින්න. දෙවියන්ගෙ පිහිටෙන් ඔබට ලමයි දහයක්වත් ලැබේවි.

එපා එපා.ඇය අසිහියෙන් මෙන් කෑ ගැසුවාය. මට කසාද බඳින්න ඕන නෑ. මට ඕන ඉගෙන ගන්න.

ඇගේ ඉකිබිඳීමත්, නිශාචර කුරුල්ලන් වතු‌රෙ නගන සර සර හඬත්, දියරැලි ඉවුරෙ වදින හඬත් නිසා රැයේ නිහඬ බව බිඳී ගියේය. ඇගෙ වේදනාව උුටු ඔහුට ඔහුගේ ජීවිතයේ උුක්මුසු අවස්තාවන් මතක් විය.  බොහො කාලයකට පෙර ගමේ තිබූ කුඩා ගෙදරදී ඔහුගෙ තාත්තා, අම්මා සහ සහොදරයන් කොලරා වසංගතය නිසා එකම දවසෙදී මියගිය අයුරු ඔහුට මතක්විය. බේරුනේ ඔහු පමනි. පියාගේ නෑදෑයන් විසින් රැවටීම් සහ වංචාවන් මගින් පරම්පරාවෙන් උරුමවූ නිවසින් තමන් එලවා දැමූ හැටි ඔහුට සිහිවිය. ඔහු අඟහිඟකමින් සහ ඉවසාගත නොහැකි බඩගින්නෙන් පීඩා විඳිමින් අනාථයකුසේ ඉබාගාතේ ගමන්කළ හැටි සිහිවිය.

හැම දෙනෙකුටම තමන්ට උරුමවූ කාලකණ්ණි අවාසනාවන්තකම් තියෙනවා.ඔහු කීවේය.

මිනිස්සු එ් හැම එකකටම මැරෙන්න හැඋුවොත් ඔවුන්ට කීපාරක් ගිලිල මැරෙන්න වෙයිද කියල මම දන්නෙ නෑ.ඔහුට තවත් සිද්ධීන් මතක්වූ අතර උුක වේදනාව නිසා කටහඬ වෙවුලන්නට විය.

”“ඔබ තරුණයි. ඔබ හරියට දන්නෙ නෑ උුක වේදනාව මොකක්ද කියල. ටික වේලාවක් නිහඬව සිටි ඔහු කථාකිරීමට පටන්ගත්විට  දෙනෙත කඳුලින් තෙත්විය.

මම ලෝකෙ ඉන්න සියලුම දෙවියන්ට බාරවුනා, කන්නලව් කලා මට පුතෙක් ලබා දෙන්න කියල.  මගෙ බිරිඳ මට ලමයින් අටක් ලබා උුන්න. එක උුවයි දැනට ජීවත්වෙන්නෙ. අනෙක් කවුරුවත් වයස එකොලහ වෙනකන් හිටියෙ නෑ.තරුණිය ඔහුදෙස සිහිවිකල්ලෙන්  මෙන්බැලීය.

කන්තෝරුවේ මණිය නැවත වැඋුනි.

හොඳටම රෑ වෙලා. ඔබ දැන් නැගිටල ගෙදර යන එක තමයි හොඳ.ඔහු කීවේය.

මට ගෙදරක්නෑ.ඇය කීවාය.

ඔහුට කේන්ති ගියේය. ඔබ හැම දේටම නෑ බෑ කියනවා. මුරණ්ඩු වෙන්න එපා.

මට තියෙන කරදර ඔබ දන්නනෙ නෑ.ඇය කීවාය.

ලැන්තෑරුම සහ තම යෂ්ටිය ගෙන ඔහු නැගී සිටියේය. ඔහු අහුලාගත් ඇගෙ ලියුම තිබුන තැනටම දැමීය.

ඔබ ඔය විදියට හොඳටම මුරණ්ඩු වෙනවනම් ඔබව තනියම මෙතන තියල මම යනව යන්න. කිසිකෙනෙකුට  මට දොස් කියන්න බෑ.

ඔහු ටික වේලාවක් නිහඬවිය. ඇය දෙස බැලීය. ඉන්පසු පඩිපෙළ නගින්නට විය. ඔවුන් අතර කිසිිම කතාබහක් ඇති නොවීය.

 

පසුදින උදයේ වැඩට පැමිණි වහාම ඔහු හනිහනිකට ගල්පඩිපෙල බසින්නට විය. පෙරදින රැයේ ඔහු තැබූ තැනම ලියුම තිබුනි.  ඔහු තනිකර දමාගිය තරුණියගෙ ඉරණම පිළිබඳව යමක් දැනගැනිමට හැකිවේයැයි වූ අසරණ බලාපොරොත්තුවකින් යුතුව ලියුම අහුලාගත් ඔහු එය බලන්නට විය. ඉන්පසු ලියුම කෑලිකෑලිවලට ඉරා වතුරට විසි කර වතුරේ පාවෙන කොලකෑලි දෙස බැලූ ඔහු, පෙරදින රැයේ ඇයව  තනිකර දමා යෑම පිළිබඳව තමාටම චෝදනාකරගත්තේය. මේ වැවේ සිඋුවුන එක සියදිවිහානිකරගැනීමකට හරි මම වගකියන්න ඕන. ඔහු නිතරම ඔහුටම කියාගත්තේය. ඉන්පසු කිසිම දිනක වැව දෙස සන්සුන් හිතකින් බැලීමට ඔහුට නොහැකිවිය. මිනිය හදිසියෙම මතුවෙන්න බැරිකමක් නැතැයි මාස ගනනනාවකට පසුත් ඔහු අනුමාන කලේය. කවුද දන්නෙ මිනිය සමහර වෙලාවට වැව් පතුලෙ හිරවෙලා තියෙනවනෙ. ඔහුට හිතුනි.

අවුරුඋු ගනනනාවකට පසු එක් සැඳෑවක, වැඩ ඉවරවී ගෙදරයාමට පෙර වැව් බැම්ම මත සිට සුපුරුඋු ලෙස අවට සිසාර බලන මුරකරුට වැව පාමුල පාරේ කාර්එකක් පෙනුනි. පිරිමියෙක්, කාන්තාවක් සහ ලමයි තිදෙනෙක් කාරයෙන් බැස වැව් බැම්මට නැග්ගේය. ඔවුන් ලඟට එනවිට මුරකරුට පොඩි චකිතයක් දැනෙන්නට විය. ගැහැණියගෙ රුව සහ මුහුණ හොඳට දැක පුරුඋුය. වසර ගනනනාවක කාලය, ඇගෙ ඇඳුම සහ ඇය පැලඳි ආභරණ  විසින්  රුව වෙනස්කර තිබුනද, එදා  ලැන්තෑරුම් එලියෙන් උුටු මුහුණ ඔහුට හඳුනාගන්නට හැකිවූ බව ඔහුට සිතුනි. මේ හඳුනාගැනීම ඔහුට එසැණින් සතුටක් දැනවීය. ඇසීමට ප්‍රශ්ණ ගනනාවක් ඔහුට තිබුනි. ඔහු දෑත්එක්කර ගරුසරු ඇතිව ඇයට ආචාර කළේය. ඇය නැවතී ඔහුට කතාකරනු ඇතැයි ඔහු සිතුවේය. එහෙත් ඇය ඔහු දෙස නොහඳුනන බැල්මක් හෙලා ඔහු පසුකර ගියාය. ඔහු පසුකර යන ඇය දෙස ඔහු ඕනෑකමින් ටිකවේලාවක් බලා සිටියේය.

සමහර විට වෙන කවුරුහරි වෙන්න ඇති.   තමන්ටම කොඳුරාගත් ඔහු මෙතෙක් කලක් තම හිතේ කිඳාබැස තිබූ සම්පූර්ණ කතාවම හිතෙන් ඉවත්කර ගෙදර යාමට පිටත්විය.

 

 

 

ආර්. කේ  නාරායන්ගේ The Watcher  කෙටිකතාවේ පරිවර්තනයකි.

 

පරිවර්තනය  ආචාර්ය  ජගත් රූපසිංහ