Friday, October 14, 2022

 

කීකරු පුතා

පත්තරකාරයා ගේට්ටුව ලඟට විසිකල පත්තරය අහුලාගත් රකේෂ් එතන සිටගෙනම වෛද්‍යවිද්‍යාලයට ඇතුල්වීමේ තරඟ විභාගයේ ප්‍රතිඵල කියෙව්වා. පත්තරය කියවමින්ම ගෙදර ආලින්දයට පියනැගූ ඔහු උදේ තේ කෝප්පය තොලගාමින් සිටි තාත්තගේ දෙප වැන්දා. ඉහල සමර්ථයක් ද කියල තාත්තා ඇහුව ප්‍රශ්නෙට රකේෂ් උත්තර දුන්නෙ බොහොම සන්තෝෂයෙන්. විභාගෙ වැඩිම ලකුණු අරගෙන පලවෙනියා වෙලා.

නටමින් ගයමින් මුලු පවුලම සන්තෝසවුනා. මුලු දවස පුරාම නැදෑයන්ගෙන් යහළුවන්ගෙන් සුබ පතන්නන්ගෙන් ගෙදර පිරි ගියා. නිවස පුරාම විවිධ ආකරයේ පැණි රස කැවිලි. සමහරු මල්මාලා ගෙනෙල්ලා පලඳනවා. ගෙදර මල්වලින් සරසල. පවුලෙන් ඉහලට ඉගෙනගත්ත පලවෙනියා රකේෂ් ඔහුව වෙද්‍යවිද්‍යාලයට යවන්න ගෙදර අය බොහෝ දේවල් කැපකළා.

වර්මd මහත්තයා ඔබේ පුතා ඔබට විිතරක් නොවෙයි මේ පලාතටම ගෞරවයක් ගෙනත්දුන්න. හැම දෙනාම රකේෂ් ගේ පියා වර්මාට සුබ පැතුවා.

ඔහු පළමුවෙන්ම කලේ මගේ කකුල් දෙක අල්ලල වැඳපු එක.” වර්ම මහත්තයා බොහොම ආඩම්බරයෙන් කිව්වා. නිවසට පැමිණි වැඩිමහලු කාන්තාවන් සතුටු කඳුලු සාරි පොටින් පිහදාගත්තා. පිරිමින් එකිනෙකා වැලඳගෙන සුබ පැතුවා.

වර්මd මහත්තයා සතුටින් ඉන්නේ. මේ වගේ පුත්තු දැන් කාලෙ ලේසියෙන් සොයා ගන්න බෑ.” එකිනෙකා කියවන්නට වුනා.

වර්මd මහත්තයාගේ තාත්තා වගේම වර්මත් ඉස්කොලෙ ගිහින් නෑ. ඒ වුනාට පුතාට හොඳට ඉගැන්නුවා. මේ දරුවා මුලු පලාතටම නම්බුවක්.” නිවසින් පිටවිමට පෙර පැමිණි  සැම දෙනාගෙම කතාබහ වුනේ ඒ ගැන.

වෛද්‍ය විද්‍යාලයට ඇතුලත්වුන රකේෂ් හොඳින් ඉගෙනගෙන අවසාන විභාගය ඉහලින්ම සමත්වුනා. ඔහු ඉදිරිපත් කළ පර්යේෂණ නිබන්ධනය වෛද්‍ය කේෂේත්‍රයේ ඉහලින්ම අගය කිරිමට ලක්වුනා. ඔහුගේ දක්ෂතාවය නිසාම ඔහුට වැඩිදුර අධ්‍යනය සඳහා ඇමරිකාවට ශිෂ්‍යත්වයක් ලැබුනා. ඔහු යූ එස් ඒ බලා පිටත්වුනා. ගෙදරට කතාකරන හැමවිටම ඔහු ගෙදර අයට කිවෙ ඇමරිකාව නොවෙයි දැන් කියන්න  යූ එස් ඒ කියල. තම ඉගෙනිමේ වැඩ හොඳින්කල රකේෂ් ඇමරිකාවේ පදිංචි නොවි නැවතත් ගමට පැමිණියා. ඔහු හැදි වැඩුනු කහපාට තීන්ත  ගෑ කුඩා ගෙදරටම ආව. රකේෂ්ගේ ආපසු පැමිණිම ගැන වඩාත් සතුටු වුනේ අම්මා. ගමේ අය කිවෙ ඇමරිකාවෙ ගිය බොහෝ ඉන්දියන් ලමයි සුදු ගෑනුන් කසාද බැඳ ඇතිබව. අම්මා විසින් ගමෙන් තොරාගත් තරුණියක් සහ විවාහ විමටද ඔහු කැමතිවුනා. කුඩාකල සිටම රකේෂ් හොඳින් දන්නා ඇය ලස්සන යුවතියක්වුව ඇය ගමේ බොහෝ තරුණියන් මෙන් නූගත්. ඇය අහිංසක ගුනයහපත් ගෙදර වැඩකරගෙන සිටින බිරිඳක් . දරුවන් ලැබිමත් සමගම ඇය ටිකක් තරබාරු වි ඇතිබව රකේෂ්ට දැනුනා.

අවුරුදු ගනනාවක් නගරයේ රෝහලක වැඩකල රකේෂ් පසුව එහි පරිපාලනයටද එක්වි අධ්‍යක්ෂකවරයෙක්ද වුනා. පසුව ඔහු තමාගේම සායනයක් ඩිස්පැන්සරියක් පටන්ගත්තා. තමන් ගේ අලුත්ම ඇම්බෙසඩර් වාහනයට මාපියන් නංවා ගත් රකේෂ් තමාගේ අලුත් සායනය ඇති තැන පෙන්වීමට ඔවුන් රැගෙන ගියා. දොස්තර රකේෂ් වර්මා යනුවෙන් ලොකු නාමපූවරුවක් එහි ගහල  තිබුනා. කලකදි නගරයේ හොඳම සහ ධනවත්ම දොස්තරවරයා බවට රකේෂ් පත්වුනා. මේ තත්වයට ලඟාවීමට ඔහු තම ඡීවිත කාලයම කැපකලා. මේ කාලය වනවිට මව සහ පියා හොඳටම මහලු වයසට පත්වෙලා තිබුනා. වර්මා මහත්තයා අවුරුදු 40 ක් වැඩකල භූමිතෙල් විකුණන ෂෙඩ් එකේන් විශ්‍රාම ගත්තා. ඡීවිතේ අවසාන කාලයේ තම පුතාගෙන්ම ප්‍රතිකාර ලැබු මව මියගියා. අම්මා කෙනෙකුට එය වාසනාවන්ත ඡිවිතයක්. මිනිසුන් ඔවුන් ගැන කිවේ එසේය. රකේෂ්ගේ ඡීවිතය වාසනාවන්තය. ඔහු තම දරුවන්ට බිරඳට මෙන්ම තම දෙමාපියන්ටද එකසේ ආදරය කලා. ඔහු හිතවතුන් නෑදෑයන් සමග සතුටුවුනා. දිනෙන් දින ඔහු ඉතා දක්ෂ ශල්‍යවෛද්‍යවරයෙකු ලෙස දක්ෂතා දක්වන්නට වුනා. මුලින් ඔහුගේ දියුණුව ගැන සැවොම කතාකරන්නට වුනා. පසුවනවිට ගමේ නගරයේ මිනිසුනට එය එතරම් අලුත් දෙයක් වුනේ නෑ. පැරන්නන් බොහෝ දෙනෙක් මියගොස්. නවපරපුර දන්නේ මෑත කාලයේ දේ පමණයි. ඔවුන් රකේෂ් ගේ අතිතය නොදනි.

 

මවගේ මියයාමෙන් පසු වර්මා මහත්තයාගේ තත්වය එන්න එන්නම දුර්වල වුනා. නිතරම ලෙඩවන්නටවුනා. ඔහුගේ ලෙඩ ගැන දන්නේ ඔහු විතරයි. ඔහු නිතරම තමාගේ ලෙඩ ගැන මැසිවිලි නැගුවා. දොස්තර පුතාටත් ඒවා අඳුනාගැනිමට  අමාරුවුනා. නිතරම නිදාගන්තා. දවසෙ වැඩිහරියක්ම ඔහු ස්ප්‍රින් ඇදේ වැතිරසිටින්නටවුනා. සමහර වෙලාවට කිසිවක් කතා නොකර නොසැලි සිටියා. එවිට මුලු පවුලම ඔහු වටේ එක්වි දුක්වෙමින් අඩන්නටවුනා. එක්වරම ඔහු නැගි සිට බුලත්කෙල හතරවටේටම ගැසුවා. වටේ සිටින්නන් විහිලුවකට ලක්කරා. වර්මා මහතා නිතර නිතර මෙය කරන්නටවුනා. මුනුබුරාගේ උපන්දින උත්සව දිනයේ ඔහු ඇදේ වැතිර නිසොල්මන්විය. මෙය දුටු රකේෂ්ගේ බිරිඳ සියල්ලන්වම ඇඳ ලඟට කැදවීය. එක්වරම නැගිසිටි වර්මා ගැසු බුලත් කෙල පහර බිිරිඳගේ අලුත්සාරිය නැහැවි ගියා. උපන්දින සාදය එතනින් අවසන් විය. එදායින් පසු නිවසේ කිසිවෙකුත් වර්මා ගැන තැකිමක් කලේනෑ. එහෙත් රකේෂ්ට එසේ බැරිය. තමාගේ තාත්තා මොනව කලත් අත්හරින්න බෑ. රකේෂ් තාත්තා ආසකල පිත්තල කෝප්පයට හැමදා උදාසන තේ එක රැගෙන ආවා. දිනපතා පත්තර වර්මා ට ඇසෙන සේ කියවූවා. සායනයේ සිට පැමිණි වහාම පියාලඟ වාඩිවි කකුල් පිරිමැද්දා. මේ සියල්ලටම වර්මාගේ පිලිතුර බුලත් කෙල ගැසිම පමනි.

රකේෂ් තාත්තට කාමරයෙන් එලියට ඇවිත් මිදුලේ වාඩිවි පිරිසුදු වාතය හුස්මගන්නා ලෙස ඉල්ලාසිටියා. වර්මා මේකිසිදෙයකටවත් ප්‍රතිචාර නොදැක්විය. දිනත් සේවකයන්ලවා වර්මාගේ ඇඳ මිදුලට ගෙන ආ රකේෂ් පියාව වත්තන්කරගෙන පහලට ගෙනවිත් මිදුලේ තැබු ඇඳේ වාඩිකරවිය. මෙය වර්මා මහතගේ සතුටට හේතුවුවත් රකේෂ් තමාගේ කෑම පාලනය කිරිම ගැන ඔහු කිසිම සතුටක් දැක්වුයේ නැ.

දිනත් හොඳටම  ලෙඩවු වර්මා තමාට පැණිරස කෑම සමග කිරි දෙන ලෙස ඉල්ලිය.  එවිටම රකේෂ් කාමරයට ආවේය. ඔහුගේ පෙනුම වෙනදා මෙන් නොවිය.

 මින්පස්සේ රසකැවිලි මොකුත්නැ. මේ වයසට පරිස්සම් වෙන්න ඕන මීනා තාත්තට හාල් ටිකක් උයල කිරිටිකක් දාල දෙයි බැදපු කිසිදෙයක් නැ පැනිරස බෑ මිටපස්සෙ.”  රකේෂ් තදින්ම කියා සිටියා.

 දිනගනනක් රෝගිව සිටි වර්මා මහත්තයා රකේෂ්ගේ කෑගැසුමට ඇස් ඇර බැලිය. ඔහු රකේෂ් දෙස පුදුමයෙන් බැලිය. තාත්තා කන්න ආස කෑම එපාකියන පුතා. අහන්නත් පුදුමයි වර්මා මහත්තයා තමාටම කියාගත්තා. ඔහු දෙස නොබැලු රකේෂ් කාමරයේ බෙහෙත්තබා තිබු රාක්කය පිලිවෙලකට සැකසුවා. රකේෂ්ගෙ බිරිඳ වර්මා දෙස සම්ච්චල් සිනාවක් පා කාමරයෙන් එලියට  පියනැගුවාය. එය වර්මා මහත්තයාව තවත් අපහසුතාවයට පත්කලා. පලමුව පැනිරස කැම නැවතුනි. ඉන්පසු බැදපු කැම නැවතිනි. වර්මා මහත්තයා ආසාවෙන් කෑව කැම සියල්ලම වාගේ වරින්වර නවතා දැමුනි. දිනපතා ඔහුට ලැබුන කැම වුයේ පාන් පෙත්තක් තැම්බු පරිප්පු තැම්බු එලවලු.  සමහර වෙලාවට තැම්බු මාලු කැල්ලකි. සියලු කැම තැම්බු කෑමය. තාත්තා අපි දැන් පරිස්සම් වෙන්න ඕන මේ වයසේදි රකේෂ් නිතරම කිව්වා. තමා කරන සියලු දෙය තාත්තාගේ හොඳට බව ඒත්තුගන්නන්නට උත්සාහකලා. ලේලිය කාමරයට නොආවත් වරින්වර දොරරෙද්දෙන් එබි බලන්නට විය. වර්මා මහත්තයා එය නුරුස්සන්නටවිය.

තම මුනුබුරන්ට මුදල් දි කඩෙන් රසකැවිලි ගෙන්වාගැනිමට වර්මා මහත්තයා උත්සාහකලා. ඒ සඳහා ඔහු මුනුබුරන් පෙලඹුයේ ඔවුන්ට ඉතිරිමුදල් ලග තබාගැනිමට ඉඩදිමෙනි. තමාගේ නුගත් එහෙත් ආදර බිරිද සැදු රසකැවිලි වර්මාට මතක්විය. මුනුබුරන් ලවා රසකැවිලි ගෙන්නාගැනිම දිනක් රකේෂ්ට අසුවිය. මෙයින් රකේෂ් දැඩිලෙස කෝපවිය. මුනුබුරා රකේෂ්ගෙන් බැනුම් ඇසුවේය. මවගෙන් ගුටිකැවේය. කේන්තියෙන් කාමරයට ගිය රකේෂ් කවදාවත් නැතිව පියා ට දොස්කියන්නට වුනා.

තාත්තා දැන් පුතාලටත් බොරුකියන්න හොරවැඩකරන්න උගන්නනවද. අර ඡරා පත්තර කැල්ලෙ ඔතල ගෙනාව කැම කනවද. මම කිසිම කෙනෙකුට කඩචෝරු කන්න දෙන්නෙ නැ. මේ ගෙදරට ගේන්න දෙන්නෙත් නැ. හැමතැනම කොලරාව උනසන්නිපාත බඩේ අමාරු.  තාත්තා ඒක දන්නවා මේ ගෙදර අයටත් ඒලෙඩ බෝකරන්නද හදන්නෙ.” මහලු වර්මා සුසුමක් හෙලා නැවතත් ඇදෙහි වැතිරුනි. වර්මා ට දැන් කිසිම සතුටක් නැත. පුතා උදැසන පත්තර කියවිමත් තේ එක ගේන ඒමත් දැන් ගානක් නැත. ඉදහිට හෝ සතුටක් ඇත්තේ ඔහුව බැලිමට පරන හිතවතෙුකු පැමිනියෙහොත් පමනි. එය සිදුවන්නේ කලාතුරකිනි. ඔහුගේ හිතවතුන්ද ඔහු මෙන්ම අබල දුබල නිසා ගමන් බිමන් සිමාසහිතය. වරින්වර පැමිනෙන්නේ අල්ලපු ගෙදර බාති පමනි. අල්ලපුවත්තේ සිටින බාති මිදුලට බැස්ස විට වර්මා මහතාවත් එලියට ගෙනතිබුනොත් ඒ පැත්තෙ සිටම සමහර වෙලාවට කතා කරයි. සමහර අවස්තාවලදී මොවුන් දෙදෙනා දෙපැත්තේ සිට හයියෙන් කරන කතා ගෙවල් දෙකේම අයට ඇසෙයි. දෙදෙනාගේම කන් ඇසිම අඩුනිසා හයියෙන් කතාකරන එක ඔවුන්ට ගානක් නැත.

සමහර දිනවල අමාරුවෙන් වර්මාගේ ගෙදරට ඇවිදින බාති මිදුලේ ඇති බංකුවේ වාඩිවෙයි. රකේෂ් ගෙදර ඇත්නම් කරනුfh වර්මාව ද එලියට ගෙනවිත් එතන වාඩිකරවිමයි. එවිට ඔවුන් දෙදෙන නිදහසේ කතාකරයි. බුලත්විට හපමින් එකිනෙකාගේ ලෙඩගැන කතාකරයි

වර්ම බායි වාසනාවන්තයි ගෙදරම දොස්තර මහත්තයෙක් ඉන්නවනෙ”

මා දිහා බලන්න. එයා මට හරියට කන්න දෙන්නෙ නැ.” වර්මා හඩමින් පවසයි.

මොනව තමන්ගෙම පුතා හරියට කන්න දෙන්නෙ නැ.”

ඔව් මම පාන් කන්න ආසයි කිව්වම ඔහු කියනවා. තාත්තා දැන් ඔයා කන්න ඕන ධාන්‍යවර්ග. එහෙම කියල ධාන්‍ය ග්‍රෑම් 200 ත් දෙනව. දෙන කෑමත් කිරල මැනල දෙන්නෙ. තරාදියකුත් තියාගෙන ඉන්නවා.”

පුදුමයි  මේ නහින දෙහින කාලෙ පුතා තාත්ත කැමති කැම නවත්වනව කියන එක. කැම කිරල දෙනවයි කියන එක.”

පොඩ්ඩක් ඉන්න කියනකන්. අද පවුලම මාලු බැදල කැව. මට සුවඳ ආව. මම ලේලිට කිව්ව මටත්කැල්ලක් දෙන්න කියල. ලේලි බැ කිව්ව.”

බාති කට වෙවුලමින් පුදුමයෙන් මෙන් අසාගෙන සිටියි.

පුතා කියල තියෙනව මට දෙන්න එපා කියල. තෙල් කෑම නැ. බටර්නැ.”

පුතා කොහොමද හිතන්නෙ තාත්තට මෙහෙම ඡීවත්වෙන්න පුලුවන් කියල.”

වර්මා හිස සෙලවිය.

මේ තමයි පුතා මට සලකන හැටි. මම එයාට ඉගැන්නුවා ලොකු මහත් කළා. දොස්තර කෙනෙක් කලා. මේ තමයි ලොකු දොස්තරල තමන්ගෙ තාත්තලට සලකනහැටි. දැන් පුතාගේ ලොකු වෙනසක් වෙලා. එයා කියන්නෙ මගේ හොඳටයිකියල. මේ අන්තිම කාලෙ මම කැමති කෑම නැතිව මොන හොඳක්ද.”

තමාගේ දුක අසල්වැසියාට කි පසු වර්මාගේ හිතට සහනයක් ලැබිනි

වර්මා දිනෙන්දින දුර්වල විය. කෑම වෙනුවට ලැබෙනුයේ පෙතිකරල්, බොන බෙහෙත් විටමින් ටොනික්ය. වැසිකිලි යන්න පහසුවෙන්න පෙති රුධිර පිඩනය අඩුවෙන්න පෙති ආහාර දිරවන්න පෙති නොයෙකුත් පෙති කරල්  වර්ග. ඒ අතරතුර සැරින් සැරේ ඉස්පිරිතාලෙටත් අරන්යනව. රකේෂ් හිතනුයේ තමා අතින් තාත්තාට වියයුතු දේ එය බවයි. සමහර  දිනවල වේදනාව දැනුනත් වර්මා ඒ බව පුතුට නොකියයි. ඕව කිවුවොත් තවත් පෙතිකරලa බෙන්න වෙයි ඔහු හිතුවා.

වර්මා රකේෂ්ට කිව්ව තමාට නිදහසේ ඉන්න ඉඩදෙන ලෙස. මම පුතා වශයෙන් තාත්තව බලාගන්න ඕන රකේෂ් ගේ පිලිතුර විය

සමහර දිනවල වර්මා මහත්තයා පෙති දෙස නොබලයි. මට නිදහසේ ඉන්න දෙන්න. මැරෙන්න දෙන්න. මට ඕන නැ ඔයාගේ පෙතිකරල් කකා බෙහෙත්වතුර බිබී ඡිවත්වෙන්න.

ටිකක් හිතන්න තාත්තා”

ඔයත් හිතන්න” වර්මා හඩමින් කියයි

කෑම තහනම්කරල. ලේලි සලකන්නෙ නැ. නාකි මගේ කැමත්තට ඉඩක්නැ. මුනුබුරෝ හිනාවෙනවා. මෙහෙම ඡිවත්වෙලා වැඩක් තියෙනවද.”

දැන් දැන් වර්මා කියන දෙය කාටවත් තෙරුම් ගැනිමට අපහසුය. වචන පැහැදිලි නැත.

දෙන විටමින් සහ බෙහෙත් නිසා ඔහු ඡිවත්විය. සේවකයන් සැමදාම සවසට ඔහුව මිදුලට ගෙනයයි.  ඔහු අකැමතිවුවත් දොස්තර මහතා එලෙස කරනලෙසකිවු බව පවසන සේවකයන් වර්මාව මිදුලට ගෙනගොස් අලුත්වාතය ලැබිමට සලස්වය.ි ලේලිය පැමින පිටට කොට්ටයක් තබා ඔහුට වාඩිවිමට උදව්කරනවිට තමන්ට නිදිගන්න දෙන්න යැයි කියමින් බැනවදියි.

තාත්තා කොහොමද. ඔන්න මම තාත්තට තවත් ටොනික් ඡාති දෙකක් ගෙනාව ඇඟේ ශක්තිය වැඩිවෙන්න” සවස මිදුලේ ඇද මත වැතිරි සිටින වර්මා වෙත පැමින රකේෂ් කිවේය.

 

තමා දෙස බලන තාත්තාගේ මුහුනේ වු බැල්මෙන් තාත්තා තමා ගැන සිතන දෙය රකේෂ්ට දැනුනි.

මම මැරෙනවා මට මැරෙන්න ඉඩදෙන්න.”

තාත්තා විහිලුකරනවා” රකේෂ් සිනාසුනි.

මේ ටොනික් බොන්න ඇගට ගුනයි.”

ටොනික් ඔයාම තියාගන්න. මම මිටපස්සෙ කිසිම බෙහෙතක් බොන්නෙ නැ. කවදාමත් නැ. ”

ඔහු මුලු ශක්තිය යොදා පුතා අතතිබු බෝතලයට අතින් ගැසිය. බිම වැටුන බෝතලයේ බිදි ගියේය. එහි තිබු බෙහෙත් රකේෂ්ගේ සුදුපාට ඇදුමේ විසුරුනි. ලේලිය හඩාගෙන දුවගෙන ආවාය. හැමදෙනම ඇදවටා රොක්විය. ඇදේ තිබු කොට්ටය ඉවතටවිසිකල වර්මා දැස්පියාගෙන අහසට මුමුනන්නටවිය.

දෙවියන් මට කතාකරනවා දැන්මට යන්න දෙන්න.

 

ඉන්දියානු ලේඛක අනිටා දේසායි  ගේ Devoted son කෙටිකතාව

පරිවර්තනය ආචාර්ය ඡගත් රූපසිංහ

No comments:

Post a Comment