Friday, October 14, 2022

 

විනාශ වු සේවිකාව

 

 ඕ මේලියා සියල්ල ඉහලින්ම සිදුවෙලා

කවුද හිතුවෙ නුඹව නගරයෙදි හමුවෙයි කියා

ලස්සන ඇඳුම් සහ ඉසුරුමත් ඡීවිතයක්.

ඔබ දන්නෙ නැද්ද මාව විනාශකළ බව ඇය පැවසුවාය.

 

නුඹ අපව හැරගියා සපත්තු හෝ මේස් නැතිව වැරහිිලි ඇඳුමෙන්

අල ගැලවීමෙන් සහ වල් නෙලීමෙන් වෙහෙසව

දැන් නුඹ දිදුලන වළලූදමා ලස්සන පිහාටු ගැසු හිස්වැසුමක් පළදා.

ඔව් විනාශවු අප අඳින්නෙ පළදින්නෙ එලෙසයි ඇය පැවසුවාය.

 

ගොවිපලේදි නුඹ කතා කලේ තා තී කියා

අතන මෙතන අරක මේක කියමින්

දැන් නුඹ වෙනස් උසස් සමාඡයේ විලසට කතාව උසස්වෙලා.

විනාශවු අයගෙ  කතාවිලාශය මෙලෙස දීප්තිමත්වෙනවා ඇය පැවසුවාය.

 

එදා නුඹගේ දෑත් ගොරෝසුයි වියලූනු මලානික මුහුණ

දැන් නුඹේ දිලිසෙන කොපුල් දුටුවිට මා කුල්මත්වි  ආනන්දයට පත්වුනා

නුඹේ වටිනා අත්වැසුම්  ඕනෑම මට්ටමක ගැහැණියකට ගැලපෙනවා.

විනාශවු අපට කිසිදිනක වැඩකරන්න අවශ්‍ය නැහැ ඇය පැවසුවාය.

 

ගෙදර ඡීවිතය බියකරු සිහිනයක් බව නුඹ නිතරම පැවසුවා

නුඹ ලැඡ්ඡුාශීලයි නිතරම සිටියේ බියෙන් තැතිගැන්මෙන්

දැන් නුඹ අවසිහිය දුක මොනවාද කියා නොදන්නවා වගේ.

ඇත්ත. විනාශවු පසු අප සතුටින් ඡීවත්වෙනවා ඇය පැවසුවාය.

 

මම පතනවා මට ලැබෙනවා නම් ලස්සන පිහාටු සහිත හිස්වැසුමක්

ලස්සන දිග ගවුමක් සුමුදු පියකරු මුහුණක් සහ

මට හැකිනම් උඡුාරුවෙන් නගරය මැදින් ඇවිදයන්නට.

ආදරියේ පිටිසර කෙල්ලක් වු නුඹට එසේ කළ නොහැකියි

නුඹ විනාශවි නැහැ. ඇය පැවසුවාය.

 

තෝමස් හාඩිගේ මෙම කාව්‍ය නිර්මාණය වික්ටෝරියානු පාලන යුගයේදි කාන්තාව මුහුණදුන් සමාඡු තත්වය විදහා දක්වයි. එම වකවානුවේ විවාහයකින් තොරව ලිංගික සබඳතා පැවත්වු කාන්තාව විනාශවු ගැහැණියක් ලෙස අවමානයට පත්කෙරුනි. පිරිමින්ට එලෙස බාධක හෝ කිසිදු තහනමක් තිබුනේ නැත. විනාශයට පත්වු ගැහැණියට සිදුවුයේ ධනවත් පිරිමියෙකුගේ අනියම් බිරියක් ලෙස හෝ උසස්  සමාඡුයට සේවය සපයන ගණිකාවක් විමයි. මෙම අවස්තා දෙක තුලින්ම ඇයට ඉසරුමත් ýවිතයක් ලැබුනත් සමාඡුයේ අවමානය ඉවත්නොවුනි. එලෙස විනාශවු ගැහැණියක සහ ඇය හඳුනන අයෙක් අතර ඇතිවන සංවාදයක් ලෙස නිර්මාණ කරු එදා පැවති තත්වය රසිකයාට ඉදිරිපත්කරයි.

The Ruined Maid by Thomas Hardy තෝමස් හාඩි

සිංහල පරිවර්තනය ආචාර්ය ඡගත් රූපසිංහ

 

 

 

කීකරු පුතා

පත්තරකාරයා ගේට්ටුව ලඟට විසිකල පත්තරය අහුලාගත් රකේෂ් එතන සිටගෙනම වෛද්‍යවිද්‍යාලයට ඇතුල්වීමේ තරඟ විභාගයේ ප්‍රතිඵල කියෙව්වා. පත්තරය කියවමින්ම ගෙදර ආලින්දයට පියනැගූ ඔහු උදේ තේ කෝප්පය තොලගාමින් සිටි තාත්තගේ දෙප වැන්දා. ඉහල සමර්ථයක් ද කියල තාත්තා ඇහුව ප්‍රශ්නෙට රකේෂ් උත්තර දුන්නෙ බොහොම සන්තෝෂයෙන්. විභාගෙ වැඩිම ලකුණු අරගෙන පලවෙනියා වෙලා.

නටමින් ගයමින් මුලු පවුලම සන්තෝසවුනා. මුලු දවස පුරාම නැදෑයන්ගෙන් යහළුවන්ගෙන් සුබ පතන්නන්ගෙන් ගෙදර පිරි ගියා. නිවස පුරාම විවිධ ආකරයේ පැණි රස කැවිලි. සමහරු මල්මාලා ගෙනෙල්ලා පලඳනවා. ගෙදර මල්වලින් සරසල. පවුලෙන් ඉහලට ඉගෙනගත්ත පලවෙනියා රකේෂ් ඔහුව වෙද්‍යවිද්‍යාලයට යවන්න ගෙදර අය බොහෝ දේවල් කැපකළා.

වර්මd මහත්තයා ඔබේ පුතා ඔබට විිතරක් නොවෙයි මේ පලාතටම ගෞරවයක් ගෙනත්දුන්න. හැම දෙනාම රකේෂ් ගේ පියා වර්මාට සුබ පැතුවා.

ඔහු පළමුවෙන්ම කලේ මගේ කකුල් දෙක අල්ලල වැඳපු එක.” වර්ම මහත්තයා බොහොම ආඩම්බරයෙන් කිව්වා. නිවසට පැමිණි වැඩිමහලු කාන්තාවන් සතුටු කඳුලු සාරි පොටින් පිහදාගත්තා. පිරිමින් එකිනෙකා වැලඳගෙන සුබ පැතුවා.

වර්මd මහත්තයා සතුටින් ඉන්නේ. මේ වගේ පුත්තු දැන් කාලෙ ලේසියෙන් සොයා ගන්න බෑ.” එකිනෙකා කියවන්නට වුනා.

වර්මd මහත්තයාගේ තාත්තා වගේම වර්මත් ඉස්කොලෙ ගිහින් නෑ. ඒ වුනාට පුතාට හොඳට ඉගැන්නුවා. මේ දරුවා මුලු පලාතටම නම්බුවක්.” නිවසින් පිටවිමට පෙර පැමිණි  සැම දෙනාගෙම කතාබහ වුනේ ඒ ගැන.

වෛද්‍ය විද්‍යාලයට ඇතුලත්වුන රකේෂ් හොඳින් ඉගෙනගෙන අවසාන විභාගය ඉහලින්ම සමත්වුනා. ඔහු ඉදිරිපත් කළ පර්යේෂණ නිබන්ධනය වෛද්‍ය කේෂේත්‍රයේ ඉහලින්ම අගය කිරිමට ලක්වුනා. ඔහුගේ දක්ෂතාවය නිසාම ඔහුට වැඩිදුර අධ්‍යනය සඳහා ඇමරිකාවට ශිෂ්‍යත්වයක් ලැබුනා. ඔහු යූ එස් ඒ බලා පිටත්වුනා. ගෙදරට කතාකරන හැමවිටම ඔහු ගෙදර අයට කිවෙ ඇමරිකාව නොවෙයි දැන් කියන්න  යූ එස් ඒ කියල. තම ඉගෙනිමේ වැඩ හොඳින්කල රකේෂ් ඇමරිකාවේ පදිංචි නොවි නැවතත් ගමට පැමිණියා. ඔහු හැදි වැඩුනු කහපාට තීන්ත  ගෑ කුඩා ගෙදරටම ආව. රකේෂ්ගේ ආපසු පැමිණිම ගැන වඩාත් සතුටු වුනේ අම්මා. ගමේ අය කිවෙ ඇමරිකාවෙ ගිය බොහෝ ඉන්දියන් ලමයි සුදු ගෑනුන් කසාද බැඳ ඇතිබව. අම්මා විසින් ගමෙන් තොරාගත් තරුණියක් සහ විවාහ විමටද ඔහු කැමතිවුනා. කුඩාකල සිටම රකේෂ් හොඳින් දන්නා ඇය ලස්සන යුවතියක්වුව ඇය ගමේ බොහෝ තරුණියන් මෙන් නූගත්. ඇය අහිංසක ගුනයහපත් ගෙදර වැඩකරගෙන සිටින බිරිඳක් . දරුවන් ලැබිමත් සමගම ඇය ටිකක් තරබාරු වි ඇතිබව රකේෂ්ට දැනුනා.

අවුරුදු ගනනාවක් නගරයේ රෝහලක වැඩකල රකේෂ් පසුව එහි පරිපාලනයටද එක්වි අධ්‍යක්ෂකවරයෙක්ද වුනා. පසුව ඔහු තමාගේම සායනයක් ඩිස්පැන්සරියක් පටන්ගත්තා. තමන් ගේ අලුත්ම ඇම්බෙසඩර් වාහනයට මාපියන් නංවා ගත් රකේෂ් තමාගේ අලුත් සායනය ඇති තැන පෙන්වීමට ඔවුන් රැගෙන ගියා. දොස්තර රකේෂ් වර්මා යනුවෙන් ලොකු නාමපූවරුවක් එහි ගහල  තිබුනා. කලකදි නගරයේ හොඳම සහ ධනවත්ම දොස්තරවරයා බවට රකේෂ් පත්වුනා. මේ තත්වයට ලඟාවීමට ඔහු තම ඡීවිත කාලයම කැපකලා. මේ කාලය වනවිට මව සහ පියා හොඳටම මහලු වයසට පත්වෙලා තිබුනා. වර්මා මහත්තයා අවුරුදු 40 ක් වැඩකල භූමිතෙල් විකුණන ෂෙඩ් එකේන් විශ්‍රාම ගත්තා. ඡීවිතේ අවසාන කාලයේ තම පුතාගෙන්ම ප්‍රතිකාර ලැබු මව මියගියා. අම්මා කෙනෙකුට එය වාසනාවන්ත ඡිවිතයක්. මිනිසුන් ඔවුන් ගැන කිවේ එසේය. රකේෂ්ගේ ඡීවිතය වාසනාවන්තය. ඔහු තම දරුවන්ට බිරඳට මෙන්ම තම දෙමාපියන්ටද එකසේ ආදරය කලා. ඔහු හිතවතුන් නෑදෑයන් සමග සතුටුවුනා. දිනෙන් දින ඔහු ඉතා දක්ෂ ශල්‍යවෛද්‍යවරයෙකු ලෙස දක්ෂතා දක්වන්නට වුනා. මුලින් ඔහුගේ දියුණුව ගැන සැවොම කතාකරන්නට වුනා. පසුවනවිට ගමේ නගරයේ මිනිසුනට එය එතරම් අලුත් දෙයක් වුනේ නෑ. පැරන්නන් බොහෝ දෙනෙක් මියගොස්. නවපරපුර දන්නේ මෑත කාලයේ දේ පමණයි. ඔවුන් රකේෂ් ගේ අතිතය නොදනි.

 

මවගේ මියයාමෙන් පසු වර්මා මහත්තයාගේ තත්වය එන්න එන්නම දුර්වල වුනා. නිතරම ලෙඩවන්නටවුනා. ඔහුගේ ලෙඩ ගැන දන්නේ ඔහු විතරයි. ඔහු නිතරම තමාගේ ලෙඩ ගැන මැසිවිලි නැගුවා. දොස්තර පුතාටත් ඒවා අඳුනාගැනිමට  අමාරුවුනා. නිතරම නිදාගන්තා. දවසෙ වැඩිහරියක්ම ඔහු ස්ප්‍රින් ඇදේ වැතිරසිටින්නටවුනා. සමහර වෙලාවට කිසිවක් කතා නොකර නොසැලි සිටියා. එවිට මුලු පවුලම ඔහු වටේ එක්වි දුක්වෙමින් අඩන්නටවුනා. එක්වරම ඔහු නැගි සිට බුලත්කෙල හතරවටේටම ගැසුවා. වටේ සිටින්නන් විහිලුවකට ලක්කරා. වර්මා මහතා නිතර නිතර මෙය කරන්නටවුනා. මුනුබුරාගේ උපන්දින උත්සව දිනයේ ඔහු ඇදේ වැතිර නිසොල්මන්විය. මෙය දුටු රකේෂ්ගේ බිරිඳ සියල්ලන්වම ඇඳ ලඟට කැදවීය. එක්වරම නැගිසිටි වර්මා ගැසු බුලත් කෙල පහර බිිරිඳගේ අලුත්සාරිය නැහැවි ගියා. උපන්දින සාදය එතනින් අවසන් විය. එදායින් පසු නිවසේ කිසිවෙකුත් වර්මා ගැන තැකිමක් කලේනෑ. එහෙත් රකේෂ්ට එසේ බැරිය. තමාගේ තාත්තා මොනව කලත් අත්හරින්න බෑ. රකේෂ් තාත්තා ආසකල පිත්තල කෝප්පයට හැමදා උදාසන තේ එක රැගෙන ආවා. දිනපතා පත්තර වර්මා ට ඇසෙන සේ කියවූවා. සායනයේ සිට පැමිණි වහාම පියාලඟ වාඩිවි කකුල් පිරිමැද්දා. මේ සියල්ලටම වර්මාගේ පිලිතුර බුලත් කෙල ගැසිම පමනි.

රකේෂ් තාත්තට කාමරයෙන් එලියට ඇවිත් මිදුලේ වාඩිවි පිරිසුදු වාතය හුස්මගන්නා ලෙස ඉල්ලාසිටියා. වර්මා මේකිසිදෙයකටවත් ප්‍රතිචාර නොදැක්විය. දිනත් සේවකයන්ලවා වර්මාගේ ඇඳ මිදුලට ගෙන ආ රකේෂ් පියාව වත්තන්කරගෙන පහලට ගෙනවිත් මිදුලේ තැබු ඇඳේ වාඩිකරවිය. මෙය වර්මා මහතගේ සතුටට හේතුවුවත් රකේෂ් තමාගේ කෑම පාලනය කිරිම ගැන ඔහු කිසිම සතුටක් දැක්වුයේ නැ.

දිනත් හොඳටම  ලෙඩවු වර්මා තමාට පැණිරස කෑම සමග කිරි දෙන ලෙස ඉල්ලිය.  එවිටම රකේෂ් කාමරයට ආවේය. ඔහුගේ පෙනුම වෙනදා මෙන් නොවිය.

 මින්පස්සේ රසකැවිලි මොකුත්නැ. මේ වයසට පරිස්සම් වෙන්න ඕන මීනා තාත්තට හාල් ටිකක් උයල කිරිටිකක් දාල දෙයි බැදපු කිසිදෙයක් නැ පැනිරස බෑ මිටපස්සෙ.”  රකේෂ් තදින්ම කියා සිටියා.

 දිනගනනක් රෝගිව සිටි වර්මා මහත්තයා රකේෂ්ගේ කෑගැසුමට ඇස් ඇර බැලිය. ඔහු රකේෂ් දෙස පුදුමයෙන් බැලිය. තාත්තා කන්න ආස කෑම එපාකියන පුතා. අහන්නත් පුදුමයි වර්මා මහත්තයා තමාටම කියාගත්තා. ඔහු දෙස නොබැලු රකේෂ් කාමරයේ බෙහෙත්තබා තිබු රාක්කය පිලිවෙලකට සැකසුවා. රකේෂ්ගෙ බිරිඳ වර්මා දෙස සම්ච්චල් සිනාවක් පා කාමරයෙන් එලියට  පියනැගුවාය. එය වර්මා මහත්තයාව තවත් අපහසුතාවයට පත්කලා. පලමුව පැනිරස කැම නැවතුනි. ඉන්පසු බැදපු කැම නැවතිනි. වර්මා මහත්තයා ආසාවෙන් කෑව කැම සියල්ලම වාගේ වරින්වර නවතා දැමුනි. දිනපතා ඔහුට ලැබුන කැම වුයේ පාන් පෙත්තක් තැම්බු පරිප්පු තැම්බු එලවලු.  සමහර වෙලාවට තැම්බු මාලු කැල්ලකි. සියලු කැම තැම්බු කෑමය. තාත්තා අපි දැන් පරිස්සම් වෙන්න ඕන මේ වයසේදි රකේෂ් නිතරම කිව්වා. තමා කරන සියලු දෙය තාත්තාගේ හොඳට බව ඒත්තුගන්නන්නට උත්සාහකලා. ලේලිය කාමරයට නොආවත් වරින්වර දොරරෙද්දෙන් එබි බලන්නට විය. වර්මා මහත්තයා එය නුරුස්සන්නටවිය.

තම මුනුබුරන්ට මුදල් දි කඩෙන් රසකැවිලි ගෙන්වාගැනිමට වර්මා මහත්තයා උත්සාහකලා. ඒ සඳහා ඔහු මුනුබුරන් පෙලඹුයේ ඔවුන්ට ඉතිරිමුදල් ලග තබාගැනිමට ඉඩදිමෙනි. තමාගේ නුගත් එහෙත් ආදර බිරිද සැදු රසකැවිලි වර්මාට මතක්විය. මුනුබුරන් ලවා රසකැවිලි ගෙන්නාගැනිම දිනක් රකේෂ්ට අසුවිය. මෙයින් රකේෂ් දැඩිලෙස කෝපවිය. මුනුබුරා රකේෂ්ගෙන් බැනුම් ඇසුවේය. මවගෙන් ගුටිකැවේය. කේන්තියෙන් කාමරයට ගිය රකේෂ් කවදාවත් නැතිව පියා ට දොස්කියන්නට වුනා.

තාත්තා දැන් පුතාලටත් බොරුකියන්න හොරවැඩකරන්න උගන්නනවද. අර ඡරා පත්තර කැල්ලෙ ඔතල ගෙනාව කැම කනවද. මම කිසිම කෙනෙකුට කඩචෝරු කන්න දෙන්නෙ නැ. මේ ගෙදරට ගේන්න දෙන්නෙත් නැ. හැමතැනම කොලරාව උනසන්නිපාත බඩේ අමාරු.  තාත්තා ඒක දන්නවා මේ ගෙදර අයටත් ඒලෙඩ බෝකරන්නද හදන්නෙ.” මහලු වර්මා සුසුමක් හෙලා නැවතත් ඇදෙහි වැතිරුනි. වර්මා ට දැන් කිසිම සතුටක් නැත. පුතා උදැසන පත්තර කියවිමත් තේ එක ගේන ඒමත් දැන් ගානක් නැත. ඉදහිට හෝ සතුටක් ඇත්තේ ඔහුව බැලිමට පරන හිතවතෙුකු පැමිනියෙහොත් පමනි. එය සිදුවන්නේ කලාතුරකිනි. ඔහුගේ හිතවතුන්ද ඔහු මෙන්ම අබල දුබල නිසා ගමන් බිමන් සිමාසහිතය. වරින්වර පැමිනෙන්නේ අල්ලපු ගෙදර බාති පමනි. අල්ලපුවත්තේ සිටින බාති මිදුලට බැස්ස විට වර්මා මහතාවත් එලියට ගෙනතිබුනොත් ඒ පැත්තෙ සිටම සමහර වෙලාවට කතා කරයි. සමහර අවස්තාවලදී මොවුන් දෙදෙනා දෙපැත්තේ සිට හයියෙන් කරන කතා ගෙවල් දෙකේම අයට ඇසෙයි. දෙදෙනාගේම කන් ඇසිම අඩුනිසා හයියෙන් කතාකරන එක ඔවුන්ට ගානක් නැත.

සමහර දිනවල අමාරුවෙන් වර්මාගේ ගෙදරට ඇවිදින බාති මිදුලේ ඇති බංකුවේ වාඩිවෙයි. රකේෂ් ගෙදර ඇත්නම් කරනුfh වර්මාව ද එලියට ගෙනවිත් එතන වාඩිකරවිමයි. එවිට ඔවුන් දෙදෙන නිදහසේ කතාකරයි. බුලත්විට හපමින් එකිනෙකාගේ ලෙඩගැන කතාකරයි

වර්ම බායි වාසනාවන්තයි ගෙදරම දොස්තර මහත්තයෙක් ඉන්නවනෙ”

මා දිහා බලන්න. එයා මට හරියට කන්න දෙන්නෙ නැ.” වර්මා හඩමින් පවසයි.

මොනව තමන්ගෙම පුතා හරියට කන්න දෙන්නෙ නැ.”

ඔව් මම පාන් කන්න ආසයි කිව්වම ඔහු කියනවා. තාත්තා දැන් ඔයා කන්න ඕන ධාන්‍යවර්ග. එහෙම කියල ධාන්‍ය ග්‍රෑම් 200 ත් දෙනව. දෙන කෑමත් කිරල මැනල දෙන්නෙ. තරාදියකුත් තියාගෙන ඉන්නවා.”

පුදුමයි  මේ නහින දෙහින කාලෙ පුතා තාත්ත කැමති කැම නවත්වනව කියන එක. කැම කිරල දෙනවයි කියන එක.”

පොඩ්ඩක් ඉන්න කියනකන්. අද පවුලම මාලු බැදල කැව. මට සුවඳ ආව. මම ලේලිට කිව්ව මටත්කැල්ලක් දෙන්න කියල. ලේලි බැ කිව්ව.”

බාති කට වෙවුලමින් පුදුමයෙන් මෙන් අසාගෙන සිටියි.

පුතා කියල තියෙනව මට දෙන්න එපා කියල. තෙල් කෑම නැ. බටර්නැ.”

පුතා කොහොමද හිතන්නෙ තාත්තට මෙහෙම ඡීවත්වෙන්න පුලුවන් කියල.”

වර්මා හිස සෙලවිය.

මේ තමයි පුතා මට සලකන හැටි. මම එයාට ඉගැන්නුවා ලොකු මහත් කළා. දොස්තර කෙනෙක් කලා. මේ තමයි ලොකු දොස්තරල තමන්ගෙ තාත්තලට සලකනහැටි. දැන් පුතාගේ ලොකු වෙනසක් වෙලා. එයා කියන්නෙ මගේ හොඳටයිකියල. මේ අන්තිම කාලෙ මම කැමති කෑම නැතිව මොන හොඳක්ද.”

තමාගේ දුක අසල්වැසියාට කි පසු වර්මාගේ හිතට සහනයක් ලැබිනි

වර්මා දිනෙන්දින දුර්වල විය. කෑම වෙනුවට ලැබෙනුයේ පෙතිකරල්, බොන බෙහෙත් විටමින් ටොනික්ය. වැසිකිලි යන්න පහසුවෙන්න පෙති රුධිර පිඩනය අඩුවෙන්න පෙති ආහාර දිරවන්න පෙති නොයෙකුත් පෙති කරල්  වර්ග. ඒ අතරතුර සැරින් සැරේ ඉස්පිරිතාලෙටත් අරන්යනව. රකේෂ් හිතනුයේ තමා අතින් තාත්තාට වියයුතු දේ එය බවයි. සමහර  දිනවල වේදනාව දැනුනත් වර්මා ඒ බව පුතුට නොකියයි. ඕව කිවුවොත් තවත් පෙතිකරලa බෙන්න වෙයි ඔහු හිතුවා.

වර්මා රකේෂ්ට කිව්ව තමාට නිදහසේ ඉන්න ඉඩදෙන ලෙස. මම පුතා වශයෙන් තාත්තව බලාගන්න ඕන රකේෂ් ගේ පිලිතුර විය

සමහර දිනවල වර්මා මහත්තයා පෙති දෙස නොබලයි. මට නිදහසේ ඉන්න දෙන්න. මැරෙන්න දෙන්න. මට ඕන නැ ඔයාගේ පෙතිකරල් කකා බෙහෙත්වතුර බිබී ඡිවත්වෙන්න.

ටිකක් හිතන්න තාත්තා”

ඔයත් හිතන්න” වර්මා හඩමින් කියයි

කෑම තහනම්කරල. ලේලි සලකන්නෙ නැ. නාකි මගේ කැමත්තට ඉඩක්නැ. මුනුබුරෝ හිනාවෙනවා. මෙහෙම ඡිවත්වෙලා වැඩක් තියෙනවද.”

දැන් දැන් වර්මා කියන දෙය කාටවත් තෙරුම් ගැනිමට අපහසුය. වචන පැහැදිලි නැත.

දෙන විටමින් සහ බෙහෙත් නිසා ඔහු ඡිවත්විය. සේවකයන් සැමදාම සවසට ඔහුව මිදුලට ගෙනයයි.  ඔහු අකැමතිවුවත් දොස්තර මහතා එලෙස කරනලෙසකිවු බව පවසන සේවකයන් වර්මාව මිදුලට ගෙනගොස් අලුත්වාතය ලැබිමට සලස්වය.ි ලේලිය පැමින පිටට කොට්ටයක් තබා ඔහුට වාඩිවිමට උදව්කරනවිට තමන්ට නිදිගන්න දෙන්න යැයි කියමින් බැනවදියි.

තාත්තා කොහොමද. ඔන්න මම තාත්තට තවත් ටොනික් ඡාති දෙකක් ගෙනාව ඇඟේ ශක්තිය වැඩිවෙන්න” සවස මිදුලේ ඇද මත වැතිරි සිටින වර්මා වෙත පැමින රකේෂ් කිවේය.

 

තමා දෙස බලන තාත්තාගේ මුහුනේ වු බැල්මෙන් තාත්තා තමා ගැන සිතන දෙය රකේෂ්ට දැනුනි.

මම මැරෙනවා මට මැරෙන්න ඉඩදෙන්න.”

තාත්තා විහිලුකරනවා” රකේෂ් සිනාසුනි.

මේ ටොනික් බොන්න ඇගට ගුනයි.”

ටොනික් ඔයාම තියාගන්න. මම මිටපස්සෙ කිසිම බෙහෙතක් බොන්නෙ නැ. කවදාමත් නැ. ”

ඔහු මුලු ශක්තිය යොදා පුතා අතතිබු බෝතලයට අතින් ගැසිය. බිම වැටුන බෝතලයේ බිදි ගියේය. එහි තිබු බෙහෙත් රකේෂ්ගේ සුදුපාට ඇදුමේ විසුරුනි. ලේලිය හඩාගෙන දුවගෙන ආවාය. හැමදෙනම ඇදවටා රොක්විය. ඇදේ තිබු කොට්ටය ඉවතටවිසිකල වර්මා දැස්පියාගෙන අහසට මුමුනන්නටවිය.

දෙවියන් මට කතාකරනවා දැන්මට යන්න දෙන්න.

 

ඉන්දියානු ලේඛක අනිටා දේසායි  ගේ Devoted son කෙටිකතාව

පරිවර්තනය ආචාර්ය ඡගත් රූපසිංහ

Friday, February 25, 2022

Short Story Jaathi aalaya

 

ජාති ආලය

 

කුලය හෝ ජාතිය ගැන සඳහනක් නොකරමි. මෑත කාලයේදි පුවත්පත් මගින් ජාතින් හැදින්විම සඳහා  කිසිම ඡුාතියකගේ සිත් නොරිදෙන ලෙස වචන භාවිතාකරයි. ඡුාතියක නම නොකියා එක් ඡුනකොට්ටාශයක්  සහ තවත් ඡුනකොට්ටාශයක් ලෙස ඔවුන් විවිධ ඡුාතියේ මිනිසුන් හඳුන්වයි. එය අනුගමනය කරමින් මෙහි වීරයාටද නමක් ඡුාතියක් නොදෙමි. ඔබට කැමතිනම් ඔහු කුමන ඡුාතියේද ඡුනකොට්ටාශයේද කියා ඔබම හඳුනාගන්න.  ඔහුගේ නියම ඡුාතිය කුමක්දැයි  කියා ඔබට කිවහැකියයි නොසිතමි. ඔහු ඇඳගෙන සිටින ඇඳුම ගැන ඔබට අනුමානයෙන් කිවහැකි මුත් එය මේ කතාවට අදාල නොවේ. රක්ෂණ කටයුතු කරන ආයතනයක ලිපිකරුවෙකු ලෙස ඔහු රැුකියාව කළේය. ඔහුගේ දිනපතා රාඡුකාරිය වුයේ මේසයක් ඉදිරිපට වාඩිවි ලිපිලේඛණ සහ ගණන් හිලව් පිරික්සීමයි. ඔහු සාමාන්යයෙන්  සවස පහ වනතුරු වැඩකරයි.  මාසේ අන්තිමට ලියුමක දැමු පඩිය ඔහු අතට ලැබෙයි. දැන් මැදවියට ආසන්න වෙමින් පවතින ඔහුගේ තරුණ කාලය මේ කන්තෝරුවටම ගෙවිගියේය. කාමර දෙකක් සහිත කුඩා නිවසක ඔහු ඡීවත්වෙයි. ගෙදරට අමුත්තෙක් පැමිණිවිට නිවසේ රමාණය පිළිබඳව ඔහුට තරමක මදිපුංචිකමක් ලැඡ්ඡුාවක් දැනුනත් බිරිඳ සහ දරුවන් හතර දෙනාට නිවස රමාණවත් බව ඔහු සිතයි. ඔහු නිවසට කැමතිය. කඩපොල ඉතා ආසන්නය. දරුවන්ගේ පාසල පයින් ඇවිදින දුරින්ය. අසල්වැසි සියලූදෙනාම වාගේ බිරිඳගේ හිතවතුන්ය.

 1947 ඔක්තෝබර් වනතුරු ඔහු ඉතා සතුටින් කාලය ගත කළේය. එහෙත් දැන් දැන් අසල්වැසියන් සහ නගරයේ මිනිසුන් හැසිරෙනුයේ කතාකරනුයේ වියරු වැටුනු ම්ලේඡුචයන් ලෙසය. සැතපුම් සිය දහස්ගණනක් ඈත සිදුවන මිනිමැරුමක් හෝ වෙනත් සිදුවිමක් රදේශය තුල රචාරයවනුයේ යක්ෂයාගේ සිතුවිලිද සමගය.  මිනිසුන් තමන්ගේ හිතේ නැගෙන ක්රෝධය වෛරය දකින හමුවෙන හැමදෙනාටම පෙන්වයි. මෙය මෝඩ හැසිරිමක් වුවත් සිදුවන්නේද එයමය. ඈත රදේශවල සිදුවන හොඳදේ   සාමකාමි දේ  මේ රදේශයේ කිසිකෙනෙක් නොදනි. එවැනි හොඳදේ ගැන කතාකරන්නේද නැත. එහෙත් නරක ආරංචි ඉක්මනින් පැතිරයයි. දිනපතා පුවත්පත් කියවන අසල්වැසියන්ගේ කේන්තිය වැඩිවි ඉවසීමේ සීමාව ඉක්මවා යනබවක් ඔහුට පෙනෙන්නටවිය.

 ‘‘මෙහේ ඉන්න උන්ගෙ අයට ගහන්න  ඕන. අසල්වැසියන් කේන්තියෙන් වෛරයෙන්  කතා කරන්නට විය.

‘‘උන් අපේ ගැහැණුන්ටත් ළමයින්ටත්  කරදරකරල. මිනිසුන් `ඩමින් කියනු ඔහුට ඇසුණි. 

‘‘අපි උන්ට පාඩමක්  උගන්නන්න  ඕන. උන් එහේ අපේ අයට කරන දේවල් අපි මෙහේ උන්ගෙ අයට කරන්න  ඕන. උන්ට තේරෙන බාසාවෙන් අපිත් කියල දෙන්න  ඕන. මිනිසුන් කේන්තියෙන් කතාකරනවා ඔහුට ඇසුණි.

මෙහේ බලන්න. ඔහු කියන්නට උත්සාහකළේය. කන්තෝරුවේ ඔහු `ගම මේසයේ වැඩකරන මිතුරාද ලියුම් බෙදන්නාද බුලත්විටි කඬේ බුලත්විට විකුණන්නාද බැංකුවේ වැඩකරන ඔහුගේ මිතුරාද ඔහුට සිහිවිය. ඔවුන් සියලූදෙනාම අනිත් ඡුාතියේය. මේවනතුරු ඔවුන් ගැන කිසිම ගැටලූවක් ඔහුට නොවීය. ඔවුන් සියල්ලම හිතවතුන් පමණි. ඔවුන්ගේ ඡුාතිය පිළිබඳව ඔහුට රශ්ණයක් නොවීය. සියල්ලෝම සිනහවෙන් මුව සරසාගත් කියනදේට ඇහුන්කන් දෙන එකිනෙකාට ගරුකරන හිතවතුන්ය. දැන් ඔවුන් පෙනෙනුයේ වෙනත් ඡුාතියක මිනිසුන් ලෙසය. තමන්ගේ අසල්වැසියන් අනෙක් ඡුාතිය කෙරෙහි තර්ඡුනාත්මකව කියනවිට ඔහුට බොහෝ දේ මැවි පෙනෙන්නට විය. තැපල් කන්තෝරුවේ මිතුරාව පාරමැද කපාකොට දමා තිබෙනවා මෙන් ඔහුට මැවි පෙනෙන්නට  විය. ඔහුගේ මිතුරාගේ කුඩා සුරතල් දියණිය ඔහුට මතක්විය. මිතුරාගේ ගෙදරට ගියවිට දොඩම්යුෂ වීදුරුවක් ඔහුට ගෙනඑන ඔහු ඉදිරියේ ගයන නටන සුරතල් දැරිය පාසල් යනවිට ඔහු අයත් ඡුාතියේ දාමරිකයන් ඇය පසුපස  පන්නාගෙනයන අයුරු ඔහුට මැවි පෙනෙන්නට විය. මේ සිහිවන දේ දරාගැනිමට නොහැකිවු ඔහු සිතින් වැලපෙමින් කොඳුරන්නට විය. දෙවියනේ මට සමාවෙන්න.

තමාගේ මිනිසුන්ට කරුණු කියාදිමෙන් තත්වය යම් රමාණයකට පාලනය කිරිමට ඔහු උත්සාහකළේය. මේ බලන්න. ඔය කියනදේවල් කිසිදෙයක් මේපැත්තෙ සිදුවෙලා නෑ. එහෙත් එය පලක්නොවන බව ඔහුට වැටහුණි. තමන්ගේ මිනිසුන් පිහි පොලූ මුගුරු වැනි ආයුධ එකතුකරන බව ඔහු දනියි. යුද්ධයකට සැරසෙන්නාක් මෙන් ඔවුන් හොඳින් සංවිධානයවේ. මේ සියල්ල සංවේදි සිතක් ඇති ඔහුට දරාගත නොහැක. ගිනිතැබිම් කැපිලි කෙටිලි මංකොල්ලකෑම් පිළිබඳ කතාබහ මෙන්ම මැරවරයන් සංවිධානය කිරිම සහ ඔවුන්ට ගෙවිම් ආදි සියල්ලම සිදුවනුයේ ඔහුගේ මාමාගේ නිවසේය.

‘‘අපි තවම මොකුත් කළේ නෑ. උන් තවත් නටාගෙන ආවොත් ඔක්කොම කම්මුතුකරනවා. අපි උන්ට තේරෙන බාසාවෙන්ම කියල දෙනවා.

මාමා නිතර කියනු ඔහුට ඇසුණි. ඉවසීමේ සිමාව ඉක්මවාගොස් ඇතිබව ඔහුට වැටහුණි. මේ සියල්ල දරාගතනොහැකි තත්වයට පත්වී ඇතිබව පෙනුනි. මිනිසුන් බේදබින්න වෙමින් එකිනෙකා දෙස සැකෙන් අවිශ්වාසයෙන් බලන්නටවිය. සැමදෙනාවම ඔහුට පෙනෙනුයේ මිනිමැරුමකට සුදානම්ව සිටින මිනිමරුවෙක් ලෙසය. මිනිසුන් ඔවුනොවුන් දෙස ක්රෝධයෙන් වෛරයෙන් බලන්නට විය. පාරතොටේ හමුවන මිනිසුන් එකිනෙකා දෙස නන්නාඳුන්නෙකු ලෙස අවිශ්වාසයෙන් සැකයෙන් බැලිම ගැන ඔහු ලඡ්ඡුාවිය. සැමතැනම බිය රාසය පැතිරයන්නට විය. ඔහු මිනිසුන් හමුවිමෙන් ඔවුන්ට ඇහුන්කන් දිමෙන් වැලකුණේය.

‘‘දන්නවද වෙලා තියෙන දේ. අහවල් පාරේ බයිසිකල්කාරයෙක්ව කපල පිහියෙන් ඇනල. පොලිසිය ඔක්කොම තොරතුරු හංගල කිසිදෙයක් කරන්නෙ නැතිව ඉන්නවා.යමෙක් කියනවා ඔහුට ඇසුනි.

‘‘අද අපේ ගෑණියෙකුට ගහලතවකෙක් කියනවා ඇසුනි.

‘‘ආරංචිද උන් අද ගෑණු ළමයින්ගෙ ඉස්කෝලෙකට පැනල. ගෑණු ළමයි හතරදෙනෙක් අතුරුදහන්වෙලා. පොලිසිය වැඩක් නැ. ඔවුන් නිකන් බලන් ඉන්නවා. මේවා අපිම නතරකරන්න  ඕන. උන්ට තේරෙන බාසාවෙන්.

නිතර නිතර ඇසෙන මෙවැනි දේවලින් ඔහු ගේ සිත පෑරෙන්නට විය. කෑමට ගත් දේ ඔක්කාරයට වමනයට එනවා සේ ඔහුට දැනුනි. කන කෑමවල කිසිම රසක් ඔහුට නොදැනේ. හිත සසල වි ඇත. තමන්ගේ බිරිඳ සහ දරුවන් දෙස බලන වාරයක්පාසා ඔහුගේ සිතට බියක් ඇතිවිය. මේ අහිංසකයන්වත් කිසිම දෙයක් තෙරුම්ගන්නෙ නැති කාලකණ්ණි මැරවරයන් අතට අහුවුනොත් මොනවවෙයිද කියල දෙවියො තමයි දන්නෙ. ඔහුගේ සිත වදදෙන්නටවිය.

රාතිරයේදි ඔහුට නින්ද නොයයි. කොයිවෙලාවක හෝ කඩාවැදිය හැකි මැරවරයන්ගේ කෑගැසිම් ඇසේදැයි ඔහු නොනිදාම කන් යොමාගෙන සිටියි. මැරයන් නිවස මංකොල්ල කෑමට, පහරදීමට දොරකඩාගෙන ආවොත් යන සිතුවිල්ල නින්ද පලවාහරියි. තමන්ගේ දරුවන් බයෙන් මොරදෙන්නාක් මෙන් ඔහුට ඇසේ. කොයිමොහොතක හෝ හිරිහැර කිරිමට මැරවරකල්ලි පැමිණේ යැයි බලාපොරොත්තුවෙන් රාතිරය පුරාවට නිදිකිරාවැටෙමින් ඔහු අවදිව සිටිමට උත්සාහගත්තේය. ඈතක බල්ලෙක් දිගටම බුරනු ඇසුනහොත් එක්වරම නැගිටන ඔහු ගින්නකින් ඇතිවන අහසට නැගි ගිනිදැල් මතුවි ඇත්දැයි බැලිමට එබීබලයි.

‘‘මොකක්ද සද්දෙ’’ බිරිඳ නින්දෙන්ම අසයි.

‘‘මොකුත් නෑ ඔයා නිදාගන්න. එසේ කියන ඔහු නැවතත් ඇඳට පැමිණ නිදාගැනිමට උත්සාහකරයි. කිසිවක් සිදුනොවිම ගැන ඔහුට සහනයක් දැනුනි. හදිසියේ කවුරුන් හෝ පැමිණියහොත්, යමක් සිදුවුවහොත් ආත්මාරක්ෂාව සඳහා ඔහු දරමඩුවේ තිබු පොරව ගෙනවිත් රහසින්ම ` තබාගත්තේය. වාහනයක් වේගයෙන් යන ශබ්දය ඇසුණගමන් කලූවරේම  ඡුනේලය `ගට ඇදෙන ඔහු එබීබලයි. එම වාහනය මිනිමරු දාමරික කෝලාහලකරුවන්ට වෙඩිතියන්න පස්සෙන් පන්නන පොලිස්වාහනයක් නොවන බව සැකහැරගැනිමට වාහනය යනතුරුම ඔහු බලාගෙන සිටයි. දිනපතා රාතිරයේ ඔහු මෙලෙස කල්ගෙවයි. එලියවැටෙන විට දහවල් කාලය එලඹෙනවිට ඔහුට යම් අස්වැසිල්ලක් සහනයක් ලැබේ.

එලඹෙන 29 බදාදා දිනය තීරණාත්මක දිනයක් බව හැමදෙනාම කතාකරනු ඔහුට ඇසුණි. එදාට ලොකු දෙයක් සිදුවනු ඇත. මෙම දිනය යොදාගත්තේ ඇයිදැයි යන්න ගැන පැහැදිලි හේතුවක් නැතිමුත් සියලූදෙනාම එම දිනය ගැන කතාකරයි. කන්තෝ්රුවේ සියලූදෙනාම කතාකරනුයේ 29 වෙනිදාගැන පමණි. වෙන කිසිම කතාවක් නැත. මාමාගේ ගෙදර සිදුවන සංවිධානාත්මක කටයුතු දැන් උපරිම තත්වයට පත්විඇත.

‘‘මට සතුටුයි මේක 29 වෙනිදට සිදුවන එක ගැන. මාමා ඔහුට පැවසීය.

‘‘එදාට මේ තියෙන බයයි උණුසුම් තත්වයයි සදහටම ඉවරවෙයි. අපි මේ නගරෙ සුද්ද කරනවා. මෙහේ උන්ගේ අය ඉන්නෙ ලක්ස එකහමාරක් විතර.  වගේද අපි.  ඔහු නගරයේ මිනිසුන්ගේ ඡුාති රතිශතය ගැන කියවයි.

අවසන් හෝරාව `ගාවෙමින් පවතියි.  මේ සියලූ සුදානම් සහ වැඩපිලිවෙලවල් සමගම ඔහුගේ  සිතට රශ්ණයක්ද නැගුනි. කවුද ඉස්සෙරලම වැඬේ පටන්ගන්නේ. කොයිපැත්තෙන්ද මුලින්ම වැඬේ පත්තුකරන්නෙ. වෙලාවක් බලල එක් ඡුාතියක කෙනෙක් අනෙක් පැත්තෙ එකෙකුට කම්මුලට ගහල නැකතට වගේ චාරිතරානුකූලව වැඬේ පටන්ගන්නවද. 

‘‘හිතමු එහෙම කිසිදෙයක් වුනේ නැ කියල’’ ඔහු මාමාට තමාට ඇතිවුන රශ්ණය ඉදිරිපත්කලේය.

‘‘කොහොමද හිතන්නෙ මොකුත් වෙන්නෙ නෑ කියල. අපි දන්නවා උන් මොනවද කරන්නෙ කියල. හැමදාම ? උන් එකතුවෙනවා. ඇයි උන් රැුට ? එකතුවෙලා කතාකරන්නෙ. මාමා පිළිතුරු දුන්නේය.

‘‘ඔවුන්ට ? මිසක් වෙනවෙලාවක් නැතිව ඇති කට්ටිය එකතුවෙන්න.ඔහු කීවේය.

‘‘අපි කැමති නෑ මිනිසුන් වෙලාවට එකතුවෙනවට. කලබල කරන්න අපේ කිසිම අදහසක්නෑ. ඒත් මොනවහරි වුනොත් අපි උන්ව නැත්තටම නැතිකරල දානවා. ඒක පැය කිහිපයක වැඩක්. හරියටම වැඩක් පටන්ගන්න ස්විච් බොත්තමක් ඔබනව වගේ. ඒත් අපි ඉස්සරවෙන්නෙ නෑ. පුලූවන්තරම් ඉවසනවා. මාමා නැවතත් කීවේය.

ආරක්ෂාකාරි පියවරක් අනුගමනය කරමින් බොහෝ කඩසාප්පු 29 දින වසා දමා තිබුණි. අද ඉස්කෝලෙ නෑ දරුවන් සතුටින් කෑගසන්නට විය. තාත්තා දන්නවද ඇයි කියල අද ලොකු සටනක් ඇතිවෙනවලූ. දරුවන් එය ගැන සැහැල්ලූවෙන් සහ සතුටින් කතාකිරිම ගැන ඔහුට කේන්තියක් මෙන්ම යම් ඉරිසියාවක්ද දැනුනි. ඔහු රැුකියාවට යාමට සුදානම්විම ගැන බිරිඳ කැමැත්තක් නොදැක්විය.

‘‘ඇයි ඔයා යන්නෙ. කවුරුත් අද වැඩට යන්නෙ නැ’’ අසල්වැසියන් ගැන සඳහන්කරමින් බිරිඳ පැවසිය.

ඇගේ රශ්ණයට ඔහු සිනාසුනි.

‘‘ඔයාට  ඕනනම් ගේ ඇතුලට වෙලා ඉන්න. ඔයා බයහින්දනේ එහෙම කරන්නේ’’

‘‘කවුරුත් බය නෑ. මාමා ` ඉන්නනිසා අපිට බයක් නැ. ඇය කිව්වාය.

කන්තෝරුවේ සගයන් වැඩිදෙනෙක්  සේවයට පැමිණ නැත. පැමිණියයුතුම නිසා ලොක්කා  ඇවිත් සිටියි. නොපැමිණි සියලූ දෙනාම හදිසි පුද්ගලික කාරණාවක්නිසා නිවාඩු ගෙන ඇත. පැමිණි සිටි කිහිපදෙනාද කතාකලේ අද දවසේ සිදුවිය හැකි දෙය ගැනය. ඔවුන් කියවන කටකතා සහ බියකරු තත්වය නිසා ඔහුගේ හිස ගිනිගත්තාක්මෙන් විය. ඔහු එම කතා ඇසිම පිලිකුල් කළේය. වැඩක් කිරිමට වාඩිවුවත් සිහියට එන්නේ වෙනත් දේය. එය මගහැරිම සඳහා ඔහු පරණ ලිපිලේඛණ නැවත නැවත කියවන්නට විය. වෙලාව යනවා ඔහුට නොදැනුනි. ඔහු කන්තෝරුවෙන් එලියට බසිනවිට ? හතහමාරත් පසුවිය. පරණ ලිපිගොනුවලට යොමුවිමෙන් ඔහුගේ සිතේ තිබු තිගැස්සිම සමනය වෙමින් පැවතියමුත් එලියට පැමිණිවහාම ඉක්මනින්ම ගෙදර යායුතුයැයි සිතිවිල්ල ඇතිවුණි. ගෙදර මොනවවෙලාද කියල දෙයියො තමයි දන්නෙ. දිනපතා ඔහු ගෙදර යන පාර දුරවැඩියැයි ඔහුට සිතුණි.  අවුල්වු හිතට දැනුනේ දිනපතා යන පාරෙන් යෑමට පැයගනනාවක් ගතවේ යනුවෙනි. හොඳම සහ කෙටිම පාර කන්තෝරුව ඉදිරිපසින් ඇති පටු අඩිපාර දිගේ ගෙදර යාමය. සමහර දිනවල ඉක්මනින් ගෙදර යාමට අවශ්යවු අවස්තාවලදිත් ඔහු මෙම පාරදිගේ ගෙදර යනමුත් දිනපතා එම පාරේ යාමට ඔහු එතරම් කැමැත්තක් නැත. පාරපටු විමත් දෙපැත්තේම කුණු කානු තිබිමත් සහ දඩාවතේ යන බල්ලන් බහුලවිමත් නිසා ඔහු එම පාරදිගේ යාමට වැඩිකැමත්තක් නැත. වෙලාව බැලූ ඔහු කලූවරේම පටුපාර දිගේ ඉදිරියට ඇදුනේය.

ඔහුට යාහැකි වුයේ ටික දුරකි. කලූවරේම ඉදිරියෙන් බයිසිකල් කරුවෙක් ඔහු ඉදිරියේ නැවතුණි. එකිනෙකාට ඉඩදි පාරේ මොනපැත්තට අයින්විය යුතුදැයි දෙදෙනාටම එක්වර තීරණය කළ නොහැකිවිය. එක් වතාවක් දෙදෙනාම පාරේ දකූණු පැත්තට අයින්විය. නැවතත් දෙදෙනාම පාරේ වම්පැත්තට අයින්විය. කොයිපැත්තට අයින්විය යුතුදැයි සිතමින් දෙදෙනාම එහාට මෙහාට වෙද්දි බයිසිකලයේ පැඩලයෙන් කකුල ලිස්සාගිය බයිසිකල් කරු ඔහුවත් පෙරලා ගෙන බිම වැටුනි. දෙදෙනාම පාරේ දුවිලි ගොඩමතය. ඔහුගේ ඉවසීමේ සීමාව ඉක්මවාගියේය.

‘‘බයිසිකල් පදිනවනම් පරිස්සමින් පදින්න බැරිඇයි. ඔහු බයිසිකල්කරුට බැනවැදුනේය.

‘‘ඇස් පේන්නෙ නැද්ද. බයිසිකල් එකක් එනව දැක්කෙ නැද්ද’’ නැගිටගත් බයිසිකල්කරුද කෑගැසිය.

‘‘කෝ බයිසිකලේ ලයිට්’’

‘‘මගේ ගෙවල් පැත්තෙ මගෙන් ලයිට් අහන්න උඹ කවුද’’ එසේ කිවු බයිසිකල්කරුවා ඔහුගේ කම්මුලට ගැසිය.

තරහගිය ඔහු බයිසිකල්කරුගේ බඩට ගැසිය. වටින් පිටින් සෙනග පිරෙන්නට විය.

‘‘මූ අපේ පැත්තෙදිම අපේ එකෙකුට ගැහුවා. මුන්ට කොහොමද එහෙම හයියක්. මූට පාඩමක් උගන්වන්න  ඕන. අපි බයවෙයි කියලද උඹල හිතන් ඉන්නෙ. පිරිස අතරින් කෙනෙක් කෑ ගැසීය. පිරිසගේ ශබ්ද වැඩිවන්නට විය. කේන්තියෙන් කෑගැසිම් උගරවන්නට විය. ඔහුගේ කන් බිරිවන තරමටම කෑගැසිම්ය. කෙනෙක් ඔහුට පොල්ලකින් පහරදුන්නේය. සමගම තවකෙක් මිට මොලවා ඇන්නේය. පිහියක් දිලිසෙනවා ඔහුට පෙනුනි. තමාගේ අවසානය `ගාවි ඇතිබව ඔහුට දැනුනි. තවතවත් කණ්ඩායම් පැමිනෙනවා ඔහුට පෙනුනි. එකිනෙකා අතර වු බැඳිම් සහ සබඳාතාවල වැදගත්කම ගැන රැුස්ව සිටි පිරිසට කියාදිමටත් මෙය වහාම නැවත්වියයුතු  බව කිමටත් ඔහු උත්සාහකලේය. එහෙත් ඔහුගෙන් කිසිම වචනයක් පිටනොවුනි. සැමපැත්තෙන්ම ඔහුව හිරවි ඇත. තවදුරටත් ඇතිවන තත්වය දරාසිටිමට නොහැක. රැුස්ව සිටි සියලූදෙනාම තමතමන්ගේ ශක්තිය ඔහු වෙත මුදිහරියිි ඔහුගේ ශරීරයේ කෑලි සමහරු ඉරා ගන්නවාක් මෙන් ඔහුට දැනුනි. ඔහුගේ දෑස් නොපෙනිගෙන යයි. ගත සැහැල්ලූවෙනවා සේ ඔහුට දැනේ.

‘‘මෙතන සිදුවුන කිසිම දෙයක් මම මගේ මාමාට කියන්නෙ නෑ. මේ කලබල පටන්ගත්තෙ මම නිසා කියනවට මම කැමතිනෑ. නගරය විනාශවෙන්න දෙන්න බෑ. කලබල ඇතිවෙන කිසිම දෙයක් මම කියන්නෙ නෑ. කලබල ඇතිකරන ගිනිදල්වන බොත්තම ඔබන්න හේතුවන කිසිවක් මම කියන්නෙ නෑ.  එහෙම වුනොත් ඔබ මම අපි ඔක්කොම විනාශවෙනවා. කිසිම කෙනෙකුට වාසියක් වෙන්නෙ නෑ. ඔබේ ඡුාතිය මගේ ඡුාතිය කියල දෙයක් නෑ. අපි හැමෝම මේ රටේ. මම මගේ බිරිඳ සහ ලමයි ඔබ ඔබේ බිරිඳ සහ ඔබේ ලමයි. අපි එකිනෙකාගේ බෙලි කපාගන්න දෙන්න එපා. කවුරු කාගේ බෙල්ල කපනවද කියල වැඩක් නෑ. හැමදෙනාම මට එකයි. අපි මේක කරන්න හොඳ නෑ. මම මාමාට කියන්නම් මාව කන්තෝරුවෙ පඩිපෙලෙන් වැටුනයිකියල. ඔහු කවදාවත් දැනගන්න එකක් නෑ ඇත්තට සිදුවුනේ මොකක්ද කියල. මම නිසා මාමා කලබල පටන්ගන්න බොත්තම එබියයුතු නෑ. ඔහු තමාට පහරදෙමින් සිටි `ගම සිටිකෙනෙකුට කෙඳිරිගෑවේය.

එහෙත් වනවිට බොත්තම එබි සියල්ල ආරම්බවි තිබුණි.  අඩිපාරේ සිදුවු සිද්ධිය පැය කිහිපයක් ඇතුලත නගරය පුරාම දැනුවත්විය. ඔහුගේ මාමා සහ අනෙකුත් මාමාලා වැඩ අරඹා තිබුනි. එයින් ඇතිවුන තත්වය මෙහි විස්තරකළ යුතු නැත. ඔහුට නැවතත් කතාකිරිමට හැකිවුනොත් ඔහු නගරය බේරාගැනිම සඳහා ඔහුට සිදුවු දෙය `ගවා බොරුවක් කියනු ඇත. නමුත් එය එසේ සිදුනොවිය. කුණුකානුවක තිබු ඔහුගේ මිණිය පසුදින පොලිසිය විසින් සොයාගන්නාලදි. හඳුනාගැනිමට අපහසුවු ඔහුව හඳුනාගනු ලැබුවේ කමිස සාක්කුවේතිබු බූමිතෙල් සලාක කූපනයෙනි

 

ඉන්දියානු ලේඛක ආර්. කේ. නාරායන් ගේ  " Another Community"    කෙටිකතාව සිංහල පරිවර්තනය  ආචාර්ය ඡගත් රූපසිංහ